Who is DILSHAN?

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    මේක දාන්න හිතුනේ ඊයේ දවසේ ප්‍රවෘත්ති බලලා හිතට ආපු දෙයක් නිසා.උඹලා දකින්න ඇති පෙරේදා මැච් එක ඉවර වෙලා ඩිල්ශාන් කරපු කතාව.:sorry::sorry:

    ඒකෙදි ඌ මට හිතෙන විදිහට ඌ කවුද කියන එක හරියට පෙන්නුවා.හරියට කල්පනාවෙන් ඒ කතාව අහන කෙනෙකුට ඒකෙදි ඌ සංගට,මහේලට වගේම වර්තමාන ශ්‍රී ලංකා කන්ඩායමේ නායක ඇංජලෝ මැතිව්ස්ටත් කැත විදිහට බැන්නා.

    සංගා,මහේල ......ඩිල්ශාන් කැප්ටන්සිය කරන කාලේ උට සපෝට් එක දුන්නේ නෑ කියලා කිව්වා.මැතිව්ස් ඌ කැප්ටන්සිය කරන කාලේ බෝල් කරේ නෑ කියලා කිව්වා.කෝච් ලට දොස් කිව්වා ,තේරීම් කමිටු වලට දොස් කිව්වා.:growl:

    මට හිතෙන්නේ මේ දේවල් පිටට කියපු දෙයින් ඩිල්ශාන් තමන්ට තිබුනු ගරුත්වය සම්පූර්ණයෙන්ම නැති කරගත්තා කියලා.නැතිනම් තමන් නියම මහත්මයෙක් නොවෙන බව ලෝකෙටම කිව්වා කියලා.මොකද මේ දේවල් හාරා ඇවිස්සුවා කියලා දැන් ලැබෙන දෙයක් නෑ.ඩිල්ශාන් කොච්චර කිව්වත් උඩ බලාගෙන කෙල ගැහුවට වැඩක් නෑ කියලා මට හිතෙන්නෙම මූ කරගෙන තියෙන්නේ උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක්.

    සමහර විට එදා මැච් එක දින්නනම් මේ දේවල් නොකිය ඉන්නත් තිබුනා.එදා මැච් එක පැරදුනු නිසා හිත ඇතුලේ පැහැව පැහැව තිබුනු වෛරය එලියට පැන්නා වෙන්න පුලුවන්.මම හරියටම මෙතන කවුද හරි?කවුද වැරදි? කියන එක හොයන්න යනවට වඩා උඹලට අමතක වෙච්ච පොඩි කතාවක් කියන්නම්.ඒක බලලා හරියට තීරණයක් ගනින්.ඒක පාරටම මිනිස්සුන්ට කුහකයෝ,ආත්මාර්ථකාමියෝ කියලා බනින්න යන්න එපා.(මොකද මම දැක්කා එදා ඒ කතාවෙන් පස්සේ ,කාලයක් උඹලා දෙවිවරු වගේ කතා කරපු සංගටයි,මහේලටයි හොදට පලු යන්න බනිනවා.ඇන්ජලෝ මැතිව්ස්ට බනිනවා.මට ඩිල්ශාන් එක්ක පුද්ගලික තරහක් නෑ.ඒ උනාට මට හිතෙන්නේ ඌ ඔය කියන තරම්/ලෝකෙට මවා පාන තරම් සුදු චරිතයක් නෙමේ කියලා.එහෙම හිතෙන්නේ සාධාරණ හේතු ඇතුව):(

    මෙන්න මේ වීඩියෝ දෙක බලපන්,

    සිද්ධිය සරලවම කිව්වොත් බැට් කරන එකාට සෙන්චරිය ගහන්න බැරි වෙන්න නෝ බෝලයක් දාන්න කියලා මූ සුරාජ් රන්දීව්ට කියනවා.

    මේකට සංගා සම්බන්ධයි කියන කතාව මමනම් පිලිගන්නේ නෑ.ඒක හොදටම ටෝනිගේ කතාවෙනුත් පේනවා.මූ මෙහෙම කරන්නේ මූත් එක්ක එකට අයි.පී.එල් ගහපු (දිල්ලි ඩෙයාඩෙවිල්ස්)ගෙවල්වල පවා ගිහිල්ලා එකට කාලා බීලා අශ්‍රය කරපු විරෙන්දර් ශෙවාග්ට.ඉතින් බන් මෙහෙම වැඩක් කරන එකෙක් හොදයි කියලා කියන්න මට නම් බැහැ.ඒ කාලේ කතාවක් ගියා "ක්‍රිකට් බල්ලට ගිහිල්ලා,බල්ලො ක්‍රිකට් වලට ඇවිල්ලා කියලා".ඉතින් ඒ කවුද කියලා තීරණය කරන එක උඹලට බාරයි.

    ඇරත් මූ අලුත් ප්ලේයර්ස්ලට කැපිල්ල දාපුවා,ඒ වගේම කලින් හිටිය වයිෆ්ටයි,ලමයටයි බොරු කරලා රවට්ටපුවා ගැනත් මම අහලා තියෙනවා.ඒ එක්ක බලන කොට තාමත් මටනම් මූට වැඩිය අර උඩ කියපු ප්ලේයර්ස්ලා තුන් දෙනාම හොදයි.

    ඩිල්ශාන් රටට දෙයක් කලා.දක්ශ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.ලෝකෙම පිලිගන්න කෙනෙක්.ඒ ගැන කතාවක් නෑ.ඒ ගැන පොඩිකාලේ ඉදන්ම ක්‍රිකට් මැච් බලන කෙනෙක් විදිහට ගෞරවයක් තියෙනවා.ඒ උනාට ඌ මහත්මයෙක් කියන එක පිලිගන්න මටනම් ටිකක් අමාරුයි.:(

    රෙප් කැපුවට කමක් නෑ මචන්.මේකයි ඇත්ත.:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ මරු බන්. ක්‍රීඩකයන්ගෙ හොඩ නරක හාරාවුස්සල වැඩක් නැහැ කියල මුලින් කියල. පස්සෙ උබ ඩිල්ශාන්ගෙ වැරදි දානව.:baffled:
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    උබ මරු බන්. ක්‍රීඩකයන්ගෙ හොඩ නරක හාරාවුස්සල වැඩක් නැහැ කියල මුලින් කියල. පස්සෙ උබ ඩිල්ශාන්ගෙ වැරදි දානව.:baffled:

    මම වැරදි හාරාඇවිස්සුවා නෙමේ බන්.මම කියන්න උත්සහ කලේ මම දැකපු ඇත්ත.ඒක උඹට අනුව වැරදි වෙන්න පුලුවන්.තාම ඩිල්ශාන් රිටයර් වෙලා සතියක්වත් නැහැනේ.
     
    • Like
    Reactions: KasunKDP

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    චන්දිමාලය ලෝඩ්ස් වල උගේ පලවෙනි 100 ය ගහන්ඩ යද්දී ඇන්ජලෝ මැතිව්ස් සප් එක දෙද්දිත්(ඒ වෙලේ මැතිව්ස් ගැහුව නම් මැච් එක ඉවර වෙලා අරුට 100 ගහන්ඩ බැරි වෙනවා.මැතිව්ස් එක දදා අරුට ගහන්ඩ චාන්ස් එක දෙනවා )ඒ වෙලෙත් මැතිව්ස් ට දිල්ශානය බනින සින් එකක් තිබ්බ .පොර ටිකක් ආත්මාර්ථ කාමී තමි ඒ අතින් නම්

    මෙන්න මේ මැච් එකේ

    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Okkoma ekai ban. ekek udata yanawata anika kemathi naa.Salli Salli Salli........
    Dilshan match fixing karala thiyenawa kiyala news thiyenawa ban.
     
    • Like
    Reactions: craabeysinghe

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    adenawa................ mewage commentator kenek nene dang..........

    personality, presentation, voice and depth analysis.

    danata kittuwenda inna ekkenek nassar hussain witharay, eth tony is the best...............
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    චන්දිමාලය ලෝඩ්ස් වල උගේ පලවෙනි 100 ය ගහන්ඩ යද්දී ඇන්ජලෝ මැතිව්ස් සප් එක දෙද්දිත්(ඒ වෙලේ මැතිව්ස් ගැහුව නම් මැච් එක ඉවර වෙලා අරුට 100 ගහන්ඩ බැරි වෙනවා.ඉතින් )ඒ වෙලෙත් මැතිව්ස් ට දිල්ශානය බනින සින් එකක් තිබ්බ .පොර ටිකක් ආත්මාර්ථ කාමී තමි ඒ අතින් නම්

    මෙන්න මේ මැච් එකේ

    මට මේක කියන්න අමතක උනා.ඩිල්ශාන්ගෙත් වැරදි තියෙන්න ඇති.ඒ නිසා අනිත් උන්ට එහෙම කරන්න උනා වෙන්න පුලුවන්.මට මේක දාන්න හිතුනේ ඒකයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඩිල්ශාන්ගේ අඩුපාඩු ඇති. ඒත්, ඔච්චර ප්‍රශ්න ටිකක් හිතේ තියාගෙනත් ඌ සංගා මහේල මැතිව්ස්ලා එක්ක ප්‍රශ්න ඇති නොකරගෙන මැතිව්ස්ගේ නායකත්වය යටතේ හිතේ කිසිම කහටක් නැතුව උපරිමයෙන් කැපවෙලා වැඩ කරා. ඒකම හොඳ මහත්මා ගතියක්.

    මැච් එක ඉවර වෙලා ඩිල්ශාන් කරපු කතාව ගැන කලබල වෙන්න එපා. ඔය වගේ දේවල් වෙච්ච පලවෙනි අවස්ථාව නෙවෙයි. මේ වගේ සිද්දි වලට රොෂාන් මහනාම පොතකුත් ලිව්වා. තමන්ට අසාධාරනයක් උනා නම් තමන්ගේ ෆෑන්ස්ලට කියලා තමන්ගේ හිතේ තියෙන වේදනාව පිට කරන්නත් එපෑය.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    Okkoma ekai ban. ekek udata yanawata anika kemathi naa.Salli Salli Salli........
    Dilshan match fixing karala thiyenawa kiyala news thiyenawa ban.

    ටීම් එක ඇතුලේ මේ දේවල් මේ විදිහට වෙනවනම් අපි 2019 ලෝක කුසලානේ ගැන බලාපොරොත්තු තියාගන්න එක බොරු වැඩක්!:sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඩිල්ශාන්ගේ අඩුපාඩු ඇති. ඒත්, ඔච්චර ප්‍රශ්න ටිකක් හිතේ තියාගෙනත් ඌ සංගා මහේල මැතිව්ස්ලා එක්ක ප්‍රශ්න ඇති නොකරගෙන මැතිව්ස්ගේ නායකත්වය යටතේ හිතේ කිසිම කහටක් නැතුව උපරිමයෙන් කැපවෙලා වැඩ කරා. ඒකම හොඳ මහත්මා ගතියක්.

    මැච් එක ඉවර වෙලා ඩිල්ශාන් කරපු කතාව ගැන කලබල වෙන්න එපා. ඔය වගේ දේවල් වෙච්ච පලවෙනි අවස්ථාව නෙවෙයි. මේ වගේ සිද්දි වලට රොෂාන් මහනාම පොතකුත් ලිව්වා. තමන්ට අසාධාරනයක් උනා නම් තමන්ගේ ෆෑන්ස්ලට කියලා තමන්ගේ හිතේ තියෙන වේදනාව පිට කරන්නත් එපෑය.

    :yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ටීම් එක ඇතුලේ මේ දේවල් මේ විදිහට වෙනවනම් අපි 2019 ලෝක කුසලානේ ගැන බලාපොරොත්තු තියාගන්න එක බොරු වැඩක්!:sorry:

    2019 කලින් යන විදියට ලංකාවේ ක්‍රිකට් ඉවර වෙනවා :lol::lol: :P :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මට නං හිතෙන්නේ ඔය දිලි ට ටීම් එකෙන් සප් එක හම්බුනේ නැති එක ඇත්ත .. ඒක ඉතින් සමහර විට උගේ නායකත්ව ගුණාංග වල අවුලක් වෙන්න ඇති.. අර චන්දිමාල් ගේ 100 යේ වීඩියෝ එක බැලුවමත් තේරෙනවා දිලි බයේ ඉන්නේ විකට් යයි කියල .. මැතිව්ස් ඌ කියන දේ අහන්නේ නැතුව ආතල් එකක් ගන්නවා .. ඒක ඉතින් කාගේවත් වරදක් නෙවෙයි අනික ඕක ඔච්චර ප්‍රශ්නෙකුත් නෙවෙයි .. කොහොමත් දැන් පරණ මගුල් වැඩක් දැන් ඉන්න අලුත් කොල්ලෝ ටික හොඳට හදා ගත්ත නං හරි !
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    sanga mahela kiyana tharam sudu nha dilshan kiyana tharam kalu nha
    mahela sanga athapaththuwata vass ta dapu kapili nam kalui

    Dilshan may be right. Because we all know what happen to Chandimal

    awasanawata.jpg
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    ඩිල්ශාන්ගේ අඩුපාඩු ඇති. ඒත්, ඔච්චර ප්‍රශ්න ටිකක් හිතේ තියාගෙනත් ඌ සංගා මහේල මැතිව්ස්ලා එක්ක ප්‍රශ්න ඇති නොකරගෙන මැතිව්ස්ගේ නායකත්වය යටතේ හිතේ කිසිම කහටක් නැතුව උපරිමයෙන් කැපවෙලා වැඩ කරා. ඒකම හොඳ මහත්මා ගතියක්.

    මැච් එක ඉවර වෙලා ඩිල්ශාන් කරපු කතාව ගැන කලබල වෙන්න එපා. ඔය වගේ දේවල් වෙච්ච පලවෙනි අවස්ථාව නෙවෙයි. මේ වගේ සිද්දි වලට රොෂාන් මහනාම පොතකුත් ලිව්වා. තමන්ට අසාධාරනයක් උනා නම් තමන්ගේ ෆෑන්ස්ලට කියලා තමන්ගේ හිතේ තියෙන වේදනාව පිට කරන්නත් එපෑය.

    ෆෑන්ස්ලට කිව්වා කියලා දැන් මොනවද බන් ලැබෙන්නේ.ඒකෙන් වෙන්න නැති ප්‍රශ්නත් ඇති වෙලා,අර ඉතුරු ප්ලේයර්ස්ලා දිහා ෆෑන්ස්ලා වෛරයෙන් බලන එක විතරයි.අර ගොඩක් උන් එදා කතාවෙන් පස්සේ සංගටයි,මහේලටයි පලුයන්න බැනලා පෝස්ට් දැම්මා වගේ.උන්ම තමයි සංගලා,මහේලලා රිටයර් වෙච්ච දවස්වල ලොකු කරගෙන දැගලුවේ.හැමෝම සුදු චරිත නෙමේ.කාගේ කාගෙත් වැරදි තියෙනවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අනේ මන්ද බන්. මණ්ඩලේ කචල් නැත්තේ කොහෙද? අපේ රටේ ක්‍රීඩාවේ ඉදලා හැම දෙයක්ම අච්චාරු හැලිය වගේ. මොනවා උනත් සංගලා මහේලලා ඩිල්ෂාන්ලා මොන දේ කිව්වත් උන් ජීවිත කාලෙටම වගේම උන්ගේ පව්ලේ එවුන්ටත් එක්කම හම්බ කරගෙන ඉවරයි. උන්ට හුරේ දාපු අපි තවමත් උන් කියන දේවල් වලට තප්පු තලමින් කෑ ගගහ ජීවිතේ ගැට ගහ ගන්න මැච් එකක් ගහනවා..
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    මට නං හිතෙන්නේ ඔය දිලි ට ටීම් එකෙන් සප් එක හම්බුනේ නැති එක ඇත්ත .. ඒක ඉතින් සමහර විට උගේ නායකත්ව ගුණාංග වල අවුලක් වෙන්න ඇති.. අර චන්දිමාල් ගේ 100 යේ වීඩියෝ එක බැලුවමත් තේරෙනවා දිලි බයේ ඉන්නේ විකට් යයි කියල .. මැතිව්ස් ඌ කියන දේ අහන්නේ නැතුව ආතල් එකක් ගන්නවා .. ඒක ඉතින් කාගේවත් වරදක් නෙවෙයි අනික ඕක ඔච්චර ප්‍රශ්නෙකුත් නෙවෙයි .. කොහොමත් දැන් පරණ මගුල් වැඩක් දැන් ඉන්න අලුත් කොල්ලෝ ටික හොඳට හදා ගත්ත නං හරි !

    ඩිල්ශාන්ට බය වෙන්න දෙයක් නෑ බන් විකට් යයි කියලා.එතකොටත් තව විකට් 4 ක් ද?5 ක් ද? තිබුනා.නමුත් ඇත්තටම මැතිව්ස් එදා හයියෙන් ගැහුවා නම් චන්දිමාල්ට 100 ක් ගහන්න බැරි වෙනවා.ක්‍රිකට් ගැන දන්න එකෙක්ගෙන් අහපන් ලෝඩ්ස්වල 100 ක් ගහනවා කියන්නේ ක්‍රිකට් ප්ලේයර් කෙනෙකුට කොච්චර වටිනවද කියලා?;)