Wiki-leaks මූලස්ථානය

ghnrodrigo

Junior member
  • Sep 3, 2008
    621
    20
    18
    Venezia, IT.
    Wiki-leaks කියන්නෙ මොකද්ද කියල අමුතුවෙන් හදුන්වල දෙන්න ඔනෙ නෑනෙ අද ලෝකෙ වැඩි දෙනෙක් කතා කරන මාතෘකාවක් තමා Wiki-leaks කියන්නෙ

    මේකෙ තියෙන්නෙ Wiki-leaks මූලස්ථානය ගැන කරුනු කීපයක්....

    wikileaks-logo.jpeg


    ආරම්භය හා පසුබිම

    Wiki-leaks මූලස්ථානය පිහිටා ඇත්තේ ස්වීඩනයේයි. ස්වීඩනයට මෙම මූලස්ථානය ගෙන ඒමට මූලිකව කටයුතු කලේ ස්විඩනයේ මුහුදු මංකොල්ලකරුවන්ගේ පක්ශය ( Sweden Pirate Party ) විසින් ඔවුන් ප්‍රකාශන හිමිකම් ( copyright laws ) හා පේට්න් බලපත්‍ර නීති වෙනස් කිරීම සදහා පෙනී සිටිනව. Piratebayවෙබ් අඩවිය රැක ගැනීම සදහාද මොවුන් දායකත්වය ලබා දී තිබෙනව.මේ වන විට ඔවුන් යුරෝපීය පාර්ලිමේන්තුවේ ආසන දෙකකටත් හිමිකම් කියනව.
    විකිලීක්ස් නිර්මාතෘ Julian Assange හා මුහුදු මංකොල්ලකරුවන්ගේ පක්ශය වෙනුවෙන් Rick Falkvinge විසින් අත්සන් කල ගිවිසුම අනුව Wiki-leaks server දෙකක් සදහා අවශ්‍ය දෘඩාංග හා සම්බන්දතාවයන් (Internet and Brandwith ) නොමිලේ ලබා දීමට එකග විය.

    340x_1282121147_1.jpg

    ගිවිසුම් අත්සන් කරමින්​


    පිහිටීම හා ඉතිහාසය

    Wiki-leaks මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විඩනයේ ස්ටොක්හැම් නුවර ආසන්නයේ ඇති පැරණි බංකරයක් තුලයි. මෙය 1943 මුලින්ම ගුවනින් හෙලන බෝම්බ වලින් ආරක්ශා වීමට ඉදිකරන ලද අතර පසුව සීතල යුද සමයදී න්‍යෂ්ඨික ප්‍රහාරයකට වුවද ඔරොත්තු දෙන අංග සම්පූර්ණ බංකරයක් බවට පත් කරන ලදී. මේ බංකරය උඩින් 30m උස ගල් තට්ටුවක් ඇති අතර අඩි 1.64 ඝනකම් ලෝහ දොරවල් වලින් සමන්විත වේ. කෙසේ හෝ පසුව යුද කටයුතු වලින් ඉවත්කරන ලද මේ බංකරය අද වනවිට ලොව ආන්දෝලනාත්මක තොරතුරු හෙලිදරවු කරන්නාගේ මූලස්ථානය වී ඇත.

    500x_800px-pionen.jpg

    ගෘහ නිර්මාණ ශිල්පය හා පහසුකම්

    වර්ග මීටර් 1200 වපසරියක් ඇති මෙහි සියලුම ගෘහ නිර්මාණ කටයුතු සිදු කෙරී තිබෙන්නෙ Albert France-Lanord Architects කියන ගෘහ නිර්මාණ ශිල්පීන් අතිනුයි.
    ඒ වගේම මෙහි පැරණි ජර්මානු සබ්මැරීන් දෙකකට අයත් ඉන්ධන තෙල් මගින් ධාවනය වන බල උප්පාදක දෙකක් ( gas-oil power plant ) මගින් භාහිර විදුලි සැපයුමේ බිද වැටීමකදී Servers හා සිසිලන පද්ධති බිද වැටීම වැලැක්වීමට ක්‍රියා කරනු ලබයි.


    1292009814-2027794358-section-03-528x189.jpg

    1292009731-1327798737-plans-389x500.jpg

    500x_gallery_05_01.jpg

    1292009610-284333226-08-528x386.jpg

    1292009722-1288570182-13-366x500.jpg

    2h55ir9.jpg

    gallery_03.jpg

    gallery_10.jpg

    2qjd4lu.jpg
     
    • Like
    Reactions: Gayashanrockz