Unregistered වාහනයක් ගන්න විදිය සරලව

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Unregistered වාහනයක් ගන්න විදිය සරලව

    ලියාපදින්චි නොකල..එහෙමත් නැත්තම් unregistered ..එහෙමත් නැත්තම් brandnew වාහනයක් ගන්න එක අපි කාගෙත් බලාපොරොත්තුවක්..මේ මොහොතේ හෝ..ජීවිතේ කොයි යම් මොහොතකදී හෝ ඔබට සේල් එකකට ගිහිල්ලා unregistered වාහනයක් මිලදී ගන්න අවස්තාවක් යෙදෙන්න පුලුවන්..එහෙම අවස්තාවක් යෙදුනම සේල් එකකට ගිහින් ලියාපදින්චි නොකල අලුත් වාහනයක් මිලදී ගන්න විදිය තමයි..සරලව..කෙටියෙන් කියාදෙන්න හදන්නේ..ඔය වාහන බාස්ලා.වාහන බ්‍රෝකර්ලා..වාහන ගැන දන්නවා කියන එවුන් කවුරුත් නැතුව ඔබට තනියම ගිහින් සේල් එකකින් හොද වාහනයක් මිලදීගන්න විදිය කියාදෙන්නම්..මොකද ජීවිතේ කවදාවත් unregistered වාහනයක් සේල් එකකින් මිලදීගෙන නැති කෙනෙක්..මේක කෙරෙන විදිය දන්නේ නැ..ඉතින් බ්‍රෝකර්ලා අරුන් මෙවුන් එක්ක ගිහින් නිකම් අතේ තියන පිච්චිය කෙලවගන්නවා..එහෙම කෙලවගෙනත් ජරාවල් වලට කරගහනවා..එහෙම නැතුව තමන් තනියම ගිහින් සේල් කාරයත් හොල්මන් කරලා හොද වාහනයක් තෝරාගෙන එන හැටි පියවරෙන් පියවර කියාදෙන්නම්..
    මේක ලියන්නේ..කවදාවත් සේල් එකකින් unregistered අලුත් වාහනයක් මිලදීගෙන නැති යාලුවන්ට ඒ ගැන අවබෝධයක් ලබාදෙන්න...හොදයි එහෙනම් පටන් ගමු..

    මුලින් තමන්ගේ අතේ තියන මුදල අනුව තමන්ට හොදයි කියලා හිතෙන වාහනයක් කල්පනා කරගන්න ඕනි..අපි හිතමු අතේ තියෙන්නේ ලක්ශ 30ක් කියලා..ෆිනෑන්ස් එක ලක්ශ 10ක් දානවා කියලා හිතමු..එහෙමනම් ලක්ශ 40කට තමන්ට හොද වාහනේ මොකද්ද කියලා බලන්න ඕනි....ඉඩ කඩ..ඉන්දන කාර්‍යක්ශමතාව..පෙනුම වගේ සරල දේවල් ඉස්සරලා බලලා...තමන්ට හරියන වාහනේ තීරණය කරන්න.ලොකු දේවල් මුකුත් බලන්න තමන් දන්නේ නැතිඋනාට කමක් නැ..තමන්ට හිතට අල්ලන වාහනේ තිරනය කරන්න..එහෙම බලල අපි හිතමු අපි තීරණය කරා ටොයෝටා axio එකක් ගන්න..හරි එහෙමනම් ඊලගට මොකද්ද කරන්නේ...

    ඊලගට කරන්න ඕනි සේල් හැම එකකටම ගිහිල්ලා තමන් කැමති පාට තමන්ගේ හිතට අල්ලන වාහනේ තෝරගන්න..ඔයාලා වාහනේ තත්වේ..හැප්පිලා හදලද..එන්ජින් ගියර් බොක්ස් කොහොමද වගේ ලොකු දේවල් මුකුත් හිතන්න එපා දැන්ම..ඉස්සරලා සේල් ඔක්කොගෙන්ම තමන්ට හිතට හරියටම ෆිට් වෙන පාට වාහනේ තෝරගන්න..තෝරගෙන මිල සාකච්ඡා කරන්න සේල් එකේ කෙනත් එක්ක..ඔයාලා තෝරගන්න වාහනේ දැනට යන මිලගනන් පිලිබද ඔයාලට අවබෝධයක් ගන්න පුලුවන් ikman.lk වගේ වෙබ් එකක් බලලා..එතකොට ඔයාලට අවබෝධයක් එනවා ikman.lk එකේ unregistered axio එකක මිල යන්නේ මේ මේ ගනන්..එහෙමනම් මේ සේල් එකේ කෙනා කියන මිල සාධාරණද කියලා කල්පනා කරන්න පුලුවන්..මොකද සමහර සේල් වල අය සාමාන්‍ය වෙලදපලේ ලක්ශ 36ට විකිනෙන වාහනේට ලක්ශ 39ක් විතර කියන වෙලාවල් තියනවා..එහෙම වෙලාවට ඔයාලා ගන්න වාහනේ අවුරුද්ද සහ මිල ඒ වගේ වෙන වාහන ikman එකේ විකිනෙන්නේ කියටද කියලා බලලා තිබ්බම ඔයාලට මිල ගනන් පිලිබද හොද අවබෝධයක් එනවා..අපි හිතමු axio 2015 එකක් අපි ගන්නේ කියලා..අපි ඉක්මන් එකේ ටයිප් කරලා බලනවා axio 2015 කියලා එතකොට ඒකේ දාලා තියන මිල ගනන් පේනවා..මතක තියාගන්න..දාලා තියන මිලෙනුත් ලක්ශයක් හමාරක් වගේ අඩුකරලා ඕවා විකිනෙන්නේ.එතකොට වෙලදපලේ මිල පිලිබද තමන්ට අවබෝධයක් එනවනේ..අපි සේල් එකට ගිහින් බලද්දී සේල් එකේ කෙනා කිවුවොත් "එන්න මාතියා ..මේක 2018 ටොයෝටා විට්ස් safty එක.මේකේ මේ මේ ඔප්ශන් තියනවා .මේක ලක්ශ 45 ට දෙන්නම් කියලා"..ඔන්න එතකොට අපි ඉක්මන් එකේ බලනවා toyota vitz safty 2018 මිලගනන්.ඒ ඒ ඔප්ශන් අනුව.එහෙම බලලා සේල් එකේ එකත් එක්ක මිල සාකච්ඡා කරනවා..කරලා අඩුකරලා ඉල්ලනවා..මිල සාධාරණයි වගේනම් ලොකු ගනන් අඩුකරලා ඉල්ලන්න ඕනි නැ.(මිල ගනන් කතාකරද්දී කියන්න දැන් ඇඩ්වාන්ස් කරනවා අන්තිම කීයටද කරන්නේ කියලා..දැන් ඇඩ්වාන්ස් කරනවා කිවුවම..ගොඩක් අඩුකරනවා ඇඩ්වාන්ස් කරනවනම් ඒ වෙලාවට)
    කාගෙවත් උදවුවක් නැතුව වාහන මිල පිලිබද අවබෝධයක් ලබාගන්න විදියයි..සේල් එකේ කෙනත් එක්ක මිල සාකච්ඡා කරලා අවසන් මිලක් තීරණය කරගන්න විදිය ඔය කිවුවේ..

    ඔන්න..අපි සේල් වල බැලුවා..අපිට හිතට හරියන පාටින්..හිතට හරියන වන්ඩියක් තෝරගත්තා..මිල ගනන් කොහොමද කියලත් කතාකරගත්තා...දැන් තියෙන්නේ අපි තෝරගත්ත වාහනේ තත්වය..හැප්පිලා හදලද..මීටර් කරකවලද..රී පේන්ට් කරලද..වින්ඩ්ස්ක්‍රීන් මාරුකරලද ..අනම් මනම් බලන එක..මොකද ගන්න කලින් ඒවා දැනගන්න එපැයි..ඒක කරන්නේ මෙහෙමයි..අපි තෝරගන්ත වාහනේ අපි මිලදී ගන්නේ..ටොයෝටා වාහනයක් නම් අපිට පුලුවන් අපි මිලදී ගන්න සේල් එක ලගම තියන ටොයෝටා ලන්කා කොම්පැණි ශාකාවෙන් අපි ගන්න වාහනේ ඉන්ස්පෙක්ශන් එකක් කරලා රිපෝට් එකක් ගන්න..සේල් එකේ කෙනාට කිවුවම වාහනේ ගන්න කලින් අපි ටොයෝටා ලන්කා දාලා බලලා ගන්නේ කියලා එයා ඩ්‍රයිවර් කෙනෙකුත් එක්ක ඔයාට වාහනේ දෙයි.සේල් හැම එකකින්ම එහෙම දෙනවා..කවුරුත් අකමැති වෙන්නේ නැ.කවුරුහරි සේල් කාරයෙක් ඒකට අකමැති නම් අනිවාර්යයෙන් හොරයක්..ඒ වගේ තැන්වලින් ගන්නම එපා...ඔයාට තියෙන්නේ වාහනේ අරන් ගිහින් ටොයෝටා කොම්පැණි එකට දාපුවම..එයාලා ඔයාගෙන් රුපියල් 7000ක් අයකරලා පැය තුනක් විතර වාහනේ පරීක්ශා කරනව..scan කරනවා..හැපිච්ච එකක්ද..ජල්තරයක්ද..ගන්වතුරට අහුවෙලාද..සුනාමියට ගියපු එකක්ද..එන්ජිම කොහොමද..ගියර් බොක්ස් එක කොහොමද ..නෝර්මල් ෆීලින් එක තියනවද..එන්ජිමේ මුකුත් ඇබ්නෝර්මල් සද්ද එනවද..සුක්කානම හරවනකොට නියම ෆීලින් එක තියනවද..දොරවල්වල බීඩින් පවා ගලවලා බලනවා හරියටම තහවුරු කරගන්න ඕනි උනොත්..මොකද එයාලා ඔයාට ලිඛිත රිපෝට් එකක් දෙනවා වාහනේ තත්වේ ගැන..ඒකට එයාලා වගකියන්ඩ ඕනි නිසා.ඩ්‍රයිව් කරලත් බලනවා..ඒ බලන්නේ ටොයෝටා ලන්කා එකේ ඉන්නවා එන්ගලන්තේ වගේ automobile engineering diploma කරපු අය..එයාලා පරීක්ශා කරන එක අපි නිකම් එකෙක් බලනවට වඩා ඇඩ්වාන්ස් නිසා ඒක වටිනවා..ඉතින් ඉන්ස්පෙක්ශන් එකේදී එයාලා කියනවා ඔයා තෝරගන්ත වාහනේ තියන අඩුපාඩු.ගන්නද එපාද කියලා කියලා දෙනවා.ඒවා බලලා ඔයාට තීරණය කරන්න පුලුවන් ගන්නවද නැද්ද කියලා..ඔයාට නොතේරෙන ඕනිම දෙයක් එයාලගෙන් අහන්න පුලුවන් ..මීටර් කරකවලා..බෆර් එකක් ඇදවෙලා..දොරක් රීපේන්ට් කරලා වගේ දේවල් තිබ්බොත් ඒවා ලොකු අවුල් නෙමෙයි..හැප්පිලා නැත්තම්..එන්ජින් ගියර් බොක්ස් හොදයිනම්..හයිබ්‍රිඩ් සිස්ටම් හරියට වැඩනම්..ලොකු අවුලක් නැ..ටොයෝටා ලන්කා එකේ ඉන්ස්පෙක්ශන් කරන්න වෙලාවක් බුක් කරන්න ඕනි..බුක් කරලා දවසකින් දෙකකින් වගේ වෙලාවක් හම්බවෙන්නේ..එතකම් අපි තෝරගන්ත වාහනේට රුපියල් දහදාහක්..උපරිම විසිදාහක් වගේ ඇඩ්වාන්ස් එකක් කරත් කමක් නැ ඊට වඩා එපා...ඉන්ස්පෙක්ශන් ෆේල් උනොත් ඇඩ්වාන්ස් එක රිටන් කරන්න කැමති කරවගෙන ඇඩ්වාන්ස් කරන්න..අද බුකින් එකක් දැම්මනම් අනිද්දා නම් වෙලාවක් හම්බවුනේ එතකම් බලපු වාහනේට ඇඩ්වාන්ස් කරන්න..නැත්තම් අනිද්දාම ගිහින් වාහනයක් බලලා ඒ වෙලාවෙම ඉන්ස්පෙක්ශන් දාන්න..අනිද්දා දවල් දෙකට නම් ඉන්ස්පෙක්ශන් තියෙන්නේ උදේ වරුවේ වාහනයක් තෝරගන්න..එතකොට ඇඩ්වාන්ස් නොකරම ඉන්ස්පෙක්ශන් දාන්න පුලුවන්..ඉන්ස්පෙක්ශන් ඕකේ නම් කෙලින්ම ගන්නවා..
    (පාවිච්චි කරපු පරන වාහනයක් උනත් ටොයෝටා නම්..ටොයෝටා ලන්කා එකේ ඉන්ස්පෙක්ශන් කරනවා)

    ඔයා ගන්නේ ටොයෝටා වාහනයක් නෙමෙයිනම්..මේ ඉන්ස්පෙක්ශන් එක කරගන්න වෙනත් ආයතන තියනවා..
    car checks pvt ltd වගේ ඒවා..facebook එකේ car checks pvt ltd කියලා ටයිප් කරලා විස්තර බලන්න..ඒකෙත් කෙරෙන්නේ ටොයෝටා ලන්කා වගේම වාහනේ ගන්න කලින් ඉන්ස්පෙක්ශන් කරන එක..ටොයෝටා ලන්කා එකේ කරන්නේ ටොයෝටා වාහන විතරයි නිසා අනික් වර්ගවල වාහනවලට හොදම car checks pvt ltd..මමනම් ඒකේ ඉන්ස්පෙක්ශන් එකක් කරලා නැ..ඒක නිසා ලොකු විස්තරයක් දන්නේ නැ..නමුත් දන්න අය කරලා තියනවා..එයාලගේ ෆේස්බුක් පිටුවේ විස්තර ගොඩක් තියනවා..ඒවා බලන්න..

    ඔන්න ඉන්ස්පෙක්ශන් එක කරලා ඉවරයි..දැන් සේල් එකට යනවා ආපහු වාහනේ නැගලා..දැන් වාහනේ හොදයි කියලා හිතට ෆිට්..අඩුපාඩු මොනවහරි තියනවා කියලා කිවුවොත් ඒවට තව ගාන අඩුකරන්න ඕනි සේල් එකේ එකාට කියලා..හැප්පිලා හදලා වගේ ලොකු කේස් නම් ගන්නේ නැතුව අතහැරලා දාන්න ඕනි.ටොයෝටා ලන්කා එකෙන් ඔක්කොම කියලා දෙනවා අඩුපාඩු ගැන...සේල් එකේ එකාට ගිහින් කියන්න ඕනි ටිකත් කියලම දෙනවා..ගන්නද එපාද කියලත් කියනවා..අඩුපාඩු මුකුත්ම නැති සුපිරි බඩු සෙට් වෙනවා..තමන් තෝරගන්න එක එහෙම එකක් උනොත් කිසිම අවුලක් නැ..
    ඔන්න දැන් ඉන්ස්පෙක්ශන් හරි..ඔන්න ඉන්ස්පෙක්ශන් එකෙන් පස්සේ ඒ වාහනේම නැගලා සේල් එකට ගියා..දැන් තියෙන්නේ වාහනේ ගන්න කොටස..

    තමන් කල්පනා කරන්න ඕනි ෆිනෑන්ස් කීයක් දානවද කියලා..අවුරුදු පහකින් විතර ටික ටික ගෙවාගෙන යනවනම් එහෙමයි..නැත්තම් ෆිනෑන්ස් එකක් දාන්නේ නැතිව auto draft loan එකක් දානවා..ඒකෙදී කෙරෙන්නේ ඔයා ලෝන් එක දාන්නේ ලක්ශ 10නම් ඒ 10ට අදාලව මාසේ පොලිය විතරයි ඔයා ගෙවන්න ඕනි.අවුරුද්දක් වගේ ඇතුලත ඔයා ලක්ශ 10 එකපාර ගෙවන්න ඕනි..එතකම් මාසේ පොලිය විතරක් ගෙවුවනම් ඇති..ලක්ශ 10ට මාසේ පොලිය ගෙවද්දී මාසෙට 16000ක් වගේ එයි.මේ.විස්තර ඔයා ෆිනෑන්ස් එක දාන්න කැමති කොම්පැණි එකත් එක්ක කතාකරන්න..එහෙම කරලා ඔයා කෝල් එකක් දෙන්න අහවල් සේල් එකේ ඉන්නේ වාහනයක් තෝරගත්තා කියලා.එතකොට ඒ කොම්පැණි එකෙන් ඇවිල්ලා වාහනේ තක්සේරු කරලා ඔක්කොම කරලා සේල් එකේ කෙනත් එක්කත් කතා කරලා ඔයාට වාහනේ යතුර දෙයි.ඔයා අතින් දෙන මුදල සේල් එකේ එකාට දීලා රිසිට් එකක් ඉල්ලගන්න...ෆිනෑන්ස් කොම්පැණිය ඔයාගෙන් අවශ්‍ය ලියකියවිලි ඉල්ලයි..ඒ ටික දීලා ඔය වැඩේ එක දවසින් කරගන්න පුලුවන් බොහෝවිට ..ඒක ඉතින් ඔයාගේ ෆිනෑන්ස් නියෝජිතයාගේ උනන්දුව මත තමා..ඔයාට කරන්න කිසිම දෙයක් නැ..වාහනේ ලියාපදින්චි කිරීමේ ගාස්තුව වගේ ගාස්තු කීපයක් තියනවා ඒවා ඔයා සේල් එකට සහ ෆිනෑන්ස් කොම්පැණි එකට ගෙවන්න ඕනි..ඔයාට වාහනේ ගෙදර ගේන්න තාවකාලික අවසරපතක් සේල් එකෙන් දෙනවා..සතියකින් වගේ නම්බර් තහඩු සේල් එකට එනවා..අද ඔයා වාහනේ තෝරගන්ත නම් ෆිනෑන්ස් වැඩේට උපරිම දවස් 2ක් යයි..බොහො අය එක දවසින් කරනවා..ඔක්කොම හරි කිවුවම ඔයා වාහනේ ගෙදර අරන් එන්න..ෆිනෑන්ස් කොම්පැණි එකට කියලා එක දවසින් කරගන්න බලන්න..ඔයා වාහනේ තෝරගෙන ෆිනෑන්ස් එකට කෝල් කරාම ඒකෙන් ඇවිල්ලා ඔක්කොම කරනවා..ඔයාට කරන්න දෙයක්ම නැ..ගාස්තු ටික ගෙවන එක විතරයි..ෆිනෑන්ස් දානකොට සේල් එකට ලග හොද ෆිනෑන්ස් කොම්පැණියක නියෝජිතයෙක් අල්ලගන්න..එතකොට ටක් ටක් ගාලා වැඩේ වෙනවා..

    එහෙමනම් ඔක්කොම හරි..ඔන්න බාස්ලා බ්‍රෝකර්ලා ..කවුරුත් නැතුව..තමන් තනියම ගිහින් සුපිරි වාහනයක් තෝරගෙන එන හැටි කියාදුන්නා..ෆිනෑන්ස් දාන එක ගැන වැඩිවිස්තර ෆිනෑන්ස් නියෝජිතයෙක් එක්ක කතා කරන්න.එයාලා කියලා දෙයි ඔයා සේල් එකේ වාහනේ තෝරගත්තට පස්සේ කෙරෙන ටික..මම ඔය කෙටියෙන් කිවුවේ..ඔය ටිකම තමයි..විස්තර කරයි එයාලා වෙන්න ඕනි විදිය...

    හොද වාහනයක් තෝරගන්න විදිය.මිලදී ගන්න විදිය දල අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා..අදහස් ප්‍රයෝජනවත් කියලා හිතනවනම් අනිත් අයටත් බලන්න බම්ප් එකක්වත් දෙන්න..

    ජයවේවා ...!!!



     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    Api vehicle inport karana kenekgen car ekak inport karoth , ekath api ඉන්ස්පෙක්ශන් ekak ganna oneda toyota lanka dala ?
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Api vehicle inport karana kenekgen car ekak inport karoth , ekath api ඉන්ස්පෙක්ශන් ekak ganna oneda toyota lanka dala ?

    import karana kenekuta kiyala genna gaddi eyata advance ekak karala kiyanna.eyata wahane genalla..clear karala oyata kiyanna kiyala.ethakota oya gihilla inspection karala aulak naththam ganna..mokada oyama clear karaganna gennagaddi mokak awath oya ganna onine..inspection dala aulak unath karanna deyak na eeta passe..eka nisa advance karala wahane awata passe oya inspection dala eeta passe ok nam eyata salli dila ganna widiyak katha karaganna..
     
    • Like
    Reactions: thusitharhm

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    TFS.
    රෙජිස්ටර් කරල නම්බර් ප්ලේට් හම්බවෙනකල් දුවන්න පුලුවන්ද?

    sale eke idala gedarata genna witharai puluwan ganna dawase..dawas dekakin thunakin sale eken oyata katha karala number eka kiyanawa..ethakota eka koleka print karagena.laminate karala gahagena duwanna puluwan number plate enakam.number plate uparima sathiyen enawa..kal yanne na.gatta dawasema duwanna ba..dawas dekakin wage number eka denagaththama..finance company eken pothe kopiyak illagena license eka aran..dum sahathike aran..duwanna puluwan.ganna dawasema finance company ekenma oya kamathi insurance company ekakin oyata full insurance eka dala denawa.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    sale eke idala gedarata genna witharai puluwan ganna dawase..dawas dekakin thunakin sale eken oyata katha karala number eka kiyanawa..ethakota eka koleka print karagena.laminate karala gahagena duwanna puluwan number plate enakam.number plate uparima sathiyen enawa..kal yanne na.gatta dawasema duwanna ba..dawas dekakin wage number eka denagaththama..finance company eken pothe kopiyak illagena license eka aran..dum sahathike aran..duwanna puluwan.ganna dawasema finance company ekenma oya kamathi insurance company ekakin oyata full insurance eka dala denawa.

    ela:love: