Which country is best for vehicle lovers

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ශිපින් කොස්ට් එක ගානක්ද බන් ලක්ෂ 15කට විතර මෙහාට පටවල ලක්ෂ 80ක් 100ක් හොයන්න පුලුවන්නම්. :P
    දැන් උන හිතුවද පිටරට පට්ට ගණන් අඩු ඒවා මෙහෙ හෙන ගානං නිසා පට්ට ලාබයක් ගන්න පුළුවන් කියල ? යකෝ ඒ වෙනස යන්නේ ආණ්ඩුවට වාහනේ ගෙන්නන එකාට නෙවේ.
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    දැන් උන හිතුවද පිටරට පට්ට ගණන් අඩු ඒවා මෙහෙ හෙන ගානං නිසා පට්ට ලාබයක් ගන්න පුළුවන් කියල ? යකෝ ඒ වෙනස යන්නේ ආණ්ඩුවට වාහනේ ගෙන්නන එකාට නෙවේ.

    Sorry, just missed that point. :sorry:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    Germany
    Supiri cars, autobahn eke unlimited speed yanna puluwan places tiyanawa :D

    ඉස්සර ඕස්ට්‍රේලියාවේ northern territory එකේ ප්‍රධාන පාරවල් වල (නගර සීමා ආසන්නයේ හැර) වේග සීමාවන් තිබුනේ නැහැ. නගර අතරත් සමහර විට කිලෝ මීටර් හාර පන්සීයක් විතර දුර තියන නිසා තැනිතලා, වංගු නැති පාරවල් වල වේගෙන් යන්න ආසා හිතෙනවා. ඒ කාලයේ "කැනන් බෝල් රන්" කියලා රේස් එකක් (1994 වනතුරු ) තිබුනා. කිලෝමීටර හාර දාහකට ආසන්න දුරක් කොටස් වශයෙන් දවස් පහක් හයක් පුරා යන මේ රේස් එකට ෆෙරාරි, පෝර්ෂ් , ලැම්බෝගිණි විතරක් නොවේ, නිකම්ම නිකං කොරොල්ලා වගේ කාර් පවා (ජොලියට ) සහභාගී උනා. 94 දී ජපන් කාරයෙකුගේ කාර් එක හැපිලා හතරක් මළා. ඉන්පසුව රේස් එක නැවතුනා.හැපෙනකොට 300km/h ටත් වැඩියෙන් ගියා කියලා තමයි කියැවුනේ.

    යුරෝපයේ (ජර්මනියේ) ඔටෝ බාන් එකට වඩා එකල මේ පාරවල් වල එලවන එක ලොකු විනෝදයක් කියන්න පුළුවන්. මොකද ඕනෑම තැනක නවත්වන්න පුළුවන්කම, ඒවාගේම පාරේ වාහන නැතිකම (සමහර විට පැයකට එක වාහනයක්වත් හමු නොවෙන අවස්ථා තියනවා) වැනි හේතු නිසා ඔටෝ බාන් එකට වඩා හොඳයි. නමුත් පසු කාලයේ, එනම් 2000/01 පමණ මේ වේග සීමාව 130 ට සීමා කළා.

    මමත් මේ පාරවල් වල 165 km /h පමණ දක්වා ස්පීඩ් කරලා තියනවා. එකල මට තිබුන 4wd එක කිසිම aerodynamic හැඩයක් නැති පෙට්ටියක් වාගේ නිසා හුලං ප්‍රතිරෝධයට ගැහෙන කොට ඊට වඩා යන්න බයයි. 165 දී විතර දෙපැත්තට ගැහෙන්න ගන්නවා. මම 150 ට විතර යනකොටත් මට ඕවර්ටේක් කරලා තත්පර කිහිපයකින් නොපෙනී ගිය වාහන තිබුනා. එවුන් නම් 200 පන්නලා යන අය.