සුදු උබ දන්නවද
ජොබ් එක නැති වෙනකොට තමා වයිෆ් බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැන ගත්තේ
කොහොම හරි ජිවත් උනා බන් ළමයා ගැන ඔලුවේ තියාගෙන
ගිය අවුරුද්දේ අන්තිම මාස හතරම ජොබක් නැතුව කෙල වෙලා හිටියේ
කන්න සල්ලි නැතුව බන් බයික් එක වික්කේ ... එකයි දුක
ටොයිලට් වලවල් කපන්න උදව් උනා
වැටවල් , අත්තිවාරම් කපන්න උදව් උනා
යාලුවෙක් ගේ තොග කඩේක හවස වැඩ කරා
මේ ඔක්කොම කරේ දවසේ පඩියට .. බර වැඩ වලට අපි ඔරොත්තු නැ . ඔෆිස් වලනේ බන් වැඩ කරලා තියෙන්නේ , කුලියට වැඩ කරලා නැනේ
එක නිසා සමහර වැඩ දිගටම කරගෙන යන්න බැරි උනා
එත් හිතේ සතුටක් තිබ්බේ මේ ලෝකෙට එන්න ඉන්න ළමයා මතක් වෙනකොට තමා
මේ අවුරුද්දේ මුල තමා සදාහරිත එක සෙට් උනේ . තාමත් එච්චර ලොකු අදායමක් නැ ... බිස්නස් ටිකක් කරොත් එකත් හරි යයි
හිතේ හයියෙන් තමා බන් හැමදේම කට්ට කාගෙන ඉන්නේ මම බඩගින්නේ හිටියත් වයිෆ් බඩගින්නේ තිබ්බේ නැ .. කොහොම හරි රෝල ගැහුවා
ක්‍රෙඩිට් කාර්ඩ් , බැංකු ලෝන් එක ඔක්කොම ඇරියර්ස් වෙලා තියෙන්නේ මලක් වගේ
ගෙදර සහෝදරයන් අම්මල තාත්තලා එහෙම උදව් කළා දෙපැත්තෙන්ම
කෙටියෙන් කිව්වොත් ඔහොම තමා මචං දැන් මගේ ජිවිතේ ගෙවෙන්නේ![]()
මචන් ඕව හිතන්න එපා මචං,
කිරියේ පට්ටම සෙට් එකක් ඉන්නවා උදවු කරන්න.
අපිත් හිනාවෙලා හිටියට ඉන්නේ ප්‍රශ්න ගොඩක මචන්.
මොන ෆීල්ඩ් එකෙන්ද මචන් ජොබක් හොයන්නේ?
(මම ඉන්න තත්වේ අනුව මට උදවු කරන්න බැරි වේවි, එත් උත්සහ කරන්නම්.)
උබට ජය වේවා!!!!








