“ඔයා බිසීද?” Whatsapp එකේ කෙල්ලෙක් set කරගන්න අපේ කොල්ලෙක් දාපු චැට් එකක්
ජූනි 10 සිකුරාදා
කොල්ලා – හායි
කෙල්ල – මං ඔයාව දන්නවද?
කො – නෑනෙ. මං විතරයි දන්නෙ
කෙ – ඒ කොහොමද?
කො – මං ගිය සතියෙ අපෙ අක්කගෙ පොඩි එකාව ඉස්කෝලෙට දාන්න ආවනෙ
කෙ – ඉතිං?
කො – ඉතිං ඔයාව දැකලා ආසා හිතිලා නොම්මරේ හොයාගත්තා
කෙ – ඒ කාගෙන්ද ඉල්ලගත්තෙ?
කො – එහෙම කියන්න බැහැනෙ
කෙ – එහෙනං කතාකරන්න එපා මාත් එක්ක!
ජූනි 11 සෙනසුරාදා
කෙ – ඉතිං කියන්නකො කාගෙන්ද මගේ නොම්මරේ ඉල්ලගත්තෙ
කො – මං කිවුවනෙ ටීචර්. එහෙම කියන්න බැහැ කියලා
කෙ – ටීචර්? ආ ඒ කියන්නෙ විස්තරත් හොයලා
කො – ඔවු මං ඔයා ඉන්න තැනත් දන්නවා
කෙ – පස්සෙනුත් ආවද?! මං ඔය වගේ අයට ආසා නැහැ. ආයෙ කතා කරන්න එපා පොලීසියට කියනව
කො – අයියෝ කතා කරන්නකො
ජූනි 12 ඉරිදා
කො – තාමත් තරහද? කතා කරන්නකො
ජූනි 13 සඳුදා
කො – තාමත් තරහද? කතා කරන්නම බැරිද?
ජූනි 14 අඟහරුවාදා
කො – අද කතා කරන්නෙත් නැද්ද? මං කරදරයක්ද?
කෙ – මට එදානං කේන්ති ගියා ගෙදරත් දන්නවා කිවුවම
කො – මං ඔයාට කැමති නිසයි හෙවුවෙ. කිසිම කරදරයක් කරන්න නෙමෙයි.
කෙ – ඇයි ඔච්චර කැමති?
කො – එකකට කියලා කියන්න බැහැ. හිත ගියා
කෙ – අනේ බැට්රි ලෝ. හෙට කතා කරමු අපි.
කො – හා. හෙට චාජ් කරගෙන එන්න. මම හෙට කෝල් කරන්නද?
කෙ – එපා!
ජූනි 15 බදාදා
කෙ – ඔයා බිසීද?
කො – අනේ නැහැ
කෙ – මං බැලුව උදේම කතා කරන්නං කිවුව කෙනා ඇයි කතා කළේ නැත්තෙ කියලා
කො – අනේ මට සනීප නැති වුනානෙ. උදේ ගිහිං බෙහෙත් ගෙනාව. නින්ද ගිහිල්ලයි හිටියෙ
කෙ – අනේ. ඒ මොනව වෙලාද?
කො – වයිරස් උනක්ද කොහෙද… සනීප වෙයි ඉක්මනට.
කෙ – දොස්තර මොකද කිවුවෙ?
කො – අමාරුවෙන් හරි ආදරේ කරන කෙනාව බලන්න යන්න කිවුව
කෙ – පිස්සු කියවන්නෙපා අනේ. මොනවද කිවුවෙ?
කො – මං කිවුව එහෙම බෑ. එයාටත් බෝ වුනොත් පවුනෙ කියලා. මං එහෙම ගොඩක් කෙයාරිං පොරක්
කෙ – පිස්සු කියවන්නැතුව නිදාගන්න. මං හෙට උදේම කතා කරන්නං.
කො – හා… උම්ම්ම්මාා…
කෙ – පිස්සෙක්!
ජූනි 16 බ්රහස්පතින්දා
කෙ – මොකෝ ලෙඩ අඩුයිද දැන්.
කො – ඔවු හුඟක් අඩුයි. සනීපෙටම සනීප වෙන්න තව එක බෙහෙතයි කරන්න තියෙන්නෙ.
කෙ – ඒ මොකද්ද?
කො – ඔයාව හම්බෙන්න එන එක තමයි ඉතිං
කෙ – බෑ බෑ
කො – ඇයි බැරි?
කෙ – ඔයා තාමත් කිවුවෙ නැහැනෙ කවුද නම්බර් එක දුන්නෙ කියලා
කො – ඒක කියන්න බැහැනෙ රත්තරං
කෙ – ඇයි?
කො – එතකොට ඔයා එයාට බනියි මං වගේ රස්තියාදුකාරයෙකුට නම්බරේ දුන්නා කියලා.
කෙ – නැහැ පිස්සො. කියන්නකො
කො – කිවුවොත් එනවද?
කෙ – කොහෙ යන්නද?
කො – කොහේ හරි. නිදහස් තැනකට. කතා කර කර ඉන්න. ඒ වෙලාවට හිතලා යමු
කෙ – අනේ මට ලැජ්ජයි
කො – ඒ කියන්නෙ මාව එපාද? මං ආයි කතා නොකර ඉන්නං එහෙනං.
කෙ – මං එහෙම කිවුවෙ නැහැනෙ?
කො – ඔයා එනවද නැද්ද කියලා උත්තරයක් හිතන්න. මගෙ ඇඟට අමාරුයි මං නිදියනව
ජූනි 17 සිකුරාදා
කෙ – ඔයාට දැන් කොහොමද?
කො – හොඳටම හොඳයි. ඔයා හෙට එනවද?
කෙ – හා කොහෙටද?
කො – වැල්ලවත්තට
කෙ – ඇයි වැල්ලවත්තටම?
කො – ඒ හරියෙ වැඩිය කට්ටියට අපිව පේන්නෙ නැහැ. නැත්තං ඔයාට හොඳ නැහැනෙ
කෙ – හම්ම්ම්… දැන් මට කියන්න කවුද මගේ නම්බර් එක දුන්නෙ.
කො – මං ඔයාගෙ පන්තියෙ ළමයෙකුගේ අම්මා කෙනෙකුගෙන්, අපේ අක්කට කියලා ඉල්ලවගත්තා
කෙ – හරිම හොරෙක්නෙ!
කො – දැන් හරිනෙ? එනවනේ?
කෙ – හ්ම්ම්ම්… මොකද්ද මං ඇඳගෙන එන්න ඕන.
මේ චැට් එකේ අපි අතරින් පතර තැන් කැපුවා. කොල්ලා දස්සයා. කෙල්ලත් දෙවනි නැහැ.

-නිමි?
-මේ චැට් එකේ අපි අතරින් පතර තැන් කැපුවා. කොල්ලා දස්සයා. කෙල්ලත් දෙවනි නැහැ.
Last edited: