විස්‌සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්‌ඩායම් අට තරග වටය යටතේ පල්ලකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ (01 දා) පස්‌වරුවේ පැවැති පළමු තරගයේදී නියමිත පන්දු වාර 20 දී ලකුණු සමවෙමින් සුපිරි පන්දුවාරය දක්‌වා දිග හැරුණු බටහිර ඉන්දීය කොදෙව් - නවසීලන්ත තරගයේදී zසුපිරි පන්දු වාරයේදීZ ජය වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ.
අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමට ජයග්‍රහණය තීරණාත්මක වූ මෙම තරගයේදී මාලන් සැමුවෙල්ස් විසින් යවන ලද සුපිරි පන්දුවාරයට නවසීලන්ත පිතිකරුවන් ලකුණු 17 ක් රැස් කළද ටිම් සවුති විසින් යවන ලද සුපිරි පන්දුවාරයේදී අදාළ ඉලක්‌කය පන්දුවක් ඉතිරිව තිබියදී රැස් කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් සමත්වූහ. ජයග්‍රාහී කොදෙව් පිල වෙනුවෙන් ක්‍රිස් ගේල් පන්දු 3 කදී ලකුණු 08 ක්‌ද (එක් හයේ පහරක්) ක්‌ද මාලන් සැවුවෙල්ස් (එක් හයේ පහරක්) පන්දු 3 කදී ලකුණු 09 ක්‌ද ලබා ගත්හ.
ලකුණු 140 ක ඉලක්‌කයක් හඹා ගිය නවසීලන්ත කණ්‌ඩායමට අවසන් පන්දුවේදී ලකුණු දෙකක් ලබා ගැනීමට නියමිත වුවත් දෙවැනි ලකුණ කරා දිව යැමේදී ඩග් බ්‍රැක්‌වෙල් දුවද්දී දැවී යැමකට හසුවීම මත දෙපිලේම ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයේ විය. අතිරේක Sක්‍රීඩකයකු වූ ඩ්වයින් ස්‌මිත් විසින් ඩීප් මිඩ්විකට් කලාපයේ සිට පන්දුව කෙළින්ම කඩුල්ලේ වැද්දවීමට සමත්වීම එහිදී කැපී පෙනෙන සිදුවීමක් වූවේය.
නවසීලන්තය වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරන ලද රොස් ටේලර් පන්දු 40 කදී හයේ පහර 03 ක් සහ හතරේ පහර 3 එල්ල කරමින් නොදැවී ලකුණු 62 ක් ලැබුවද ජයග්‍රහණය ආසන්නයේ සිටි නවසීලන්ත පිල පසුපසට ඇද දමමින් ලකුණු 20 කට කඩුලු 3 ක් බිඳ දැමූ සුනිල් නරේන්ට තරගයේ වීරයා සම්මානය හිමිවිය.
ලකුණු සාරාංශය
බටහිර ඉන්දීය කොදෙව් පිල පන්දුවාර 19.3 කදී සියලුදෙනා දැවී 139 යි (ක්‍රිස් ගේල් 30, මාලන් සැමුවෙල්ස් 24, ඩ්වයින් බ්‍රාවෝ 16, කිරන් පොලාර්ඩ් 28, ඩැරන් සමී 11, ඩග් බ්‍රැක්‌වෙල් 31/3, ටිම් සවුති 21/3, නේතන් මැකලම් 19/2)
නවසීලන්තය පන්දුවාර 20 කදී 139/7 යි (මාටින් ගප්ටිල් 21, බ්‍රෙන්ඩන් මැකලම් 22, රොස් ටේලර් (නොදැවී) 62, ෙ-ම්ස් µ්‍රeන්ක්‌ලින් 14, සුනිල් නරේන් 20/3)