WiFi in an Aircraft - ප්ලේන් එකේදී ඉන්ටර්නෙට් යමු

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,811
    1,334
    113
    Earth
    WiFi in an Aircraft - ප්ලේන් එකේදී ඉන්ටර්නෙට් යමු

    ගෙදරදී හෝ ඔෆිස් එකේදී වගේ ප්ලේන් එකක යනකොටත් ඉන්ටර්නෙට් යන්න පුළුවන් නම් කොහොමද. කාලෙකට ඉස්සර මේක ගොඩක් දෙනෙක්ට තිබුන ප්‍රශ්නයක්.
    අද මම කියන්න යන්නේ ප්ලේන් එකක යනකොට කොහොමද ඉන්ටර්නෙට් යන්නේ කියලා. මේකටත් දැනට ලෝකේ පාවිච්චි කරන්නේ වයිෆයි තමා.



    ප්ලේන් එකක වයිෆයි වැඩ කරන්නේ කොහොමද?

    අපි අපේ මොබයිල් ෆෝන් එකෙන් ඩේටා මගින් ඉන්ටර්නෙට් යනවා වගේම තමා ප්ලේන් එකට ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන්නෙත්. සිංහලෙන් කියනවනම් පොලවේ තියන කුළුණු සහ අහසේ තියන සැටලයිට් යොදාගෙන තමා මේ වැඩේ කරන්නේ.
    ප්ලේන් එකක ගිය කට්ටිය දන්නවා ඇති ප්ලේන් එකේ යන ගමන් අපේ නෝමල් මොබයිල් එකෙන් කෝල්ස් ගන්න බෑ කියලා. එකට අපි පාවිච්චි කරන්නේ “එයාසෙල්” කියන ෆෝන් එක. ප්ලේන් එකේ සීට් එකේ හෙඩ්රෙස්ට් එකේ තමා මේක තියෙන්නේ බොහෝවිට. අන්න ඒ ගැජට් එක හදන ගෝගෝ කියන ආයතනයේන් තමා වයිෆයි වැඩේ කරන්නේ. (තවත් ඒවා තියනවා, මම හෙව්වෙ මේක ගැන විතරයි)
    775950249763050641.jpg

    Aircell

    මෙයාල මේකට පාවිච්චි කරන්නේ එයාර් ටු ග්‍රවුන්ඩ් (Air-to-Ground ) ATG සම්බන්ධතාවය. ඒ මොකද පොලවේ තියන කුළුණු අහසේ තියන සැටලයිට් එකට වඩා ගොඩක් ලගින් තියන නිසා වේගවත් සම්බන්ධතාවයක් ලබාගන්න පුළුවන් නිසා. (ප්ලේන් එක උඩින් ගියාට සැටලයිට් වලට ලගින් යන්නේ නෑ හොඳේ).
    දැනට පාවිච්චි වෙන්නේ මේ කලින් කියපු ATG තාක්ෂණයේ නවතම වර්ශන් එක ATG-4 . ගුවන් යානයේ බඳ කොටසේ තියන ඇන්ටෙනා 4කින් පොලවේ සිට එන සිග්නල් ග්‍රහණය කරගන්නා නිසා ඉතා වේගවත් කනෙක්ෂන් එකක් ගන්න පුළුවන්.

    atg_4_2.jpg


    උපකරණ බාවිතය.

    ප්ලේන් එක ගුවනේදී සාමාන්‍යයෙන් පැයට සැතපුම් 550කට ආසන්න වේගෙකින් යනවා. එතකොට මෙතෙන්දි එන ප්‍රශ්නේ තමා කොහොමද ටවර් එක හෝ සැටලයිට් එක සමග නොකැඩෙන සම්බන්ධතාවයක් එක දිගට පවත්වාගෙන යන්නේ කියන එක. මොකද මේ සමබන්දතාවය බින්දවටුනොත් නෙට් ගිහින් හබක්. මේ නිසා ඇන්ටෙනා එකට සිද්ද වෙනවා ඉක්මනටම අලුත් ටවර් එකක් හෝ සැටලයිට් එකක් හොයාගන්න එකකින් කනෙක්ෂන් එක නැතිවෙද්දීම. පැනසොනික් සමාගමෙන් හදපු ඇන්ටෙනා එකක් තමා පහල තියෙන්නේ.


    1237926094835826024.png


    හරි ඇන්ටෙනාව හැදුවා කියමුකෝ, කොහෙද මේක හයි කරන්නේ? ඔන්න ඊලග ප්‍රශ්නේ. ගොඩක් ප්ලේන් වල මේක හයි කරලා තියෙන්නේ බඳ කොටසේ උඩින්. හැබැයි මේක නිසා ප්ලේන් එකේ drag එක වැඩිවෙලා ඉන්ධන දහනය ටිකක් වැඩි වෙලාලු. දැන් මේගොල්ලන්ට තියන අභියෝගය තමා පුළුවන් තරම් කුඩා විදියට ඇන්ටෙනා එක හදන එක.
    මේ තියෙන්නේ මම කලින් දාපු විදියේ පැනසොනික් ඇන්ටෙනා එකක් හයිකරපු ප්ලේන් එකක්.

    1237926094904315496.png


    මේ තියෙන්නේ ගෝගෝ GOGO සමාගෙම් හදපු ඇන්ටෙනා.

    35327925.jpg


    මේ ජාතියෙන් 4ක් තියනවා ගෝගෝ අයගේ සිස්ටම් පාවිච්චි කරන ප්ලේන් වල. ඒවගෙන් මම කලින් කීවා වගේ එයාලගේ ටවර් වලට කනෙක්ට් වෙනවා.
    මේ තියෙන්නේ ඒ වගේ ටවර් එකක්.

    40061205-1024x768.jpg


    මෙයාලගේ මේ ජාතියේ කුළුණු 225කට වඩා ඇමරිකාවේ සහ කැනඩා වල තියනවලු.

    ku-Connectivity
    මේකත් බදේ උඩ කොටසේ තමා තියෙන්නේ. කලින් ඒවත් එක්ක බලද්දී ලොකු වෙනසක් නෑ මටනම් මේකේ. ඩේටා ස්පීඩ් එක නම් 10-30 Mbps.


    775950249532257681.jpg



    මේ තියෙන්නේ ku coverage map එක.
    775950249651383441.jpg



    නව තාක්ෂනය

    කලින් ලියපු ටික අපිට තාම අලුත් උනාට ගොඩක් දියුණු රටවල් වල එයාලයින්ස් වලට අලුත් නෑ. දැන් ඊලගට මෙයාලා යොදාගන්න යන තක්ශනේ තමා GTO (Ground-To-Orbit) ටෙක්නොලොජි එක. මේක කලින් යොදාගත්ත ඒවාගේ හයිබ්‍රිඩ් එකක්.

    මේ තියෙන්නේ අලුත් ඇන්ටෙනා එකක්.

    775950249697951377.jpg

    the Thinkom ThinAir Falcon Ku3030

    මේකත් කලින් කිව්ව gogo අයගෙම වැඩක් තමා. මේ අවුරුද්දේ මැද ඉදන් තමා කරලියට එන්නේ. 70Mbps Max Speed එකක් දෙන්න පුළුවන්ලු මේකෙන්.

    අන්තිමට ඉතින් හොඳම දේ කියන්න යන්නේ. මෙච්චර වෙලා මට තිබුන ප්‍රශ්නේ තමයි ඉන්ටර්නෙට් ෆ්‍රී ද කියන එක. අනේ ඉතින් අපේ කරුමෙට ප්ලේන් එකෙදිවත් ෆ්‍රී නෑ. නමුත් ඉදිරි අනාගතේදී අපිට ප්ලේන් එකෙත් නොමිලේ වයිෆයි පාවිච්චි කරන්න පුළුවන් කාලයක් එයි. එතකන් මම ගියා.. ටටා.. බායි..

    ප.ලි.: දැනට අපේ අලුතෙන් ගෙනාපු ප්ලේන් 3ක මේ පහසුකම තියනවා මට මතක විදියට. (4R-ALL, 4R-ALM, 4R-ALN)

    කොහෙන්වත් ඉස්සුවේ නැත...
    මහන්සියට සලකා ගියාට කමක් නැත...




    edit: දැනට බාවිතාවන එකම ක්‍රමය මේක නෙමේ. ලංකාවේ අලුත් ප්ලේන් වල තියන්නේ "ඔන්එයාර්" කියන සිස්ටම් එක. එක ගැන වෙනම ත්‍රෙඩ් එකකින් දාන්නම් මීට වඩා විස්තරත් එක්ක.
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,694
    669
    0
    Amsterdam
    නිවැරිදි කිරීමක් කරන්නම් . ඔතන මචන් පොලවේ තියන කුළුණු කොහොමත්ම සම්බන්දයක් නැහැ. ක්‍රියාත්මක වන්නේ චන්ද්‍රිකා පමණයි. චන්ද්‍රිකාවෙන් සිග්නල් ග්‍රහණය කරගෙන එය පොලවේ තියන චන්ද්‍රිකා මධ්‍යස්ථාන එක්ක තමයි සම්බන්ධ වන්නේ. එක චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් හෝ දෙකක් හොදටම සහෙනවා එක මහාද්වීපයක් ආවරණය කරන්න.

    RSCC_DubnaCenter.jpg

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,811
    1,334
    113
    Earth
    නිවැරිදි කිරීමක් කරන්නම් . ඔතන මචන් පොලවේ තියන කුළුණු කොහොමත්ම සම්බන්දයක් නැහැ. ක්‍රියාත්මක වන්නේ චන්ද්‍රිකා පමණයි. චන්ද්‍රිකාවෙන් සිග්නල් ග්‍රහණය කරගෙන එය පොලවේ තියන චන්ද්‍රිකා මධ්‍යස්ථාන එක්ක තමයි සම්බන්ධ වන්නේ. එක චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් හෝ දෙකක් හොදටම සහෙනවා එක මහාද්වීපයක් ආවරණය කරන්න.

    RSCC_DubnaCenter.jpg


    ඔව් මචන් එකත් එක විදියක් තමා.. එත් ප්ලේන් වැඩි වෙනකොට ට්‍රැෆික් වැඩිවෙනකොට ඔය වැඩේ හරියන්නේ නෑ. දැනට චන්ද්‍රිකා මගින් එවෙලේම රිපෝට්ස් එනවා ප්ලේන් එකෙන්. (ACMS-Reports) Thanks for the comment. :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,724
    921
    113
    කලුතර
    මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද ප්ලේන් එකක ඉන්ටර්නෙට් දෙන්නේ කියලා... දැන් තමයි කතාව දැනගත්තේ... ස්තූතියි මචං... :cool::D
    රෙප්+12
     
    • Like
    Reactions: rashee_irosh

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,694
    669
    0
    Amsterdam
    ඔව් මචන් එකත් එක විදියක් තමා.. එත් ප්ලේන් වැඩි වෙනකොට ට්‍රැෆික් වැඩිවෙනකොට ඔය වැඩේ හරියන්නේ නෑ. දැනට චන්ද්‍රිකා මගින් එවෙලේම රිපෝට්ස් එනවා ප්ලේන් එකෙන්. (ACMS-Reports) Thanks for the comment. :cool:

    මචන් ටවර් එකක් අතර ගනුදෙනුවක් සිද්ද උනොත් එය වෙන්නේ චන්ද්‍රකාව හරහා පමණයි. ග්ගුවන් යානයට කෙලින්ම ටවර් එකෙන් ගනුදෙනු කරන්න බැහැ.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,811
    1,334
    113
    Earth
    මචන් ටවර් එකක් අතර ගනුදෙනුවක් සිද්ද උනොත් එය වෙන්නේ චන්ද්‍රකාව හරහා පමණයි. ග්ගුවන් යානයට කෙලින්ම ටවර් එකෙන් ගනුදෙනු කරන්න බැහැ.

    Sure da? Ai e?
    Direct ehema BA kiyanne Ai?
     
    • Like
    Reactions: isuru_feat