we live in society

prmdh

Member
May 26, 2018
3
2
0
අපේ රටේ තියන ලොකුම වැරැද්දක් තමයි සමහර රස්සාවල් වලට අනවශ්‍ය වටිනා කමක් ලබා දී තිබීම. උදාහරණයක් හැටියට කියනවා නම් දොස්තර ඉංජිනේරු වගේ ඒවා. මම කලිනුත් කිවුවා වගේ යුරෝපීය රටවල එහෙම එකක් නෑ. හැම රස්සාවම එකයි. එකක් අනිකට වඩා ලොකුත් නෑ පොඩිත් නෑ. මගේ දුව අර ඒ කාලේ පොඩියට හිටී එකී දැන් ඉංග්ලන්ඩ් වල මාස්ටර්ස් ඩිග්‍රී තියන බයෝමෙඩිකල් ඉංජිනියර් කෙනෙක්. ඒකිගේ මිනිහා චෙෆ් කෙනෙක්. උගේ අක්කා ආකිටෙක්ට්, අයියා ඉන්ජිනියර්. කාටවත් කිසි ප්‍රශ්ණයක් නෑ. මෑන්ගේ තාත්තා එහේ මේසන් කෙනෙක්. ඒක මටවත් අපි කාටවත් ප්‍රශ්නයක් උනේ නෑ. උන් ඔක්කොම ගත්තම එකම සමාජ මට්ටමේ. මේසන්ට මගේ දුවට වගේ තුන් හතර ගුණයක් ආදායම. කොහොමද ඕක මෙහේ උනා නම්. හැමෝටම මාර රුදාවක් හැදෙන්නේ. මේ නිසා එහේ කවුරුවත් අමුතු උනන්දුවක් ගන්නේ නෑ තමන්ගේ දරුවන් දොස්තරලා ඉංජිනේරුවන්ලා කරන්න. මොකද ඒකට රැග් වෙන වෙලාවේ වෙන එකක් කරන එක උන්ට හැම අතින්ම ලේසියි. අර දොස්තර වෙන්නම උණ තියෙන එවුන් තමයි රැග් වෙලා ඒක කරන්නේ. එහේ ඉස්කෝල වලදීම ලමයින්ගේ හැකියාවන් අඳුන ගෙන දෙමවුපියන්ගේ කැමැත්ත ඇතුව ඒ ඒ අංශ වලට යොමු කරනවා. ඊශ්‍රායලයේ නම් ඒ අංශ වලටමයි යන්න ඕන. තමන්ට උවමනා උනා කියලා දක්ෂ කමක් නැත්තං යන්න බෑ.

මම 1997 දී ඇමරිකාවේ ඉගෙන ගන්න කාලේ දැක්ක දෙයක් තමයි ඒ යුනිවර්සිටි එකේ මහාචාර්ය වරයායි පියනුයි කැන්ටීන් එකේ එකම පෝලිමේ ඉන්නවා කෑම ගන්න. ප්‍රොෆා කියලා අනිකා පෝලිමේ උගේ තැන දෙන්නේ නෑ. නොදුන්නා කියලා ප්‍රොෆාගේ තරහකුත් නෑ. ප්‍රොෆා කියලා අමුතු සැලකීමකුත් නෑ. අර මම කලින් කිවුවේ ඉන්දියාවේදී මට විභාගෙදි කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න නොදුන්නු ඇමරිකන් ප්‍රොෆා ආපහු යන දවසේ මම දණ ගහලා වැන්දාම පොර පුදුම උනා කියලා. මෙහේ තමයි නගරාධිපතිලා තමන්ට සර් කියන්න කියලා බෝඩ් ගහන්නේ. මොකද උන් දන්නවා උන්ට අර උන්ගේ වහල්ලු ඇරෙන්න වෙන මොකෙක්වත් සලකන්නේ නැති බව. සැලකුම් ගන්න මොනවා හරි වැඩක් කරන්න එපැයි බං. ඉතිං උන් බෝඩ් නොගහා වෙන මොනවා කරන්නද බං. මම ඔතෙන්ට ගියොත් ඌට සර් කියලා උගේ ලඟ ඉන්න පියන් ටත් සර් කියනවා ඌට ඇහෙන්නම. අම්මපා.

ඒකට ලංකාවේ. හැමෝටම ඕන තමන්ගේ දරුවා දොස්තර හරි ඉංජිනේරු හරි කරන්න. වැඩිය ඕන නෑ බස් ගැමුණුටත් ඕන එකමනේ. ඇයි බං උගේ පුතාට මැනේජ්මන්ට් පැත්තට ගිහිං බස් ටික බලාගෙන හිටියම මදිද. මේ හේතුව නිසා තමයි අපේ පොඩි පැටවුන්ට උන්ගේ ළමා කාලය අහිමි කරලා තියෙන්නේ. ඊලඟට ඕ ලෙවල්, ඒ ලෙවල්. මේ පාර ඒ ලෙවල් කරනවා තුන් ලක්ෂ පනස් පන්දාහක්. ඕකෙන් අඩු ගානේ දෙලක්ෂ පනස් දාහක් වත් ඇති විද්‍යාව කරන අය. ඔය කට්ටියගෙන් 5% කට වඩා යුනිවසිටි එකට තේරෙන්නේ නෑ. අර අනිත් 95% මොකද වෙන්නේ. ශිෂ්‍යත්වේ ඉඳලාම ගෙනත් කන්දක් උඩට නග්ගවලා එතනිං පහලට තල්ලු කලා වගේ වැඩක් නෙවෙයිද උන්ට වෙන්නේ. උන් වෙන රස්සාවක් කරන්න පුරුදු වෙන්න පටන් ගන්න කොටම අවුරුදු 22ක් වෙලා.
ඊට පස්සේ තමයි උන්ට වෙන ෆීල්ඩ් එකකට යන්න වෙන්නේ. තමන්ගේ ජීවිත කාලයෙන් 1/3 විතර ඉවර කර ගෙන, ළමා කාලයකුත් නැතිකරගෙන. මොන තරම් ඛේදජනක දෙයක්ද. අර වෙන රටවල් වල වගේ අනිත් රස්සාවල් වලටත් වටිනා කමක් දුන්නා නම් මේ මොනවත් නෑ. ඒකට කරන්න ඕන බොහොම සුලු දෙයක් විතරයි. හතේ පන්තියේ විතර ඉඳලා ලමයින්ගේ දක්ෂ කම් අඳුනාගෙන ඔවුන් ඒ පැති වලට යොමු කරලා පුහුණුවක් දීලා පිලි ගන්න පුලුවන් සහතිකයක් දීලා ඒ රස්සාවට වටිනා කමක් දෙන එකයි. බොරැල්ලේ ඉන්නවා ගරාජ් බාස් කෙනෙක් ඕනම වාහනයක ප්‍රශ්නේ කිවුව ගමන්ම මෑන් කියනවා මෙන්න මෙතනයි ලෙඩේ, මේකයි කරන්න ඕන, මේ කෑල්ල දාන්න ඕන කියලා. හරියටම හරි. මට උගෙයි විශේෂඥ වෛද්‍ය වරයෙකුයි අතර කිසිම වෙනසක් පේන්නේ නෑ. දෙන්නාම විශේෂඥයෝ. එක්කෙනෙක් මිනිස්සුන්ගේ ලෙඩ වලට අනිත් එක්කෙනා වාහන ලෙඩ වලට. ඒත් ඌට අර විශේෂඥ වෛද්‍ය වරයාට තියෙන පිලිගැනීම සමාජයේ තියෙනවාද.

උගේ දරුවෙක් ඉස්කෝලේ ගිහිං කිවුවොත් තාත්තා ගැරෙජ් කාරයෙක් කියලා එහෙම නැත්තන් දුවෙක් කසාද බන්දලා දෙන්න ගියාම ඌට මොන තරම් සල්ලි තිබුනත් කෙල්ල මොන තරම් හොඳ උනත් දොස්තර කෙනෙකුගේ දුවෙකුට තියන පිලි ගැනීම තියෙනවද. හැබැයි ඌත් විශේෂඥයෙක්. ඇයි මේ වෙනස. දෙන්නාම සෑහෙන්න මහන්සි වෙලායි ඉගෙන ගෙන තියෙන්නේ. හැබැයි දොස්තරට මුල ඉඳලම පාර හදලා තියනවා එතෙන්ට එන්න. අර බාස්ට එහෙම නෑ. ඌ දුක් විඳලා ලොකු බාස් කෙනෙක් ලඟ අවුරුදු ගානක් වහලෙක් වගේ වැඩ කරලා තමයි ඒ තත්වයට එන්නේ. ඒත් දොස්තර කෙනෙක් වෙන්න හිතා ගෙන උසස් පෙල කරපු දරුවෙක් මොන හිතකින්ද බං එහෙම කරන්නේ.

ඇයි අධ්‍යාපන ඇමතිට බැරි මේ වගේ දක්ෂයින්ව පාසල ඇතුලේදීම තෝර ගෙන අර ජර්මන් ටෙක් එක වගේ විශ්ව විද්‍යාල මට්ටමේ ආයතනයක් හදලා උන්ව පුරුදු කරලා උන්ට හොඳ පිලි ගැනීමක් තියන සහතිකයකුත් දොස්තර ඉංජිනේරු වගේ ටයිටල් එකකුත් දීලා සමාජයේ පිලිගැනීමක් ඇති කරන්න. එතකොට උන්ට අවුරුදු 25 ක් විතර වෙන කොට උන් හොඳ වැඩ කාරයෝ. උන් එක්ක ඉගෙන ගත්ත අනිත් අය දොස්තරලා වෙන කොට උන් හුඟක් දුර ගිහිං.උන්ගේ ජීවිතයේ කාලය එතකොට පොඩ්ඩක් වත් අහක යන්නේ නෑ. තව කොච්චර ඒ වගේ අංශ තියෙනවාද. ඔටෝ වයරිං මොන තරම් හම්බ කරන්න පුලුවන් ෆීල්ඩ් එකක්ද. මරදානේ සංඝරාජ මාවතේ වසන්ත මෝටර්ස් කියන තැන ඉන්නවා කොල්ලෙක් ඔටෝ ඉලෙක්ට්‍රික් වලට අති දක්ෂයෙක්. මගේ මට වැඩිය අවුරුදු තිහක් බාල පැජරෝ එකේ ලෙඩක් තිබිලා යුනයිටඩ් මෝටර්ස් එකේ එවුන්ටවත් හදන්න බැරි උනා. පස්සේ කෙනෙක් කියපු නිසා අතෙන්ට අරගෙන ගියා. මූ පැයෙන් හැදුවා. මම ඌට ටිප් එක විතරක් දාහක් දුන්නා. ඇයි බං විශේෂඥ දොස්තර මහත්තයාට දෙතුන් දාහක් දෙන්න පුලුවන් නම් ඇයි මේ වගේ විශේෂඥයකුට එහෙම නොදෙන්නේ. මම දුන්නේ ඌ කරපු වැඩයට නෙවෙයි. උගේ දැනුමට. වැඩේට මම ඒක අයිතිකාරයාට වෙනම දුන්නා. අන්න ඒ වගේ දැනුමට ගරු කරන ආකල්ප හැමෝගේම ලඟ නැති නිසා තමයි උන්ට අර මම කලින් කිවුවා වගේ තත්වයක් අරගෙන දෙන්න ඕන.

එංගලන්තයේ පොඩි එකා බලා ගන්න එන කෙනාටත්, වින්ටර් එකේ පයිප්ප බ්ලොක් උනාම හදන්න එන එකාටත්, ලෙඩ බලන්න එන ජීපී දොස්තරටත් තියෙන්නේ එකම සැලකීම. මෙහේ කොහොමද දොස්තර ආවාම සැලියුට් ගහන ගෙදර පොර, බාස් ආවාම පිටි පස්ස පැත්තෙන් එන්න කියනවා. ළමයා බලා ගන්න එන කෙනාට කියලා පොල් ටිකත් ගාව ගන්නවා. හැබැයි දොස්තරට කියන්නේ නෑ පොල් ගාන්න. දෙහිවල ඉන්නවා ටින්කර් බාස් කෙනෙක් ඌත් ඒ වැඩේට විශේෂඥයා. කාර් එකක් ටින්කර් කරොත් පේන්ට් කරන කොට පොටි දාන්න ඕන නෑ. ඒ තරම් කොලිටි. ලඟදී අපේ ගෙදර ඇවිත් යකඩ ඇලුමිනියම් වහලයක් ගැහුවා. ඕන නම් මම බොලාට පෙන්නන්නම් ඉන්ටර්නැෂනල් කොලිටි. ඌට සල්ලි තියෙනවා හැබැයි පිලිගැනීම නෑ. මම ඌටයි උගේ ගෝලයින්ටයි කන්න දුන්නේ අපේ ගෙදර කෑම මේසයේ වාඩි කරවලා. වෙන එවුන් වගේ නෙවෙයි මගේ යාලුවාත් ඒ වගේ වැඩ වලට ෆුල් සපෝට්. මොකද එයාත් සාමාන්‍ය පවුලකින් ආපු දුක අමාරු කම් විඳපු කෙනෙක්. ඉතිං බං අම්මලා ළමයින්ව පොඩි කාලේ ඉඳලා දොස්තර කෙනෙක් කරන්න උන්ව මරවන්නේ ඒකනේ. උන්ට ඕන නෑ ළමයින්ව ටින්කර්, පේන්ට්, ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක් කරවන්න. ඒකනේ බස් ගැමුණුට ඔච්චර සල්ලි තියාගෙනත් පුතාව දොස්තර කරන්න ඕන උනේ. ඒකනේ සයිටම් වගේ ඒවා එන්නේ. ඒ වගේම දැනට තියෙන පලාත් පාසල් වලත් අඩුපාඩු සම්පූර්ණ කරලා දෙන්න ඕන.

මේවා වෙනස් කරන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. අවශ්‍ය කරන්නේ උවමනාවයි කැප වීමයි. හරියට ගෑනියෙක් වගේ ඉන්න අධ්‍යාපන ඇමතිට ඕක කරන්න බෑ. සාමාන්‍ය දැනුමවත් නැති එකෙක්. අර කලකට කලින් කුරුණෑගල පැත්තේ ඒඩ්ස් හැදිච්චි අම්මා කෙනෙකුගේ ළමයෙක් ඉස්කෝලෙට ගන්න බෑ කියපු කේස් එක වෙලාවේ මෑන් රූපවාහිණියට ඇවිත් කිවුවානේ අම්මාගේ හුස්ම වැදිලා ළමයාට ඒක බෝ වෙන්න ඇති කියලා. ගොනා උනත් ඒ වගේ තැනක උම්බෑ නොකියා ඉන්න ඕනනේ.මම ඒ කාලේ නිමල් සිරිපාල මහත්තයාගේ සම්පූර්ණ උදවුවෙන් ජනාධිපතිගේ ඉඳන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා මේ රටේ සියලුම දේශපාලකයන්ට පැය තුනක් තිස්සේ කියලා දුන්නා එච් අයි වී බෝ වන විදිය වලක්වන විදිය සේරම අවුරුද්දක් පුරාවටම ලෝක බැංකු ආධාර යටතේ. නිමල් සිරිපාල මහත්තයා ඒ හැම වැඩ සටහනකටම මාත් එක්ක ආපු නිසා ඒ ඒ පලාත් වල දේශපාලුවෝ සේරම ආවා. අපි තනියම ගියා නම් උන් එන්නේ නෑ. මොන දුර්වල කම් තිබුනත් නිමල් සිරිපාල කියන්නේ හොඳ දැක්මක් තියන වැඩට දක්ෂයෙක්. එහෙම කෙරුවේ ඉස්කෝල වල ඒවා උගන්නන්න පටන් ගන්න ඉස්සෙල්ලා උන්ව දැනුවත් කරන්න. ඒ විතරක් නෙවෙයි කොලඹ ඉන්න සේරම පූජ්‍ය පක්ෂයවත් දැනුවත් කලා. එතකොට ඔය කොන්ඩම් ගැන එහෙම කියලා දෙන කොට මහජන විරෝධයක් ආවොත් ඒ අය ලවුවා ඒක සමථයකට පත් කරවන්න. අධ්‍යාපන ඇමති විශේෂයෙන්ම දැන ගන්න ඕන මේ රටේ වැඩියෙන්ම එච් අයි වී බෝ වෙන්නේ සම ලිංගික පිරිමින් අතර බව. ඉතිං බං මේ වගේ ගොබ්බ ඇමතිලාට අර මම කිවුවා වගේ දෙයක් කරනවා තියා හිතන්න වත් පුලුවන්ද. අනික මේවා කලා කියලා කොමිස් ලැබෙන්නෙත් නෑනේ. උන් හැම එකාටම ඕන දෙන දෙයක් කාලා දෙන දෙයක් නෙවෙයි රටම කාලා, කෝටි දහයේ කාර් වල යන්න. බලපං දැන් 225% න් පඩි වැඩි කර ගත්තා. රටට මොනවා කලාටද. හැබැයි තුන්වේල කන්න නැති වහල්ලු මුන්ටම චන්දේ දෙනවා. අඩු ගණනේ චන්ද ගුන්ඩුවක් හැටියට වත් පොහොට්ටු කාරයෝ ඒක එපා කිවුවාද. ඒකනේ බං කියන්නේ වෙන වෙනම කෑවාට බොක්ක එකයි කියලා.

තව මොන තරම් ක්ෂේත්‍ර තියනවාද ඔය වගේ හැකියාවන් අනුව දරුවන් පුහුණු කරලා පිළිගැනීමක් තියන රස්සාවල් වලට යොමු කරන්න. අර ටීවී කාරයෝ සුපර් ස්ටාර්ලා කියලා කරපු ප්‍රොග්‍රම් වලින් පෙනුනානේ කලාවට දක්ෂ කොල්ලෝ කෙල්ලෝ කොච්චර මේ රටේ ඉන්නවාද කියලා. ඇයි මේ ආණ්ඩුවේ එවුන්ට බැරි උනේ ඒ වගේ දේවල් කරන්න. මේ රටේ තියන වාහන කන්දරාව ගත්තාම තව කාලයක් යන කොට ඕවා රෙපයාර් කරන්න කොච්චර අය ඕන වෙනවාද. ඒ වගේම උන්ට රස්සාවට ආවේනික හොඳ නිල ඇඳුමක් දෙන්න ඕන. අර නර්ස්ලට වගේ. ඒක ආණ්ඩුවේ අය විතරක් නෙවෙයි ප්‍රයිවට් හොස්පිටල් වලත් පාවිච්චි කරන නිසා අර ආණ්ඩුවේ උන්ට තියන පිලිගැනීමම ඒ කෙල්ලන්ටත් තියනවා. අන්න එහෙමනේ බං ආණ්ඩුවක් උනාම වැඩ කරන්න ඕන.
දැන් බොලාට තේරෙනවානේ උවමනාවක් තියෙනවා නම් කොච්චර දේවල් තියෙනවාද කියලා කරන්න. මේ වගේ තත්වයක් ඇති කරාම ඔය දොස්තර ඉංජිනේරු පිස්සුව නැති වෙලා දරුවන්ට උන්ගේ ළමා කාලය විඳින්න දීලා උන් රොබෝලා කරන්නේ නැතුව සංවේදී මිනිස්සු කරලා රටේ තියන තරුණ අසහනය නැති කරන්න පුලුවන් කියලා. ඒ වගේම පුහුණු ශ්‍රමිකයින් පිට රට වලට යවලා දැනට ගෘහ සේවිකාවන්, කම්කරුවන් එවන රටක් හැටියට හැඳින්විලා තියෙන අපේ රට වෙනස් විදියකට අඳුන්වා ගන්නත් පුලුවන්.

Last edited:

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රටවල් වෙනස් සංස්කෘතීන් වෙනස් බං. ඇමරිකාවෙ ලංකාවෙ නැති හොඳ තියෙනව ලංකාවෙ ඇමරිකාවෙ නැති හොඳ තියෙනව. උඹල පශ්චාත් යටත්විජිතවාදී මානසිකත්වයෙන් පෙලෙනව ඉතිං සුද්දගෙ වැරදි දේවලුත් හරි වගේ පේනව අපේ හරි දේවලුත් මාර ගොඩේ ගොබ්බ ගෝත්‍රික දේවල් වගේ පේන්නෙ. ඕකට බෙහෙත් නෑ :no:
     
    • Like
    Reactions: Dr.Amdan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,784
    113
    සේදවත්ත
    ලංකාව අරුම පුදුම ලෝකයක් බන් . පිටු ගනන් ලිව්වත් වෙනස් වෙන්නේ නෑ. අපේ උන් ජීවිත කාලේම කතාවෙන ටොපික් සාරංශය
    ලමයව හොදට හදන්න ඕනේ
    ලමයට ක්ලාස්
    ඕලේව්ල් කරපන් හරියට දෑලි නොගා අම්මගෙයි තාත්තගෙයි මූනේ , මොනා නැතත් ගණන් පාස් වෙයන්
    ඒලේවල් කරපන් හරියට කැම්පස් යන්න හෝල් ක්ලාස් ගෘප් කාල්ස් පල රැන්ක් එකක් දාල මෙඩිසින් හරි එංජිනියරින් පල
    කැම්පස් පල නවක වදය පිකටින් ඩිග්‍රය/ කෝස් එකක් කරපිය ඩිග්‍රිය දාල තවත් මොනා හරි කරපන් ඒ අස්සේ නමට යටින් හෑල්ල වගේ දාගනින්.
    මොන බිස්නස්ද උබට මෙච්චර ඉගෙනගත්තේ රස්සාවක් කරපිය
    මොකාටද චන්දේ දාන්නේ මේ පාර / අපේ 2500 උරුමය රැකගන්න ඕනේ අනිත් උන් මකබෑවිල පල සිංහල රට යකෝ
    කාරෙකක් ගන්න ඕනේ ලෝන් එකක් හරි ලීස් එකක් හරි දාල
    ඇයි කෙල්ලෙක් නැද්ද බදින්නේ නැද්ද
    ලක්ෂ ගානක වෙඩිමක්
    රෙන්ට් එකට ගෙයක්
    ගෙයක් හදන්න ඕනේ ලෝන් එකක් හරි ලීස් එකක් හරි දාල
    ලමායි හම්බුනා
    ආයේ උඩ ඉදන් රීපිට් කරපන්
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    රටවල් වෙනස් සංස්කෘතීන් වෙනස් බං. ඇමරිකාවෙ ලංකාවෙ නැති හොඳ තියෙනව ලංකාවෙ ඇමරිකාවෙ නැති හොඳ තියෙනව. උඹල පශ්චාත් යටත්විජිතවාදී මානසිකත්වයෙන් පෙලෙනව ඉතිං සුද්දගෙ වැරදි දේවලුත් හරි වගේ පේනව අපේ හරි දේවලුත් මාර ගොඩේ ගොබ්බ ගෝත්‍රික දේවල් වගේ පේන්නෙ. ඕකට බෙහෙත් නෑ :no:

    මෙක ගොතාපු කතාවක් කියලා හිතෙන්නෙ මට විතරද ?
    මෙතන කතාව කියපු එකා උගෙ පම්පොරිය හයිලයිට් කරනවා කියලා තමා මට මුල් පෙලි වලින් තෙරුනෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මෙක ගොතාපු කතාවක් කියලා හිතෙන්නෙ මට විතරද ?
    මෙතන කතාව කියපු එකා උගෙ පම්පොරිය හයිලයිට් කරනවා කියලා තමා මට මුල් පෙලි වලින් තෙරුනෙ

    ගොතපුව තමා බං. නිකං quora එකේ ඇවිදල එන්ගලන්තෙ ජර්මනියෙ ස්වීඩන් වගේ රටවල උන් ඇමරිකාව ගැන කියන ඒව බලපංකො. ලංකාවෙ උන්ගෙ ඇස් නිකං මාර අමුතුම දේකිං හැදිල වගේ අරුං ඔක්කොම ඇමරිකාවෙ සමාජ සංස්කෘතිය පතුරු ගහනව ලංකාවෙ උන්ට ඇමරිකාවෙ මාර සාධාරණත්වයෙන් පිරි සාමකාමී සමාජයක් පේනව. එක්කො අපේ උන්ගෙ සමකෙ කිට්ටුව ඉඳල ඇස් අවුල් වෙලා නැත්තං ඉතිං පෝස්ට් කොලෝනියල් මෙන්ටැලිටිය. මිචියෝ කාකු ආව සාකච්ඡාවක මිචියෝ කාකුම කියනව මතකයි ඇමරිකාවෙ අධ්‍යාපන ක්‍රමේ හින්ද ඇමරිකාවෙ තියෙන රස්සා ටික කරගන්න හැකියාව තියෙන උන් ඇමරිකාවෙන් බිහිවෙන්නෑ හෙන සමාජ අර්බුධයක් කරා ඇමරිකාව යන්නෙ කියල. මෙහෙ අපේ හරක් පැටවුන්ට සුද්දන්ගෙ නං ඕනෙ කුණුගොඩක් ඔලුවට අරං ලංකාවෙ අධ්‍යාපන ක්‍රමෙත් ඇමරිකාවෙ වගේ කරන්න ඕනෙ කියල බයිල දොඩෝනව. පිස්සො.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මේ තියෙන්නෙ ඇමරිකාවට වීගෙන යන දේ. අපිත් ඇමරිකාව අනුගමනය කරමු.
     
    Last edited:

    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    Copy paste karanna epa yako, danwanm oka ahawal ekagen copy kara kiyala dapan, ube wage danne nathuwa, oya post eka liuwe wadagath doctor kenek
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොතපුව තමා බං. නිකං quora එකේ ඇවිදල එන්ගලන්තෙ ජර්මනියෙ ස්වීඩන් වගේ රටවල උන් ඇමරිකාව ගැන කියන ඒව බලපංකො. ලංකාවෙ උන්ගෙ ඇස් නිකං මාර අමුතුම දේකිං හැදිල වගේ අරුං ඔක්කොම ඇමරිකාවෙ සමාජ සංස්කෘතිය පතුරු ගහනව ලංකාවෙ උන්ට ඇමරිකාවෙ මාර සාධාරණත්වයෙන් පිරි සාමකාමී සමාජයක් පේනව. එක්කො අපේ උන්ගෙ සමකෙ කිට්ටුව ඉඳල ඇස් අවුල් වෙලා නැත්තං ඉතිං පෝස්ට් කොලෝනියල් මෙන්ටැලිටිය. මිචියෝ කාකු ආව සාකච්ඡාවක මිචියෝ කාකුම කියනව මතකයි ඇමරිකාවෙ අධ්‍යාපන ක්‍රමේ හින්ද ඇමරිකාවෙ තියෙන රස්සා ටික කරගන්න හැකියාව තියෙන උන් ඇමරිකාවෙන් බිහිවෙන්නෑ හෙන සමාජ අර්බුධයක් කරා ඇමරිකාව යන්නෙ කියල. මෙහෙ අපේ හරක් පැටවුන්ට සුද්දන්ගෙ නං ඕනෙ කුණුගොඩක් ඔලුවට අරං ලංකාවෙ අධ්‍යාපන ක්‍රමෙත් ඇමරිකාවෙ වගේ කරන්න ඕනෙ කියල බයිල දොඩෝනව. පිස්සො.

    මිචියෝ කියන්නෙ කව්ද බ්රෝ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රටවල් වෙනස් සංස්කෘතීන් වෙනස් බං. ඇමරිකාවෙ ලංකාවෙ නැති හොඳ තියෙනව ලංකාවෙ ඇමරිකාවෙ නැති හොඳ තියෙනව. උඹල පශ්චාත් යටත්විජිතවාදී මානසිකත්වයෙන් පෙලෙනව ඉතිං සුද්දගෙ වැරදි දේවලුත් හරි වගේ පේනව අපේ හරි දේවලුත් මාර ගොඩේ ගොබ්බ ගෝත්‍රික දේවල් වගේ පේන්නෙ. ඕකට බෙහෙත් නෑ :no:
    ara RADICAL kiyala thread ekak giya neda. met eka widiyak.
    thamaawa pitasakwala tyala ekata inna eka gana eki gana talks dima
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,140
    18,719
    113
    අදාල නෑනේ
    ඔය පුකේ අමාරුව හොඳ කරන්න තමයි මහින්ද සයිටම් වගෙ ඒව පටන් ගත්තෙ. දොස්තරල, ඉංජිනේරුවො පැටව් ගැස්සුවනම් නිකම්ම ඔය ලෙඩේ හොඳ වෙනව.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,966
    7,286
    113
    Kotahena
    ඔය පුකේ අමාරුව හොඳ කරන්න තමයි මහින්ද සයිටම් වගෙ ඒව පටන් ගත්තෙ. දොස්තරල, ඉංජිනේරුවො පැටව් ගැස්සුවනම් නිකම්ම ඔය ලෙඩේ හොඳ වෙනව.

    Yes :) 100% agreed
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔය පුකේ අමාරුව හොඳ කරන්න තමයි මහින්ද සයිටම් වගෙ ඒව පටන් ගත්තෙ. දොස්තරල, ඉංජිනේරුවො පැටව් ගැස්සුවනම් නිකම්ම ඔය ලෙඩේ හොඳ වෙනව.

    ඉස්සර වගෙ නෙමෙ බන් දැන ගණන් ගන්නෙ නැහ බන් ඉස්සර වගෙ නෙමෙ
    ඉස්සර ලංකාවෙ ගොඩාක් ගෙවල් වල කරන්ට් එකවත් නැහැ. ඉතිං තොරතුරක් දැනගන්න තියෙන මාධ්‍ය ගොඩාක් අඩුයි.
    දැන් එහෙම නෙමෙ ඉන්ටර්නෙට් එක තියෙනවා ,යුටියුබ් ,ෆෙස්බුක් වගෙ දෙවල් වලින් අනිත් අය කරන දෙවල් ලොකෙ වෙන දෙවල් දකිනවා ඉතිං මිනිස්සු ගොඩක් දෙවල් වලට තියෙන ලොකු තැන නැහැ දැන්. බලපන් රටෙ නායකයො කිව්වහම ඉස්සර අපෙ අම්මලාගෙ කාලෙ මෙහෙමද ? දැන් නායකයොන්වත් බයිට් එකට ගන්නවා ෆෙස්බුක් එකෙ. බණ්ඩාරනායක ජනාධිපති උනත් කොල්ලො කින්ඩියට පොස්ට්ස් හදාවි .
    ඉස්සර තත්වෙ වෙනස් දැන් සැහෙන්න
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    ගොතපුව තමා බං. නිකං quora එකේ ඇවිදල එන්ගලන්තෙ ජර්මනියෙ ස්වීඩන් වගේ රටවල උන් ඇමරිකාව ගැන කියන ඒව බලපංකො. ලංකාවෙ උන්ගෙ ඇස් නිකං මාර අමුතුම දේකිං හැදිල වගේ අරුං ඔක්කොම ඇමරිකාවෙ සමාජ සංස්කෘතිය පතුරු ගහනව ලංකාවෙ උන්ට ඇමරිකාවෙ මාර සාධාරණත්වයෙන් පිරි සාමකාමී සමාජයක් පේනව. එක්කො අපේ උන්ගෙ සමකෙ කිට්ටුව ඉඳල ඇස් අවුල් වෙලා නැත්තං ඉතිං පෝස්ට් කොලෝනියල් මෙන්ටැලිටිය. මිචියෝ කාකු ආව සාකච්ඡාවක මිචියෝ කාකුම කියනව මතකයි ඇමරිකාවෙ අධ්‍යාපන ක්‍රමේ හින්ද ඇමරිකාවෙ තියෙන රස්සා ටික කරගන්න හැකියාව තියෙන උන් ඇමරිකාවෙන් බිහිවෙන්නෑ හෙන සමාජ අර්බුධයක් කරා ඇමරිකාව යන්නෙ කියල. මෙහෙ අපේ හරක් පැටවුන්ට සුද්දන්ගෙ නං ඕනෙ කුණුගොඩක් ඔලුවට අරං ලංකාවෙ අධ්‍යාපන ක්‍රමෙත් ඇමරිකාවෙ වගේ කරන්න ඕනෙ කියල බයිල දොඩෝනව. පිස්සො.

    Forum වල නම් European උන් America උන් සතේ කට ගනන් ගන් නැ. අර අපි ඉන්දියන් කිව්වාම බලන විඳියට තමයි උන් American කිව්වම බලන්නේ. :lol:

    9gag වල තමයි සුපිරි අතල් තියෙන්නේ American එකෙක් miles එහෙම පාවිචිචි කරලා post දැම්මා ම comment බලන්න ඕනේ. Charter කරන්වා උන්ව සුපිරියට.
     
    තවම දූපත් මානසිකත්වයෙන් ඉන්න අනාථයයෝ ඕන තරං ඉන්නවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Forum වල නම් European උන් America උන් සතේ කට ගනන් ගන් නැ. අර අපි ඉන්දියන් කිව්වාම බලන විඳියට තමයි උන් American කිව්වම බලන්නේ. :lol:

    9gag වල තමයි සුපිරි අතල් තියෙන්නේ American එකෙක් miles එහෙම පාවිචිචි කරලා post දැම්මා ම comment බලන්න ඕනේ. Charter කරන්වා උන්ව සුපිරියට.

    9gag eke Indian un tharan charter wenne na wena mona jathiyak wath :sorry:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Forum වල නම් European උන් America උන් සතේ කට ගනන් ගන් නැ. අර අපි ඉන්දියන් කිව්වාම බලන විඳියට තමයි උන් American කිව්වම බලන්නේ. :lol:

    9gag වල තමයි සුපිරි අතල් තියෙන්නේ American එකෙක් miles එහෙම පාවිචිචි කරලා post දැම්මා ම comment බලන්න ඕනේ. Charter කරන්වා උන්ව සුපිරියට.

    retarded units :D
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ගොතපුව තමා බං. නිකං quora එකේ ඇවිදල එන්ගලන්තෙ ජර්මනියෙ ස්වීඩන් වගේ රටවල උන් ඇමරිකාව ගැන කියන ඒව බලපංකො. ලංකාවෙ උන්ගෙ ඇස් නිකං මාර අමුතුම දේකිං හැදිල වගේ අරුං ඔක්කොම ඇමරිකාවෙ සමාජ සංස්කෘතිය පතුරු ගහනව ලංකාවෙ උන්ට ඇමරිකාවෙ මාර සාධාරණත්වයෙන් පිරි සාමකාමී සමාජයක් පේනව. එක්කො අපේ උන්ගෙ සමකෙ කිට්ටුව ඉඳල ඇස් අවුල් වෙලා නැත්තං ඉතිං පෝස්ට් කොලෝනියල් මෙන්ටැලිටිය. මිචියෝ කාකු ආව සාකච්ඡාවක මිචියෝ කාකුම කියනව මතකයි ඇමරිකාවෙ අධ්‍යාපන ක්‍රමේ හින්ද ඇමරිකාවෙ තියෙන රස්සා ටික කරගන්න හැකියාව තියෙන උන් ඇමරිකාවෙන් බිහිවෙන්නෑ හෙන සමාජ අර්බුධයක් කරා ඇමරිකාව යන්නෙ කියල. මෙහෙ අපේ හරක් පැටවුන්ට සුද්දන්ගෙ නං ඕනෙ කුණුගොඩක් ඔලුවට අරං ලංකාවෙ අධ්‍යාපන ක්‍රමෙත් ඇමරිකාවෙ වගේ කරන්න ඕනෙ කියල බයිල දොඩෝනව. පිස්සො.

    සමාජ වෙනස ජීවත් වෙලාම බලපන්...එතකොට තේරෙයි.මිචියො මොකක් කිව්වත් ලෝකෙ හොදම කැම්පස් ටික තියෙන්නෙ ඇමරිකාවේ.සයන්ස් ටෙක්නොලොජි වල මුල ඇමරිකාව.අධ්‍යාපන ය එහෙ හොද බිස්නස් එකක්...එකයි තියෙන එක්ම අප්සට් එක. ඒ.ඒ උනත් සාමන්‍ය අයට ගාස්තු ගෙවන්න ක්‍රම හදල තියෙනවා .හොදම කැම්පස් ඔක්කොම ප්‍රයිවට් ඒකයි ඒවා ඉස්සරහින් ඉන්නෙ.ලොකු බජට් එකකට යන බිස්නස් එකක් නිසා....උපාදිය කොලබින් වගේ නිකන් දෙන්න ගත්තනම් කොහෙන් හරි බැංකුවකින් නයට අරන් තමයි උපාදි දෙන්න වෙන්නෙ...:rolleyes::rolleyes: