ඔය budget එකට නං ගොඩක් හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන් මචං.
photographer කෙනෙක් තෝරාගන්න බලන්න ඕනේ කීපයක්ම තියනවා. මේ කියන්නේ මට හිතෙන විදිය සහ මම බලන විදිය.
Brand Name එකට වඩා කරන තියන events වල ෆොටෝ බලන්න. ගොඩක් අයට කැමරාවක් සල්ලි දීල අරන් photographer කියන පට්ටම දාගන්න පුළුවන්නේ.
කරලා තියන ෆොටෝ බලල හොඳ ඇහැක් තියන කෙනෙක් තෝරාගන්න. එකම කෝණ වලින් හැම කෙනාගෙම එකම විදියට ෆොටෝ ගන්න කෙනෙක් නං මම අනුමත කරන්නේ නෑ.
අනිත් එක facebook එකේ අරකෙ මේකේ තියන ෆොටෝ විතරක් බලල සෑහීමකට පත් වෙන්න එපා! ගිහින් හම්බ වෙලා කතා කරන්න. album ටිකක් බලන්න.
හොඳ ප්‍රොෆෙෂනල් කෙනෙක් ගාව අනිවාර්යයෙන් album තියනවා එන කෙනෙක්ට පෙන්නන්න.
පැකේජ් එකට මොනවද ලැබෙන දේවල් කියල දැනගන්න. පැය කීයක් ඔයාලත් එක්ක ඉන්නවද pre-shoot වල සහ main function එක දවසේ.
මනමාලි/මනමාලය ලැස්ති වෙන ෆොටෝ ගන්න එනවද? නැත්තන් කොතන ඉඳන් වගේද ෆොටෝ ගන්න පටන් ගන්නේ වගේ දේවල් දැනගන්න.
ෆොටෝ ගන්න ප්‍රධාන කෙනා එනවද අනිවාර්යයෙන් සහ කී දෙනෙක් එනවද කියන එක විශේෂයෙන්. මොකද සමහර අය දවසට 2ක් 3ක් අරගෙන ප්‍රධාන කෙනාගේ යටතේ ඉන්න හෝ වැඩ ඉගෙන ගන්න අය එවනවා! හැබැයි FB වල වගේ ප්‍රසිද්ද කරන්නේ අර ප්‍රධාන කෙනා ගන්න ලස්සන ෆොටෝ! අහුවෙන්න එපා!
review බලන්න facebook එකේ එහෙම. තෝරාගන්න ඉන්න අයගේ වැඩ ගැන දැන් review සහ කමෙන්ට් බලාගන්න පුළුවන්. වෙඩින් සම්බන්ධ දේවල් ගැන කතා කරන්න ප්‍රසිද්ද ඵචෙබූක් group පවා තියනවා! සම්බන්ධ වෙලා හොයල බලන්න.
වැදගත්ම දේ තමයි මචං, කවුරු කොහොම කිවිවත් කළබල වෙලා සල්ලි ගෙවන්න යන්න එපා! තමන්ට හොඳ වෙන්න ඕනේ සහ විශ්වාස වන්ත වෙන්න ඕනේ. එක වතාවනේ වෙඩින් එකක් ගන්නේ.
ප්‍රශ්න අහන්න ලැජ්ජා වෙන්න එපා මචං. අහන්න තියන ඔක්කොම අහල කතා කරලා දැනගන්න. මොකද ජීවිතේ එක පාරක් කෙරෙන විශේෂ දෙයක් වෙන වෙඩින් එකේ අනිත් කිසිම දෙයක් නෙමේ ඉතුරු වෙන්නේ. ෆොටෝ, වීඩියෝ සහ හනිමූන් එක විතරයි! ඒ නිසා ඒවාට වැඩි අවදානයක් යොදවන්න මචං.
function එක ගන්න හෝටලේ මොකක්ද දෙන කෑම එක මොකක්ද කොහෙන්ද ඩේකෝ කරේ කියන එකට වඩා. මොකද කොහොම දුන්නත් රත්තරන් පිඟන් වල රත්තරන් බිත්තර දුන්නත් බනින කෙනා බනිනවා! අඩු පාඩු කියනවා!
ජය වේවා!