why Malinga rejected from all the IPL teams

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745
    113


    26994164_1709884205699226_564993989751404397_n.jpg
    තණකොල ඉල්ලූවාම දුන්නේ තට්ටයක්..
    ඉන්දියාව දිනවන්න ක‍්‍රිකට් ලොක්කන් කල වැඩ ගැන මාංලිග කට අරී..



    :baffled::baffled::baffled:
    ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යයි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරයි. බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හිදී පසුගිය සිකුරාදා පැවැති ක්‍රිකට් වැඩමුළුවකට එක්වෙමින් මාලිංග මෙම චෝදනාව ඉදිරිපත් කළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම නවත්වා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පත්කරන ලද කමිටුවක් විසින් මෙම වැඩුළුව සංවිධානය කරන ලදි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දැනට මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයත් ඊට හේතුවූ කාරණාත් සම්බන්ධයෙන් ලසිත් මාලිංග විසින් දිගින් දිගටම කරුණු දක්වන ලදි.

    “අපි තණකොළ තියෙන තණතීරුවක් ඉල්ලුවාම ඒගොල්ලන් තණකොළ කපලා තට්යක් වගේ තණතීරුවක් දෙනවා….තණකොළ කැපුවේ ඇයි කියලා ඇහැව්වාම තණකොළ මැෂිමට වැරදි තලේ දාලා කියනවා” යයි පැවසූ මාලිංග

    “මේක සිද්ධ වුණේ එක පාරක් නෙමේ දෙපාරක්”

    “මම මේ ගැන බලධාරීන්ට කිව්වත් කිසිම දෙයක් වුණේ නෑ. මම කියන්නේ නෑ අපි මැච් පැරදුනේ ඒක හින්දයි කියලා. ඒත් මේ විදිහට අපට අවශ්‍ය දේ වෙන්නේ නැති වුණාම ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා” යයිද පැවසීය.

    බංග්ලාදේශ, සිම්බාබ්වේ සහ ඉන්දීය කණ්ඩායම් වලට එරෙහිව මෑතකදී පැවැති ටෙස්ට් තරගාවලි වලදී ශ්‍රී ලංකා පිල දේශීය තණතීරුවල වාසිය නිසිලෙසින් භාවිතා කළේද යන්න පිළිබඳව බොහෝ මතවාද ඇතිවී තිබිණ. මාලිංගගේ මෙම චෝදනාව හමුවේ එම කටකතා වලට නැවතීමේ තිත තබන්නට සිදුවී තිබේ.


    ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් සහ ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන්ද මාලිංගට ඇත්තේ කුකුසකි.

    “අපට පුහුණුකරුවන් මහ ගොඩක් ඉන්නවා. ඒත් අහන්න තියෙන්නේ ඒ අය නිසි සුදුසුකම් තියෙන පුහුණුකරුවන්ද කියලයි. තරුණ ක්‍රීඩකයන් ප්‍රවීණත්වය දක්වා ගෙන යන්නට ඔවුන්ට තියෙන සුදුසුකම් මොනවාද කියලයි”

    “උදාහරණයකට කියනවා නම් කිසියම් ක්‍රීඩකයකුගේ අසාර්ථක සමයකදී පුහුණුකරුවාට තියෙන්න ඕනේ එයාට උදව් කරන්න හැකියාවක්. ඔහුගේ මානසිකත්වය වර්ධනය කරලා නැවතත් දස්කම් අතරට ගේන්න පුහුණුකරුවාට හැකියාවක් තියෙන්න ඕනේ”….යයි කී මාලිංග පළමු පෙළ තරග 16 ක් පමණක් ක්‍රීඩා කර ඇති සයිමන් විල්ස් මහතා උසස් දස්කම් කළමණාකරු ලෙසින් පත්කර තිබීම ගැන තදින් විවේචනය කළේය.

    “අපි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බාරදීලා ඉන්නේ හරිහමන් පළමු පෙළ තරග අත්දැකීම්වත් නැති කෙනෙකුටයි”

    “අපි ඒ වගේ තනතුරක් වෙනුවෙන් තෝරා ගන්න ඕනේ හරි හමන් සුදුසුකම් තියෙන කෙනෙක්. ඒත් අපි ඒ වගකීම දීලා තියෙන්නේ පළමු පෙළ තරග 16 ක් ක්‍රීඩ කරපු, තරග දිවිය පුරාම ලකුණු 100 ක් වත් ගහපු නැති කෙනෙකුට. මේක බරපතළ වැරැද්දක්”

    “ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමෙන් ඉවතට ගියාම එයාට කණ්ඩායමේ පුහුණු පහසුකම් භාවිතා කරන්න බෑ. අපි මේගැන කතා කළත් කිසිම විසඳුමක් නෑ. ඒ නිසා අපට පුහුණුවීම් සඳහා අපේ ක්‍රීඩා සමාජ වෙත යන්න වෙනවා” යයිද මාලිංග පැවසීය.

    පසුගිය වසර 10 ක පමණ කාලයේදී තේරීම් කමිටු නිලධාරීන්ගේ හිතුවක්කාරකම් හේතුවෙන් ක්‍රීඩකයන් ගණනාවක්ම අහිමිවූ බවත් ඉදිරියේදී එය සිදුවීමට ඉඩ නොතබන ලෙසත් මාලිංග බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

    “කාලයකට ඉස්සරවෙලා සමහර අයගේ මතයක් තිබුණා පාසල් පිටියේ ඉඳලා කෙළින්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් ගන්න පුළුවන් කියලා. ඒත් එහෙම කළොත් පළමු පෙළ අත්දැකීම් තියෙන අයට අසාධාරණයක් වෙනවා”

    “තිළිණ කණ්ඩම්බි, චාමර කපුගෙර, මලින්ද වර්ණපුර, ජෙහාන් මුබාරක්, කෞෂාල් ලොකුආරච්චි, කෞෂාල් වීරරත්න වගේ ක්‍රීඩකයන්ව හරියට නඩත්තු කළානම් අද අපට මේ වගේ දෙයක් වෙන්නේ නෑ. ඒ සේරමලාට හොඳ පළමු පෙළ අත්දැකීම් තිබුණා. ඒත් දැන් ඒ සේරමලා අපට අහිමි වෙලා”

    “මම නැවතත් කියන්නේ ඒ වගේ වැරදි නැවත වෙන්න දෙන්න එපා කියලයි. එහෙම වුණොත් තවත් අවුරුදු කීපයකට පස්සෙත් අපේ ඉරණම මේ වගේම තමයි”

    විශිෂ්ට ගණයේ ක්‍රීඩකයන් සොයාගැනීමට නම් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය සම්පූර්ණයෙන්ම නවීකරණය කළ යුතු බව කී මාලිංග පළමු පෙළ තරග ටෙස්ට් ක්‍රීඩාංගණ වල පැවැත්විය යුතු බවද පැවසීය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපතිවරයකු වූ හේමක අමරසූරිය මහතාත් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා මහතාත් කියා සිටියේ ක්‍රීඩකයන්ට තමන්ගේ ස්ථානවල ස්ථාවර වීම සඳහා කිසියම් කාලයක් දිය යුතු බවයි.

    ජයන්ත ධර්මදාස මහතාගෙන් හිස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති තනතුර අරවින්ද ද සිල්වා මහතාට බාරදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සම්පාදනය කරමින් සිටී. එහිදී ඔහුට පැවරෙන විශාලතම වගකීම වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අන්තර්ජාතික කටයුතු මෙහෙයවීමයි.

    ‘වෝටර්ස් එජ්’ හිදී මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෝ, හිටපු ක්‍රීඩකයෝ, තේරීම් කමිටුවේ හිටපු නිලධාරීහු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු මෙන්ම ආරාධිතයෝ කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ. දශක හතරකට වැඩි කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකර මහතාද ඒ අතර විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා අතුළු ප්‍රවිණ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් පැමිණ නොසිටියහ.
    26994270_1709884252365888_4496635333589056587_n.jpg
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    sumathiya ponz cricket goo kara. habai malinga gatte natthe oya kiyana mada scene nisa newei. dan ugen IPL gahanna tharam wadak nathi nisa. pahugiya seasons deka thunama MI uwa gahuwe uge OK performance + reputation + unge bowlers lata malinga gen deyak igena ganna thiyana nisa (BUmrah). lankwe team ekata enna tharam wath performance madi eke kohomada bung IPL gahanne. BTW mama hena maliga fan kenek :D habai atta oka thamai.
     

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0



    “තිළිණ කණ්ඩම්බි, චාමර කපුගෙර, මලින්ද වර්ණපුර, ජෙහාන් මුබාරක්, කෞෂාල් ලොකුආරච්චි, කෞෂාල් වීරරත්න වගේ ක්‍රීඩකයන්ව හරියට නඩත්තු කළානම් අද අපට මේ වගේ දෙයක් වෙන්නේ නෑ. ඒ සේරමලාට හොඳ පළමු පෙළ අත්දැකීම් තිබුණා. ඒත් දැන් ඒ සේරමලා අපට අහිමි වෙලා”



    මේ කතාව නම් ඇත්ත බං
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් අර ගමරාලගේ අමුඩේ වගේ හැම එකටම සුමතිපාල අල්ලගෙන අන්තිමට වෙන්නේ උට ඇත්තටම බනින්න ඕනේ කාරනා ටිකත් නිකන් විහිලු වෙනවා :baffled:

    ඒ මනුස්සය දැන් වයසයි ඉස්සර වගේ වැඩ බෑ ඉතින් ගත්තේ නෑ කවුරුත් ගියපාරත් දාන දාන එකට බටු ඇට කොල්ලෝ ගැහුවා දිගට හරහට :no: ඉතින් ගනීයැ ආය.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    Indiavata puluvannam flat pitch ekei, grass pitch ekei dekema sellam karanna, apita bari venna hetu naha
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුන් අර ගමරාලගේ අමුඩේ වගේ හැම එකටම සුමතිපාල අල්ලගෙන අන්තිමට වෙන්නේ උට ඇත්තටම බනින්න ඕනේ කාරනා ටිකත් නිකන් විහිලු වෙනවා :baffled:

    ඒ මනුස්සය දැන් වයසයි ඉස්සර වගේ වැඩ බෑ ඉතින් ගත්තේ නෑ කවුරුත් ගියපාරත් දාන දාන එකට බටු ඇට කොල්ලෝ ගැහුවා දිගට හරහට :no: ඉතින් ගනීයැ ආය.


    gon fb page karainge logic meketh post wenawa dan...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ මුන් ක්‍රිකට් ගහන්නෙත් උන්ගේ කන්ඩිෂන් වලට...... ගස් කැච් ඔට්ටු නෑ...... අල්ලපු වත්ත අවුට්...... බොලේ හයියෙන් දාන්න බෑ...... උත්තවල් කෝටියයි........ තියෙන විදියට ගොඩදාගන්නේ නැතිව උන්ට ඕන විදියට පිච් එක හදන්න ඕන මැච් දිනන්න...... එතකොට දිනන උන් දිනන්නේ???? තණකොළ වැඩි හින්දද???:rofl::P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ මාලි තනිවෙලා Bro ඒ වෙනුවෙන් කතාකරන්න Share කරන්න :rofl:
    පේජ් කාරයින්ගේ මාකටින් වැඩ :yes:

    අපි
    ෆකට තනිරකින්නද ???? තනියට ගෑනියි පීනන්න සල්ලියි තියෙනකොට :rofl::P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    අපි
    ෆකට තනිරකින්නද ???? තනියට ගෑනියි පීනන්න සල්ලියි තියෙනකොට :rofl::P
    ඒකනේ උට මොකෝ තනිකන් දෝසෙ තියෙන එකක්යැ :D ඒ මනුස්සය හොඳට සැපසේ ගෙදරට වෙලා ඇති :yes:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    http://www.ceylontoday.lk/print20170401CT20170630.php?id=30630

    The International Cricket Council's Anti-Corruption Unit has begun a probe into pitch tampering allegations revealed by fast bowler Lasith Malinga yesterday, Ceylon Today reliably learns.

    The ICC investigator was at the Khettarama Stadium yesterday and was seen talking to some of the National Team members.

    Malinga had charged that pitches were not prepared the way the team required during the last series.

    Malinga said, the curators had cut the grass of pitches even when players requested to keep more grass and had given an excuse of using the wrong blade twice in recent matches.

    Sports Minister Dayasiri Jayasekara is set to appoint a committee to probe into the accusations.

    The ICC representative is likely to be included in that committee.

    The probe comes as former Test cricketer and ex-selector Pramodya Wickramasinghe urged President Maithripala Sirisena to appoint a Commission of Inquiry to probe rumoured allegations that the One-Day series recently played against Zimbabwe had been "fixed."

    For the first time in history Sri Lanka lost a One-day series to bottom-ranked Zimbabwe earlier this year.

    Thereafter India thrashed Sri Lanka in all nine games played in August –September.

    In a press release issued yesterday Wickramasinghe suggested the Committee on Public Enterprises (COPE) should hold an inquiry into the way Sri Lanka Cricket utilizes public money.

    The storm broke after Wickremesinghe made allegations against administrators and players in a television interview earlier in the week.

    He said that some of the decisions made by the captain of the side and administrators were "strange and mysterious."

    He particularly referred to the fourth ODI which was played at Sooriyawewa and was won by the tourists on the Duckworth-Lewis method.

    In response, some forty national players on contract signed a letter rejecting the allegations and called on SLC to conduct an inquiry. The letter was handed over to SLC by the two captains Dinesh Chandimal and Upul Tharanga on Friday.

    Wickremesinghe charged that if we fail to address the allegations 'we would be subjecting ourselves for investigations by the Anti-Corruption Unit of the ICC.

    He noted that he did not make any disparaging statement or expressed sentiments implicating the players of the Sri Lanka team to hurt their feelings.

    "All what I did was to bring out the floating rumours and call for a proper inquiry by a competent authority to ensure that players have the proper environment to play the game in performing to the best of their ability."

    He added, "We all were disheartened when the cricket loving public reacted to the performance of the team by throwing bottles on to the field and it is my firm belief that we should not subject our players to the ridicule of the cricket loving public.

    There is no doubt with regard to the ability and the talent of the current players in the Sri Lanka squad. I wish to clarify that a thorough investigation into matters of this magnitude would also help the players to have a clear mind in concentrating on the game without having distractions that hamper their ability to display their natural talent. "
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    Anti-corruption investigation against SLC still ongoing - ICC

    The International Cricket Council has denied claims made on Tuesday (January 9) by Sri Lanka Cricket that it has cleared the SLC in an anti-corruption investigation.

    SLC, on Tuesday (January 11), had claimed that the governing body had found no evidence of wrongdoing against them following allegations of match-fixing and other forms of corruption. The ICC, however, clarified that the investigations are very much still on.

    "The investigations are ongoing and the ICC don't comment on live investigations," an ICC spokesman told Cricbuzz from Dubai, where its headquarters are located.

    http://www.cricbuzz.com/cricket-news/99582/anti-corruption-investigation-against-slc-still-ongoing-icc

    මාලිංගගෙ වැඩ තමයි මේ :D:D අනිත් අය බයෙ ගැහුනට මාලිංග කෙලින්ම කිව්වා SLC හිරවෙලා ඉන්නෙ
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    Anti-corruption investigation against SLC still ongoing - ICC

    The International Cricket Council has denied claims made on Tuesday (January 9) by Sri Lanka Cricket that it has cleared the SLC in an anti-corruption investigation.

    SLC, on Tuesday (January 11), had claimed that the governing body had found no evidence of wrongdoing against them following allegations of match-fixing and other forms of corruption. The ICC, however, clarified that the investigations are very much still on.

    "The investigations are ongoing and the ICC don't comment on live investigations," an ICC spokesman told Cricbuzz from Dubai, where its headquarters are located.

    http://www.cricbuzz.com/cricket-new...n-investigation-against-slc-still-ongoing-icc

    මාලිංගගෙ වැඩ තමයි මේ :D:D අනිත් අය බයෙ ගැහුනට මාලිංග කෙලින්ම කිව්වා SLC හිරවෙලා ඉන්නෙ
    fuck