සමහර අය දන්නෙත් නැතුව ඇති SLPL පටන් ගන්න කලින් ලංකාවේ තිබ්බ T20 තරගාවලිය "අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය". මේ තරගාවලියට වයඹ පළාත නියෝජනය කරමින් සහභාගී වුනේ "වයඹ එලෙවන්ස්" කණ්ඩායම. මේ කණ්ඩායමේ විශේෂත්වය 2008, 2009, 2010 අවුරුදු තුනේම තරගාවලිය ජයග්‍රහණය කරන්න වයඹ කණ්ඩායමට හැකියාව ලැබීමයි. අවසන් වරට 2011 අවුරුද්දේ අවසන් තරගයෙන් වයඹ රුහුණු කණ්ඩාමය අතින් පරාජය වෙනවා. මේ හේතුව හින්ද 2009, 2010 අවුරුදු දෙකේ චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගී වීමේ හැකියාව වයඹට ලැබුනා. ඒ තරගාවලි දෙකේදී නවසීලන්ත නොදර්න් ඩිස්ට්‍රික්ස් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු වික්ටෝරියා කණ්ඩායම් පරාජය කරන්න සමත් වෙනවා. නමුත් විදේශීය ක්‍රීඩකයන් නොමැති කම හින්දා අනෙක් තරග වලින් ඉස්සරහට යන්න වයඹ අසමත් වෙනවා.
ගොඩක් ක්‍රීඩකයෝ වයඹ නියෝජනය කරලා ජාතික සංචිතයට තේරුනා ඒ දවස්වල.
- අජන්ත මෙන්ඩිස්
- තිසර පෙරේරා
- ඉසුරු උදාන
- මහේල උඩවත්ත
වයඹ ජයග්‍රහණ වලට ලොකු දායකත්වයක් දුන්නු ක්‍රීඩකයෙක් ජීවන්ත කුලතුංග. අවාසනාවකට අපේ ගොඩක් ක්‍රිකට් ලෝලීන් අහලවත් නැතුව ඇති. සාමාන්‍යයෙන් සෑහෙන්න බැනුම් අහපු ජෙහාන් මුබාරක් තමයි අවුරුදු තුනේම දක්ෂ අන්දමින් වයඹ කණ්ඩායම මෙහෙයවුයේ. 2008 තරගාවලියේ ඉසුරු උදාන සෑහෙන පෙරලියක් කරා අළුත් ක්‍රීඩකයෙක් විදිහට. ඒ හින්දයි T20 ලෝක කුසලානයට ඔහු තෝරා ගැනෙන්නේ. අජන්ත මෙන්ඩිස් පවා මුල්වරට පෙරලිකාරයෙක් විදිහට එලි බහින්නේ වයඹෙන්. මහේල ජයවර්ධන ආරම්භක පිතිකරුවෙක් විදිහට අත්හදාබැලීමක් කරන්නෙත් මෙහිදියි බැචාය මතක විදිහට.
අවසන් වරට චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගී වෙන අවස්ථාවේදී වයඹ වෙනුවෙන් ගීයක් නිර්මාණය වුනා.
ඒ ඇසුරෙන් තමයි මෙවර ගීය නිර්මාණය වෙලා තියෙන්නේත්.
******This YouTube Video Remove Due to Spam*****
ඉතිං මේ පාරත් වයඹෙන් දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ඒ දක්ෂයන්ට ලංකාව බබලවන්න හැකියාව ලැබේවා කියලා බැචා ප්‍රාර්ථනා කරනවා!



Eth ithin damma 
