ගොඩක් උන් යන්නේ ළමයින්ගේ අනාගතේ හොඳ වෙන්න කියලා. යන උන්ට අයිඩියා එකක් නැහැ ළමයි එහෙ කොන් වෙනවා කියලා. ගොඩක් යන උන්ගේ 2 ජෙනරේෂන් එක (යන උන්ගේ ළමයි) තමයි ගොඩක්ම අවුලෙන් ඉන්නේ. උන්ට හරිහමන් අනන්‍යතාවයක් නැති වෙනවා. එහෙ ඉපදුන උන්ටත් සලකන්නේ ලංකාවෙන් ඊයේ පෙරේදා ආපු උන්ට සලකනවා වගේ. ඉතින් හිතපන්කෝ උන් කොච්චර මානසිකව වැටෙනවද කියලා තමන් ඉපදුනු රටේ එහෙම වෙනකොට. තමන් ඉපදුනු රටේදී තමන්ව පිටස්තරයෙක් විදියට සලකනකොට.
ලොකුම අවුල ළමයින්ට ආපහු දමලා ගහලා ලංකාවට එන්නත් බැහැ ලොකු උනාම උන්ට ලංකාවේ පුරවසිකමක් නැති හින්දා, ලංකාවේ බාෂාව දන්නෙත් නැහැ, ලංකාවේ ඉන්න ඕන විදිය දන්නෙත් නැහැ.