volkswagen Golf ඉලෙක්ට්‍රික්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,718
    113
    volkswagen Golf ඉලෙක්ට්‍රික්

    මිනිත්තු 15 න් සැතපුම් 300 ක් – වොක්ස්වැගන් ගොල්ෆ් ඉලෙක්ට්‍රික් කාරය එළි දකී

    180198426-478005.jpg

    මෙම වසරේ දී පැවැත්වීමට නියමිත පැරිස් මෝටර් ෂෝ හිදී වොක්ස්වැගන් හි 2019 නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථය එළිදක්වන බව, වොක්ස්වැගන් සභාපති Herbert Diess පවසයි. ඔහු මේ බව අනාවරණය කළේ ජර්මානු සඟරාවක් වන WirstschaftWoche සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

    වාර්තා වන අන්දමට මිනිත්තු 15 ක ආරෝපණයකින් සැතපුම් 300 ක ධාවනයක් ලබා දීමට මෙම නවතම වොක්ස්වැගන් ඉලෙක්ට්‍රික් කාරය සමත්වේ.

    වොක්ස්වැගන් සභාපතිවරයා පවසන්නේ මෙම ඉලෙක්ට්‍රික් මෝටර් රථය සාමාන්‍ය වොක්ස්වැගන් ගොල්ෆ් රථයක ප්‍රමාණය ගන්නා බවයි. මෙය 2018 අගභාගයේ දී හෝ 2019 මුල භාගයේ දී වෙළෙඳපොළට එක්වන බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    vw_golf_blueEmotion2014_ghost.jpg

    මෝටර් රථය සම්ප්‍රදායික ඉන්ධන දහනය කරන කාර් රථයකට වඩා මිලෙන් අඩු වනු ඇති බව වොක්ස්වැගන් සභාපතිවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

    පැරිස් මෝටර් රථ ප්‍රදර්ශනය 2016 ඔක්තෝබර් 01 සිට 16 දක්වා පැවැත්වීමට නියමිතය.