hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ක්‍රිකට් ලොවේ සුපිරි තරුවක් එජාපයෙන් මැතිවරණ සටනට

    54e1cf6cbe933.jpg


    ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයකු ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට තීරණය කර ඇත.මේ සම්බන්ධයෙන් ඔහු දීර්ඝ වශයෙන් පක්ෂය සමග සාකච්ඡා කර ඇත.

    මෙම ලෝක කුසලානයෙන් අනතුරුව ක‍්‍රීඩාවෙන් සමුගන්නා බව මේවන විටත් නිවේදනය කර අවසන්ය

    SRITV NEWS
     

    blue_in_rio

    Well-known member
  • අපේ වාර්තාකාරයෙක් ලෝක කුසලානෙන් පස්සේ මාලිංගගෙන් මෙහෙම අහනවලු.

    වාර්තාකරු - ඔබතුමා ඡන්දේ ඉල්ලන්න යනවා කියන්නේ ඇත්තද ?

    මාලිංග - ඇයි මීටකලින් ක්‍රිකටර්ස්ලා ඡන්දේ ඉල්ලනවා දැකලා නැද්ද ? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න......
    :baffled::baffled:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මහෙල දෙශපාලනේ කලොත් වයිෆ් ඌව දාලා යනවා කියල ත්‍රෙට්න් කලා කියලා මහේලම කියලා තිබුනනෙ- එතකොට මහේල නෙවෙයි.:no:
    දිල්ශාන් මහින්ද මාමාගේ පොරනේ එයා වෙන්නත් බෑ:angry:
    මලිංගය සමු ගන්නව කීවේ නැතිවට වර්ල්ඩ් කප් එකෙන් පස්සේ ඌට නිකම්ම සමු ගන්න වෙයි මගේ හිතේ.:frown:
    සංගා වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනව හැබැයි පොර වගේ මොලේ තියන ඩයල් එකක් අපේ රටේ දේශපාලනේ වගේ ජරාහන්තෙකට ගොඩ වෙනවා කියන්නේ අර එස් එෆ් කරගත්තා වගේ මොට්ට වැඩක්. හැබැයි ඉතින් සන්ගා වගේ පොරවල් එන එක නම් හොදයි රටට. ඒත් ඉතින් අපේ දේශපාලනේට ආවහම හිතන සුපිරිසිදු දේ කරන්න තියෙන අවකාශයනම් ගොඩක්ම අඩුයි. පෞද්ගලිකව මම කැමතියි සංගා දේශපාලනේට නොඑනවට.:yes:
    මලිංගයා වගේ එකෙකුටනම් අපේ රටෙ දේශපාලනේ නියමෙට ගැලපෙනවා ඒත් රටට නම් සෙතක් නැතිවෙයි:growl:
    ඉතිරි එවුන්ගෙන් ඇන්ජි ඇරෙන්න මොන සුපිරි තරුද?:rolleyes: ඇන්ජියා මම හිතන්නේ නැහැ එහෙම මෝඩ වැඩක් කරයි කියල. ඌ ටීම් එකෙන් ගියොත් අපිට අබ සරණයි තමා මේ යන විදිහට:oo:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    sanga nam kawadawath politics walata enne na.. porata ita wediya loku future ekak tiyenawa... kawadahari sanga ICC chairman wela nawathinne..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    සංගද දන්නෑ. ඌ දැන්ම නැතත් අනාගතේ හරි එනව. ඕං බලහල්ලකො. ආවොත් උට ඡන්දත් සෑහෙන්න හම්බවෙනව. ලඞ්කාවෙ නම කැතකරනොගෙන ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනාගෙන් එක්කෙනෙක්. ඌ ආවොත් නං සෑහෙන හොඳ දේශපාලන අනාගතයක් තියෙ.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයට තරග කිරීමේ සුදානමක් ඇති වාර්තාවේ.මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක වී ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයකු XXXXX වෙත පැවසිය.

    කුමාර සංගක්කාර මහතාට තරග කිරීමට යෝජනා කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි.

    කුමාරි වෙදආරච්චි චොක්ශන්ද්‍රා මුදලිගේ සහ චොක්ශාන්ද වෙදාඅරච්චි සංගක්කාරට දාව 1977දී මාතලේ දී කුමාර සංගක්කාර උපත ලබන ලද අතර සංගක්කාර ඔහුගේ මූලික හා ද්වීතීක අධ්‍යාපනය ලැබුවේ නුවර නගරයේ තිබෙන ප්‍රමුඛතම පාසලක් වන ත්‍රිත්ව විද්‍යාලයෙනි.

    වරක් ඔහු වසරේ විශිෂ්ඨම ශිෂ්‍යයාට පිරිනමන The Ryde Gold Medal සම්මානයෙන්ද පිදුම් ලැබීය. 1996 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක දූරය දැරීමටද ඔහුට හැකි විය. සංගක්කාර පාසල් සමයේදී ක්‍රිකට් හා ටෙනිස් ක්‍රීඩා සඳහා විශේෂ දක්ෂතාවක් පෙන්වූ අතර ඒ හේතුවෙන් වරක් පාසලේ එවකට විදුහල්පතිව සිටි ලෙනාඩ් ද අල්විස් මහතා විසින් සංගක්කාරගේ මවට ඔහුව ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ඉහලට යවන ලෙසද ඉල්ලීමක්ද කොට ඇත.

    ”මේ වසර අවසානය වන විට මට අවුරුදු 37 යි. ඒ නිසා සමුගැනීමේ තීරණය තමන්ටම ගැනීමට සිදුවන, නැත්නම් සමුගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටීමේ වයස කරා මා පැමිණෙමින් සිටින බව මට වටහා ගන්නට පුළුවන්….ඒත් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී නම් සමහර විට මට තවත් තරගාවලියක් තියෙන්න පුළුවන්. කොහොම වුණත් එය රඳා පවතින්නේ මා තේරීම් කමිටු නිලධාරීන් සමග කරන සාකච්ඡුාව මතයි” යනුවෙන් ද ඔහු පසුගිය වසරේදී මාධ්‍ය වෙත පැවසිය.​