නුවර එලියේ එහෙම යද්දි උඹ දැකලා නැද්ද බං කොළට කොළේ දිලිසි දිලිසි තියෙන එලෝලු වතු එක්කම ගෙදරට පැත්තෙන් හැදිලා තියෙන මන්දපෝෂණය හැදිච්ච එලෝලු පාත්ති. අන්න එව්වා තමයි ඒ ගෙදර උන් කන්නේ. දිලිසි දිලිසි තියෙන එව්වා එවනවා අපිට කන්න. අපිත් ඉතින් වහ ටික කනවා.
අනිවාර්යෙන්. මගේ යාලුවෙන් උගේ නෑදෑ වෙන නුවරඑලියේ ඉන්න කෙනෙකුගේ ගෙදර ගිහින් දානෙකට. කෑම කන වෙලාවේ බලනකොට තියන්නේ පොළොස්, මඤ්ඤොක්කා, කජු මාළුවක් එහෙමලු. එළවලු වර්ග මොකුත් නැතිලු. මූ අහලා ඇයි මෙච්චර එලවලු වටේම තියද්දි දානෙට එලවලු ගත්තේ නැත්තේ කියලා. නෑදෑ කෙනා කියල තියන්නේ ගෙදරට කන්න වවන එලවලු ටික දානෙට මදි නිසා ගත්තේ නෑ කියලා. ඒ කියන්නේ බෙහෙත් ගහන්නේ නැත්තේ ඒ ටිකට විතරයි.
පුළුවන් නම් ගෙවල් වලම එලවලු ටිකක් වවාගෙන කන්න ඒක තමයි වටිනම දේ.











අපිට කන්න වවනකොට පනුවෝ එනව නම් හොදම දේ තමයි සුදුලූනු හොදට blender කරලා ස්ප්‍රේ කරන එක. නැත්තං කොහොඹ තෙල් හරි කොහාඹ ඇට පොඩි කරලා හරි ස්ප්‍රේ කරා නම් වස විස නෑ. මම කරලා වැඩේ සාර්තක උනා. මම නම් ස්ප්‍රේ කරේ පොඩි හෑන්ඩ් ස්ප්‍රේ එකකින්.