මේක මීට පෙර මට හිතුණු දෙයක්, ඒත් ඊයෙත් මේ වගේ දෙයක් අන්තර්ජාලයේ දැකපු නිසාවෙන් මේ ගැන ලියන්න හිතුණා. අද මේ වගේ වීඩියෝ හරි ඡායාරූප හරි තියෙනව කියන්නේ සෑහෙන්න demand. ඒ වගේ දේවල් සමහර මාධ්‍යය වලින් ලබා ගන්නේ අධික මුදලක් පවා ලබාදීලා. ඇයි මේ?
පළමුවෙන්ම අර අම්මගෙ හිස අතේ තියාගෙන කෑ ගහන ගෑණු ළමයගෙ වීඩියෝව ගැන හිතමු. ඒ වෙලාවේ වීඩියෝ කරනව වෙනුවෙට අර ගෑණු ළමයව එතනින් එහාට අරගෙන ගිහින් හිත හැදෙන්න එක වචනයක් කිව්ව නම් කොච්චර ලොකු දෙයක්ද. කෙනෙක්ගේ දුකක් වීඩියෝගත කරල ලෝකෙටම පෙන්නන එකේ තේරුම මොකද්ද?
දෙවනියට අර අතකුයි, කකුලකුයි අහිමි වෙලා අමාරුවෙන් නැගිටින්න හදන මනුස්සයගේ ඡායාරූප ගත්තේ ඇයි? උදව් කරන්න බයයි කියමුකෝ, ඒත් දෙයියනේ තව මනුස්සයෙක් මැරෙන්න ඔන්න මෙන්න කියල තියාගෙන අමාරුවෙන් නැගිටින්න හදද්දී ඇයි photo ගහන්නේ?
අද තියෙන අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි තමුන් ලිංගිකව එකතු වෙන එක වීඩියෝගත කිරීම සහ ඡායාරූපගත කිරීම. මධුසමය කියන්නේ විවාහක යුවලක් බොහෝම සතුටින් ගත කරන දින කිහිපයක්. ඒකේ තියෙන සුන්ඳර බව හිතේ සදහටම තියා නොගෙන ඒවා වීඩියෝ කරන්න හරි ඡායාරූපගත කරන්න හරි හිතෙන්නේ ඇයි?
අකමැත්තෙන් වුනත් කියන්න තියෙන්නේ මේ වගේ දේවල් කරන්නේ මානසික රෝගීන්. ඒ නිසා ඔයාගේ ජංගම දුරකතනයෙන් මීට පස්සේ වීඩියෝගත කරන දේ හෝ ඡායාරූපගත කරන දේ ගැන දෙවරක් හිතන්න. ඔය කැමරා කාචයට හසු කරගන්න පුලුවන් සුන්ඳර දේවල් මේ ලෝකයේ මෙතෙකැයි කියන්න බැරි තරමට පිරිල තියෙනවා. තමන්ගේ මනසට වගේම අනෙකාගේ මනසටත් පිවිතුරු හැඟීමක් එකතු වෙන දේවල් video කරමු, photo ගහමු ! තිසරණ සරණයි !
උපුටා ගත්තේ facebook එකෙනි

. 