\v/= ඖෂධ මාෆියාවට බැටදුන් බිබිලේ ගේ ජීවිත කථා

GunsBlazing

Member
Jul 7, 2016
316
40
0
\v/= ඖෂධ මාෆියාවට බැටදුන් බිබිලේ ගේ ජීවිත කථා

maxresdefault-1-800x445.jpg

සර් මට ආයෙ ඉස්කෝලෙ එන්න වෙන්නෙ නැහැ.
ඒ මොකද බිබිලෙ.
අපේ තාත්ත නැතිවුණ හින්ද නංගිලාට මල්ලිලාට වියදම් කරන්න විදිහක් නෑ. ඉතින් මං මොකක් හරි රස්සාවක් කරන්න කියල හිතුවෙ.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත්ම ශිෂ්‍යයකුව සිටි බිබිලේ පැමිණ පංතිභාර ගුරුතුමන්ට මෙහෙම කිව්වෙ ඇස්වල කදුලු පුරෝගෙන.
අම්මට බෑ මටත් වියදම් කරන්න සර්.
මෙවැනි දක්ෂයින් බිහිවන්නේ කලාතුරකින් හින්ද පංතිභාර ගුරුතුමන් කෙලින්ම ගියේ විදුහල්පතිතුමන්ව හම්බ වෙන්න. එතනදි බිබිලෙගෙ වියදම් දරන්න මුදල් තියෙන පුද්ගලයෙක්ගෙ උදව් ගන්න මේ ගුරුවරුන් තීරණය කරනව. ඒ අනුව පාසල් ගමන නතර කරන්නෙ නැතුව දිගටම එන්න 1920 පෙබරවාරි 13 උපන් විලියම් බිබිලෙට හැකිවෙනව.
එතැන් සිට ඉතා කටුකව දිවි ගෙවූ බිබිලෙ පාසල් වැඩ කටයුතු තවත් උනන්දුවෙන් කරන්න ගත්ත. ඉහළින්ම විභාගය සමත්ව කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වෙන්න ඔහුට හැකියාව ලැබුණ. එත් ජීවිතය සුන්දර වුනේ නැහැ. බොරැල්ලේ කුඩා කාමරයක ලෑලි ඇදක නිදාගෙන වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නයි බිබිලෙට සිද්ධ වුනේ.
උඹ කාලද ඉන්නෙ මිත්‍රයෙක් බිබිලෙගෙන් ඇහුව‍.
ඔව්. පාන් කාලක් කාල වතුර බිව්ව විතරයි මචං. හැබැයි වතුර බිව්වෙ කාල ඉවර හින්ද නෙමෙයි. පන් කන්න හොද්දක් ගන්න සල්ලි නැති හින්ද කියල බිබිලෙ කියන්න ගියේ නැහැ.
මෙහෙම ඉගෙන ගත්ත බිබිලෙ වෛද්‍ය විද්‍යාලයේ පළමු පන්තියේ විශිෂ්ඨ සාමාර් ථයක්ද සහිතව දඩාබෝයි රන් පදක්කමත් ශල්‍ය වෛද්‍ය අංශයට පිදෙන රොක්වුඩ් රන් පදක්කමත් දිනාගන්නව.
එතැන් සිට ඇරඹෙන වෘත්තීය ජීවිතයෙ පළමු රැකියාව වෙන්නෙ කොළඹ ජාතික රෝහළ. පසුව ඔහු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරී තනතුරට පිත්වෙනව. අනතුරුවයි කථිකාචාරයවරයකු ලෙස සේවය කිරීම ආරම්භ කරන්නේ. අනතුරුව ඔහු එඩිම්බරෝ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය ලබාගන්නව. අනතුරුව ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධවේදී අංශයේ අංශාධිපති වෙනව.
මහාචාර් ය තිස්ස විතාරණ සහ මහාචාර් ය කාලෝ ෆොන්සේකා ඔහුගේ ගෝලයින්. මේ කාලයේ තමයි සේනක පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අලුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයේ පළමු පීඨාධිපති ලෙස පත්වන්නෙ.
අනතුරුව1970 දී සිරිමාවේ බණ්ඩාරනායක අගමැතිනිය ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීමට ආරාධනා කරනව. බෙහෙත් වෙලදාවේ බොරුව හෙලිකළ මහාචාර් ය සේනක බිබිලේ චරිතය වඩාත් කථාබහට ලක්වන්නේ එතැන් සිටයි. ඔවුන් ප්‍රධාන යෝජනා පහක් රජයට ඉදිරිපත් කරනව.
ලංකාවට අනවශ්‍ය බෙහෙත් ගෙන්වීම නැවැත්වීම.
ඖෂධ වලට ඖෂධීය හෙවත් නිල නාමය පමණක් යෙදීම.
ඖෂධ ගෙන්වීම සහ බෙදාහැරීම රජය පමණක් සිදුකිරීම.
ලංකාවේ ඖෂධ නිෂ්පාදනය / තත්ත්ව පාලනය සහ පර් යේෂණ අංශ දියුණු කිරීම.
ඖෂධ පිලිබද විද්‍යාත්මක කරුණු පිලිබද සියළුදෙනාම දැනුවත් කිරී.
මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සදහායි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිහිටවනු ලැබුවේ. එහි පළමු සභාපති වන්නේද මහාචාර් ය සේනක බිබිලේයි. එතැන් සිට ඖෂධ මාෆියාවට එරහිව දැඩි සටනක් ගෙනගිය ඔහු මෙරට අදටත් කියවෙන නමක්. මෙරට සකස්කළ ඖෂධ පනත මෙන්ම සේනක බිබිලේ විසින් කැරිබියන් දූපත් සදහා ඖෂධ පනතක් සකස්කිරීමට එරටට ගියේ ඖෂධ මාෆියා කරුවන් කළ තර් ජනද නොසලකමින්.
එහිදී පනත සකසමින් සිටියදී 1977 සැප්තැම්බර් 29 වැනිදා සහභාගී වූ සාදයකදී හදිසියේ රෝගාතුරව රෝහල් ගතකළ මහාචාර් ය සේනක බිබිලේ සදහටම දෙනෙත් පියා ගත්තේ සියල්ලන්ටම රහසක් ඉතිරි කරමින්.
ඔහුගේ අභාවය පිලිබද ඕස්ට්‍රේලියාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්ති මණ්ඩලයේ නියමු දොස්තර හාටි කිව්වේ ලංකාව කදු මුදුනකි. සේනක බිබිලේ එහි බැබලෙන පහණයි. අපි ඒ ආලෝකය ලබා ගතිමු කියයා.
එහෙත් කණගාටුවට කරුණ වන්නේ අදටත් කදු පාමුළ අදුරු වීමයි.
9-013-e1353757811720-300x265.jpg

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිනිස්සුන්ට හොඳක් කරන්න හදන අයට මේ ලෝකෙ අන්තිමට ඇත්තට වෙන්නෙ ඔය දේ තමා. :(
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මිනිස්සුන්ට හොඳක් කරන්න හදන අයට මේ ලෝකෙ අන්තිමට ඇත්තට වෙන්නෙ ඔය දේ තමා. :( :sorry::sorry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ වගේ මිනිස්සු ලෝකයේ අති දුර්ලභයි...
    රෙප්+
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සේනක බිබිලේගේ ඖශද ප්‍රතිපත්තියේ :"ආන්ඩුව පමනක් ඖශද ගෙන්වීම" කියන කරනාවට නම් මම එකග නැ. ඒක ඒකාදිකාරයක් වෙනවා එතකොට, ඇමතියායි දොස්තරලා ටිකකුයි ෆාමසිස්ට්ලා ටිකකුයි ගහගන්න වැඩක්. අත්යාවශ්ය ඖශද ආන්ඩුව අඩු මිලකට ගේනවා නම් ෆාමසිකාරයා කොච්චර් ගෙනාවත් වැඩි මිලට විකුනන්න බැ. දැන් වෙන්නේ සමහර් බේත් ලන්කාවේ ගන්න නැ මොකද ආන්ඩුව ගෙන්නන්න දෙන්නෙත් නැ, ආන්ඩුව ගෙන්නන්නෙත් නැ.. එහෙම වැඩ මට කීප විටක් වෙලා තියනවා, සමහර් බේත් මම පෞද්ගලිකව සින්ගපුරුවට ගිහින් අතේ ගෙනත් තියනවා කරන්න දෙයක් නැති කමට. හැම කෙනාටම ඒක කරන්නත් බැ. අනිත් එක කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න යන වෙලාව එක්කලා උන් ඒවා හැඩල් කරන ලොන්ත විදියට බේත් නරක් වෙනවා.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේ වගේ මිනිස්සු ලෝකයේ අති දුර්ලභයි...
    රෙප්+
    :yes::yes::yes::love::love::love:
    ඔව් මචන්. අපේ කරුමෙට ඒ වගේ මිනිස්සුන්ගෙන් ලංකාව වැඩ ගන්නව අඩුයි. හොරු තමයි උඩ දාගෙන ඉන්නේ.:angry::angry::angry:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සේනක බිබිලේගේ ඖශද ප්‍රතිපත්තියේ :"ආන්ඩුව පමනක් ඖශද ගෙන්වීම" කියන කරනාවට නම් මම එකග නැ. ඒක ඒකාදිකාරයක් වෙනවා එතකොට, ඇමතියායි දොස්තරලා ටිකකුයි ෆාමසිස්ට්ලා ටිකකුයි ගහගන්න වැඩක්. අත්යාවශ්ය ඖශද ආන්ඩුව අඩු මිලකට ගේනවා නම් ෆාමසිකාරයා කොච්චර් ගෙනාවත් වැඩි මිලට විකුනන්න බැ. දැන් වෙන්නේ සමහර් බේත් ලන්කාවේ ගන්න නැ මොකද ආන්ඩුව ගෙන්නන්න දෙන්නෙත් නැ, ආන්ඩුව ගෙන්නන්නෙත් නැ.. එහෙම වැඩ මට කීප විටක් වෙලා තියනවා, සමහර් බේත් මම පෞද්ගලිකව සින්ගපුරුවට ගිහින් අතේ ගෙනත් තියනවා කරන්න දෙයක් නැති කමට. හැම කෙනාටම ඒක කරන්නත් බැ. අනිත් එක කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න යන වෙලාව එක්කලා උන් ඒවා හැඩල් කරන ලොන්ත විදියට බේත් නරක් වෙනවා.

    Naththam Indiayawen bala beheth genalla wikunai. Danuth godak anduwe beheth walata meka wenawa. Salli deelawath thamanta kamathi hoda ratakin ena sample ekak ganna bari wenawa. Mama nam oya bibilege ekata sampurnen ekaga naa:dull::dull:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    meka pahadili madi...:dull:

    ex:එකම බෙහෙත ඉන්දියාවෙ රු300 හදද්දි US/Germany වල රු1500 වෙන්වා. ඇයි එහෙම වෙන්නෙ?අරුන් ලැබ් වල කොලිටියට හදද්දිීන් ඉන්දියන්කාරයො ගෙවල් වලත් බෙහෙත් හදනවා. සමහරු ඩොකාට කියලම හොඳ brand name එකෙන් ලියාගන්නවා. සේනක බිබිලේ සීන් එකේදි වෙන්නෙ ආණ්ඩුවට ඕනෙ brand එක විතරයි ලන්කාවට ගේනන පුලුවන්. උන් කවදද බන් හොද දෙයක් ගෙනාවෙ:lol: බෙහෙත් මාෆියාව කියන්නෙ ඉතින් හොඳ බඩුව ගනන් වැඩි නිසා. උඩ එකෙක් කියලා තිබ්බෙ ඌ සින්ගා ගියා කියලා උට ඕනෙ බෙහෙත ගන්න:no:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ex:එකම බෙහෙත ඉන්දියාවෙ රු300 හදද්දි US/Germany වල රු1500 වෙන්වා. ඇයි එහෙම වෙන්නෙ?අරුන් ලැබ් වල කොලිටියට හදද්දිීන් ඉන්දියන්කාරයො ගෙවල් වලත් බෙහෙත් හදනවා. සමහරු ඩොකාට කියලම හොඳ brand name එකෙන් ලියාගන්නවා. සේනක බිබිලේ සීන් එකේදි වෙන්නෙ ආණ්ඩුවට ඕනෙ brand එක විතරයි ලන්කාවට ගේනන පුලුවන්. උන් කවදද බන් හොද දෙයක් ගෙනාවෙ:lol: බෙහෙත් මාෆියාව කියන්නෙ ඉතින් හොඳ බඩුව ගනන් වැඩි නිසා. උඩ එකෙක් කියලා තිබ්බෙ ඌ සින්ගා ගියා කියලා උට ඕනෙ බෙහෙත ගන්න:no:

    ahha ow a kathawatanam mamath kamathi na....ethakota hoda de wikunanna cpmpetition ekak na.....
    :):)
     
    • Like
    Reactions: wamkchathuranga

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Naththam Indiayawen bala beheth genalla wikunai. Danuth godak anduwe beheth walata meka wenawa. Salli deelawath thamanta kamathi hoda ratakin ena sample ekak ganna bari wenawa. Mama nam oya bibilege ekata sampurnen ekaga naa:dull::dull:
    කවුරු මොනවා කිව්වත් බේත් වල කොලිටිය වෙනස් හදන කම්පනි එක මත. පැනඩොල් පෙත්ත අරන් බලහන්. SPC එකේ ගහන එකේ කොලිටි වෙනයි ග්ලැස්කො ස්මිත්ක්ලයින් එකෙන් ගහන ඔරිජිනල් පැනඩොල් පෙත්ත වෙනයි. ලෙඩාට තියෙන්න ඔනා නිදහසක් ඖශදයේ තමන් කැමති බ්‍රැන්ඩ් එකකින් ගන්න. පෞද්ගලිකව මම නම් කැමති නැ ඉන්දියන්, පකිස්තාන බෙහෙත් ලන්කාවට ගේනවට. ගාන අඩු උනාට වැඩක් නැ බඩු බාල නම්.
     
    • Like
    Reactions: CONCORDE777