ඇමැති වජිරගේ ජීප් රියේ ගැටී කාන්තාවක මරුට
අක්මීමන, ගොනාමුල්ල මංසන්ධියේදී පසුගිය 1දා ස්වදේශ කටයුතු භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගමන්ගත් ජීප් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාව පෙරේදා (4දා) පස්වරුවේ මියගොස් ඇත.
ඇමැතිවරයා ගමන් ගත් රථයේ රියැදුරු අනතුර සිදුවූ දිනම අක්මීමන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රියැදුරු සහ අනතුරට මුහුණ දුන් ජීප් රථය එදිනම නිදහස් කෙරිණි.
මේ අනතුරින් බරපතළ තුවාල ලබා හදිසි අනතුරු අංශයේ තෙදිනක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ගොනාමුල්ලේ පදිංචි තල්පේ මැදදූවගේ ඉන්ද්‍රාණි නමැත්තිය පෙරේදා මෙසේ මරුමුවට පත්ව ඇත.
Source: Gossiplankanews