එක්සත් ජනපද තානාපති කාර්යාලයට අයත් අඳුරු වීදුරු සහිත කළු පැහැති වාහන කිහිපයක් සිනමන් ලේක් හෝටලයට ඇතුළු වීමට දැරූ තැත හෝටලය වට කර සිටින ගජබා රෙජිමේන්තු භටයන් විසින් වළක්වා ඇත. මෙම සම්පූර්ණ SF නාටකයම පිටුපසු සිටින්නේ ඇමරිකානු බුද්ධි ඒජන්සිය හෙවත් CIA සංවිධානය බව හෙළි වීමත් සමඟ එක්සත් ජනපද ආණ්ඩුව බලවත් අසීරුතාවයකට පත්වී ඇති බව වාර්තාවේ. ඊට හේතුව සරත් ෆොන්සේකා අත් අඩංගුවට පත්වුවහොත් කුමන්ත්රණයේ සියළු තොරතුරු හෙළි වීමට ඉඩ තිබීමයි. එක්සත් ජනපද තානාපති කාර්යාල පරිශ්රයට ඇතුළු වීමට සරත් ෆොන්සේකා මහතා ඊයේ රාත්රියේ උත්සාහ කර ඇතත් ජ.වි.පෙ. විසින් එය වළක්වා ඇති බව ද වාර්තාවේ. හමුදාවට එරෙහි කුමන්ත්රණයට හවුල් හමුදාවෙන් පැන ගොස් සිටින පිරිසක් ද දැනට මෙම පිරිස සමග සිනමන් ලේක් හෝටලයේ රැඳී සිටින අතර සන්නද්ධ හමුදා භටයන් හෝටලය ආවරණය වන සේ රඳවා ඇත.




