Unstoppable Internet Pirates

Reader

Member
Apr 24, 2015
166
28
0
බලධාරීන්ට මෙල්ල නොවන මූදු මංකොල්ලකාරයින්
pirate%2Bnew.PNG


පසුගිය කාලය පුරාවට ම අන්තර්ජාලයේ මූදු මංකොල්ලකාරයින් ගැවසෙන බොක්කට බලධාරීන් සැරින් සැරේ කඩා පැනලා ඔවුන්ට හිරිහැර කළා. එහෙම කඩා පනින බලධාරීන් මූදු මංකොල්ලකාරයින්ගේ ඩොමේන් නාම තහනම් කරන නිසා එයාලට තහනම් කරපු ඩොමේන් නාම වෙනුවට අලුත් ඩොමේන් නාම පාවිච්චි කරන්න සිද්ධ උනා. මේ නිසා ගොඩක්ම අපහසුතාවයට පත් වුනේ මූදු මංකොල්ලකාරයින්ගේ බොක්කට ගිහින් ෆිල්ම්ස් ටීවී සීරිස් ඩවුන්ලෝඩ් කරන දුප්පත් අසරණ අන්තර්ජාල පාරිභෝගිකයින්. අන්තර්ජාලෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න තියෙන විශාලතම සහ ජනප්‍රියම වෙබ් අඩවිය තමයි මූදු මංකොල්ලකාරයින්ගේ බොක්ක කියල කියන්නේ.

පහු ගිය අවුරුද්දේ ස්වීඩන් පොලීසිය අන්තර්ජාල මූදු මංකොල්ලකාරයින්ගේ බොක්ක වටලලා එයාලගේ සර්වර් කොම්පුයුටර් අත්අඩංගුවට අරන් එයාලට නඩු ගොඩක් දැම්මා. ඒ දාපු නඩු අහලා ස්ටොක්හෝම් උසාවියකින් අද තීන්දුවක් දීල තියෙනවා මූදු මංකොල්ලකාරයෝ මෙච්චර දවසක් පාවිච්චි කර කර හිටපු .se කියන ඩොමේන් එකත් තහනම් කරලා දාන්න. ලංකාවට .lk වගේ ස්වීඩන් වලට තියෙන්නේ .se ඩොමේන් එක. se ඩොමේන් එක එයාලට අහිමි කරත් මූදු මංකොල්ලකාරයින්ගේ වෙබ් සයිට් එක නං නැති කරලා දාන්න මූදු මංකොල්ලකාරයින් බලධාරීන්ට ඉඩ දීලා නෑ. එයාලා නැති උන පරණ ඩොමේන් එක වෙනුවට අලුත් ඩොමේන් පහක් ම හදා ගෙන, තව අලුත්ම අලුත් ලාංචනයකුත් හදා ගෙන වෙනදා වගේම වෙබ්සයිට් එක හොඳට කරගෙන යනවා.
se.PNG


මූදු මංකොල්ලකාරයින්ගේ බොක්කේ පරණ ලාංචනේ තිබුනේ එයාලගේ පරණ නැවක රූපයක් යටින් නිකන්ම එයාලගේ නම ලියලා. ඒත් මේ අලුත් ලාංචනේ තියෙන්නේ ඔළු ගොඩක් තියෙන හයිද්‍රා කියන අද්භූත මුහුදු ජීවියෙක් ඒ පරණ නැව උඩින්ම දත් විළිස්ස ගත්තු කටවල් ඇරන් එයාගේ ඔළු ඔක්කොගෙන්ම පහර දෙන්න ලෑස්ති වෙලා ඉන්න හැටි. ඒ ඔළු වලට පැත්තෙන් මූදු මංකොල්ලෝකාරයෝ අලුතින් පාවිච්චි කරන ඩොමේන් පහේ නමුත් ලියල තියෙනවා. මේකෙන් මූදු මංකොල්ලකාරයෝ දෙන පණිවිඩය තමයි එයාලගේ එක ඔළුවක් මරලා දමද්දී තව ඔළු ගොඩක් සටන් කරන්න ලෑස්ති වෙලා උපදිනවා කියන එක.
pirate%2Bold.PNG


thepiratebay
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    lankawa wage rata wal wala IT danuma wadi wennath oya torrent sites walin loku support ekak thiyenawaney