video කරමු, photo ගහමු

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මේක මීට පෙර මට හිතුණු දෙයක්, ඒත් ඊයෙත් මේ වගේ දෙයක් අන්තර්ජාලයේ දැකපු නිසාවෙන් මේ ගැන ලියන්න හිතුණා. අද මේ වගේ වීඩියෝ හරි ඡායාරූප හරි තියෙනව කියන්නේ සෑහෙන්න demand. ඒ වගේ දේවල් සමහර මාධ්‍යය වලින් ලබා ගන්නේ අධික මුදලක් පවා ලබාදීලා. ඇයි මේ?

    පළමුවෙන්ම අර අම්මගෙ හිස අතේ තියාගෙන කෑ ගහන ගෑණු ළමයගෙ වීඩියෝව ගැන හිතමු. ඒ වෙලාවේ වීඩියෝ කරනව වෙනුවෙට අර ගෑණු ළමයව එතනින් එහාට අරගෙන ගිහින් හිත හැදෙන්න එක වචනයක් කිව්ව නම් කොච්චර ලොකු දෙයක්ද. කෙනෙක්ගේ දුකක් වීඩියෝගත කරල ලෝකෙටම පෙන්නන එකේ තේරුම මොකද්ද?

    දෙවනියට අර අතකුයි, කකුලකුයි අහිමි වෙලා අමාරුවෙන් නැගිටින්න හදන මනුස්සයගේ ඡායාරූප ගත්තේ ඇයි? උදව් කරන්න බයයි කියමුකෝ, ඒත් දෙයියනේ තව මනුස්සයෙක් මැරෙන්න ඔන්න මෙන්න කියල තියාගෙන අමාරුවෙන් නැගිටින්න හදද්දී ඇයි photo ගහන්නේ?

    අද තියෙන අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි තමුන් ලිංගිකව එකතු වෙන එක වීඩියෝගත කිරීම සහ ඡායාරූපගත කිරීම. මධුසමය කියන්නේ විවාහක යුවලක් බොහෝම සතුටින් ගත කරන දින කිහිපයක්. ඒකේ තියෙන සුන්ඳර බව හිතේ සදහටම තියා නොගෙන ඒවා වීඩියෝ කරන්න හරි ඡායාරූපගත කරන්න හරි හිතෙන්නේ ඇයි?

    අකමැත්තෙන් වුනත් කියන්න තියෙන්නේ මේ වගේ දේවල් කරන්නේ මානසික රෝගීන්. ඒ නිසා ඔයාගේ ජංගම දුරකතනයෙන් මීට පස්සේ වීඩියෝගත කරන දේ හෝ ඡායාරූපගත කරන දේ ගැන දෙවරක් හිතන්න. ඔය කැමරා කාචයට හසු කරගන්න පුලුවන් සුන්ඳර දේවල් මේ ලෝකයේ මෙතෙකැයි කියන්න බැරි තරමට පිරිල තියෙනවා. තමන්ගේ මනසට වගේම අනෙකාගේ මනසටත් පිවිතුරු හැඟීමක් එකතු වෙන දේවල් video කරමු, photo ගහමු ! තිසරණ සරණයි !

    2rr09wx.jpg

    උපුටා ගත්තේ facebook එකෙනි

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    3 වෙනි එක උන්ගෙ කැමත්ත. අනික් දෙක නම් අනුමත කරන්න බැ තමයි. 3 වෙනි කරණේ ගැන කියනව නම් විඩියෝ කරගන්න විතර්ක් දන්න ගොඩේ පොරවල් වලට ඔහොම වෙනව. එක්කො විඩියො කරල ඔන්ලයින් අප් කරල පාස්වර්ඩ් දන්න ඕන තමන්ට විතර්ක් මතක හිටින. ඉන් පස්සෙ ෆයිල් මකන සොෆ්ට්වෙය එකකින් මකන්න ඕන. ඔහොම ෆොටෝ මගෙත් Google drive, gmail තියෙනව. ආරක්ශාව තමන් දන්නව නම් 1080p Full HD විඩියො කරත් කිසි ප්‍රශ්නයක් න. :cool:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    3 වෙනි එක උන්ගෙ කැමත්ත. අනික් දෙක නම් අනුමත කරන්න බැ තමයි. 3 වෙනි කරණේ ගැන කියනව නම් විඩියෝ කරගන්න විතර්ක් දන්න ගොඩේ පොරවල් වලට ඔහොම වෙනව. එක්කො විඩියො කරල ඔන්ලයින් අප් කරල පාස්වර්ඩ් දන්න ඕන තමන්ට විතර්ක් මතක හිටින. ඉන් පස්සෙ ෆයිල් මකන සොෆ්ට්වෙය එකකින් මකන්න ඕන. ඔහොම ෆොටෝ මගෙත් Google drive, gmail තියෙනව. ආරක්ශාව තමන් දන්නව නම් 1080p Full HD විඩියො කරත් කිසි ප්‍රශ්නයක් න. :cool:

    Computer Security gana danne natte gode porawalda :frown:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Malli hari malli,dan kale inna ungen bagekatama wada inne loos case
    mona karannada banz :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේක හරි වසංගතයක් වෙලා
    අද ඩිජිටල් කැම් එකක් තියන් ඉන්න (සමහරක්) උන් හිතන්නෙ උන් හෙන photographer ලා කියල
    දැකපු දැකපු දේ පොටෝ ගහනව. ගු බෙට්ටක් උනත් කමක් නැ . ඒ කෙ මාර කලාත්මක ගතියක් තියෙනව කියල ගහනව
    ගහල යටින් දානව අහවල් එකාගෙ පොටෝග්‍රැපි කියල
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Computer Security gana danne natte gode porawalda :frown:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::nerd:

    නෑ මචන්. වැඩ කාරයො වගේ වීඩියෝ හරි ෆොටෝ හරි අරන් ඒවා ආරක්ශාසහිතව දාල තියෙනව කියල හිතාගෙන තමන්ගෙ පීසී එකෙ කොහෙ හරි ෆෝල්ඩර් එකක හන්ගලා දාගෙන ඉන්නෙ ගොඩේ උන්. Data encryption ගැන දන්නෙ නති උන් ගොඩේ උන් වෙනව නම් මමත් ගොඩේ එකෙක් වෙන්නෙපැයි. අපිත් ලොකු කොම්පියුටර් කාරයො නෙවෙයි. ඒත් ඔය වගේ දේය්ක් කරන්නෙ හරියට කරගන්න පුලුවන් නම් විතරයි. වීඩියෝ කරගත්ත වගේම ආරක්ශාව අතුව පුද්ගලිකව ෆයිල් දාල තියන්න පුලුවන් server එකකට අප්ලෝඩ් කරන්න ඕන. කරල තමන් ගව තියෙනව ඒව මකන්න ඕන. දවස ගනෙ ඒව බලන් නෑ නෙ අයෙ අයෙ :confused:. :oo::baffled::dull::shocked:
     
    Last edited:

    na ban godak un nodannakamata karana dewal... ehema copy ganna puluwan kiyala danne na ekayi
    nodanna aya danuwath karanna balanna..:cool:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    අනිවාරෙන්ම තුං වෙනි ඒකනං ඉතිං උන්ගේ මෝඩකම ඒක ගැන කතා නොකර ඉමු

    ඒත් පලවෙනි එකයි දෙවැනි එකයි?

    modakama ekka nodanuwath kamath thiyenawa neda saho:)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    modakama ekka nodanuwath kamath thiyenawa neda saho:)

    නොදැනුවත්කම නෙවෙයි මචන් මෝඩකම විතරයි මොකද බැඳපු උන් දෙන්නෙක් කියන්නේ අඩුමගානේ අවුරුදු 25වත් පැනපු දෙන්නෙක්නෙ. ඉතිං ඒ වයසේ උන්ටවත් ඔයවගේ දෙයක් තේරෙන්නේ නැත්තං ඉතිං. :no: