Washing Machine Help

Mali2009

Well-known member
  • May 20, 2009
    1,784
    1,466
    113
    LG ඵකක් ගනින්..දම්රෝ වොෂින් මැශින් වලට අපි අතින් හෝදල තමයි රෙදි හේදෙන්න දාන්න ඕන...:lol:


    මේක ඇත්ත ද ? පාවිච්චි කරන අය කියන්න කො

    LG ඵකක් ගනින්..දම්රෝ වොෂින් මැශින් වලට අපි අතින් හෝදල තමයි රෙදි හේදෙන්න දාන්න ඕන...:lol:


    මේක ඇත්ත ද ? පාවිච්චි කරන අය කියන්න කො
    ------ Post added on Oct 19, 2025 at 5:53 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මේක ඇත්ත ද ? පාවිච්චි කරන අය කියන්න කො
    මම නං පාවිච්චි කරලා තියෙන්නේ වොෂින් මැෂින් වර්ග තුනයි. සිංගර් සෙමි ඔටෝ, LG ෆුල් ඔටෝ සහ දැන් වසර 8 ක් පමණ භාවිතා කරන දම්රෝ ෆුල් ඔටෝ එක.

    සිංගර් එක ගත්තේ අනුගණන් වල මුල හරියේ. අවුරුදු පහලවක් පමණ භාවිතා කරා. ඉවත් කරේ සෙමි එකක් නිසා. වෙන කෙනෙක්ට දුන්නා. එයත් සැහෙන කාලයක් පාවිච්චි කරා. රෙදි හොදටම වේලෙනවා. හොද මැෂින් එකක්.

    ඊට පස්සේ LG එකක් ගත්තා. අවුරුදු දෙක තුනයි පාවිච්චි කරේ. කැඩෙනවා හදනවා කැඩෙනවා. රෙදි ඇඹරිලා ඉරිලා යනවා. ඒක දුන්නා පරණ යකඩ වලට.

    දැන් දම්රෝ එක නියමයි. එක පාරක් රෙදි සෝදන්න දාලා යද්දී මැෂින් එක අනික් පැත්තට පෙරලිලා තිබ්බා. මම ඒක අඩමානෙට තියලා. වෙන මැෂින් එකක් එහෙම නං ඩ්‍රම් එක කුඩු. මේකේ පැත්තෙන් තියෙන කවර් එකේ ඩ්‍රම් එක වැදිලා ඒක පුපුරලා තියෙන්නේ ඒ වැටුණු පාරට.

    ඒත් දැන් අවුරුදු ගානක් වැඩ.

    රෙදි ඇඹරෙන්නේ නැහැ. පාසල් නිල ඇඳුම් සෝදනවා නං කොලර් එහෙම අතින් හෝදන්න ඕනි.


    බෝඩිමක ඉන්න කෙනෙකුට හොඳ මොනවගේ brand එකක්ද ? 5kg වලට වඩා අඩු, පොඩි ඒව තියෙනවද ?

    බෝඩිමක daily use කරන්න ...

    දම්රෝ තමයි. කිලෝ පහට වඩා අඩු ඒවා තියෙනවා. ඒවා එච්චර හරි නැහැ. ඊට වඩා හොදයොඉ දම්රෝ වගේ එකක් ගන්න එක.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    මේක ඇත්ත ද ? පාවිච්චි කරන අය කියන්න කො




    මේක ඇත්ත ද ? පාවිච්චි කරන අය කියන්න කො
    ------ Post added on Oct 19, 2025 at 5:53 PM
    මේ තියෙන්නේ මම කලින් වෙන කෙනෙක්ට දාපු පොස්ට් එකක් , ඒකම මෙතන copy කරලා දානවා

    උඹේ බජට් එකට ගැලපෙනවා නම් lg front loading washing machine with Dryer උඹට ලංකාවේ ගන්න තියෙන සුපිරිම භාණ්ඩයක් , Dryer එකත් එක්කම තියෙන්නේ , lg front loading පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා

    Dryer එක වැහි කාලෙට මාරම විදියට වටිනවා බන්

    ඔය තියෙන washing program වලට අමතරව app එකෙන් උඹේ රෙදි වලට ගැලපෙනම program එක තෝරලා දාගෙන හෝදන්න පුළුවන් (හුමාලයෙන් හෝදනවා වගේ වැඩ ගොඩක් තියෙනවා )

    damro Fully Automatic වල තියෙන ප්‍රශ්නේ තමයි shirt collar & cuff වල කුණු , කලිසං කකුල් වල ගැවෙන තද කුණු මචන් වගේ කුණු යන්නේ නෑ හෝ යනවා අඩුයි

    lg top loading washing machine වල උනත් මම කියපු තැන්වල හොඳටම කුනු යනවා

    සාමාන්‍ය ගෙදරකට නම් LG 11/7KG එක ඇති බන්,

    ඔය තියෙන්නේ මම ඕක ගන්න කලින් කිරියේ අහලා දාපු ත්‍රෙඩ් එක, ඒ කලේ LG 10.5/7KG Washer Dryer එක ඒ කාලේ මට උනේ 200000/= විතර , දැන් නම් 400000/= විතර වෙනවා
    https://elakiri.com/threads/🔴washing-machine-උදවුවක්.1997262/

    lg මොන තරම් හොඳ උනත් , අබාන්ස් service නම් ඉතින් ගූ ගොඩක් බන්, අබාන්ස් සර්විස් මලජරාවක් තමයි , හැබැයි ඉතින් උඹේ ලොකු කරුමයක් නැත්නම් lg washing ලේසියෙන් කැඩෙන්නේ නෑ

    උඹේ බලාපොරොත්තුව හෝදන්න දාන රෙදි වල තියෙන කුණු හොඳට යන්න සහ රෙදි ඇඹරෙන්නේ පොඩි පොඩි දැමේජ් නැතිව හෝදගන්න නම් LG එකක් ගන්න ,

    උඹට අතේ හොදනවත් වැඩිය සුපිරියට හෝදන්න ඕන නම් lg front loading washing machine එකක් ගන්න (එතරම් ගානක් වියදම් කරන්න පුලුවන් නම් , හැබැයි කවදාවත් පසු තැවෙන්න වෙන්නේ නැති තීරණයක්)

    මම ළඟ ඔය උඩ කියපු lg front loading washing machine with Dryer ට අමතරව 2008 විතර ගනිපු lg top loading washing machine 6.5kg එකක් තියෙනවා දැන් අවුරුදු 17ක් අදටත් කිසිම අවුලක් නෑ

    මම කිවුවේ ඔය බ්‍රෑන්ඩ් දෙකම පාවිච්චි කරලා තියෙන කෙනෙක් විදියට මගේ අත්දැකීමෙන්

    තව lg washing machine කියලා Search කරලා results එන පලවෙනි දෙවෙනි page බලන්න ගොඩක් විස්තර දැනගන්න පුළුවන්

    මේ තියෙන්නේ තව අය කියපු දේවල්

    https://elakiri.com/threads/semi-au...chines-parana-kathawak.2066090/#post-28049510