WORLD CUP LOST.... Q&A

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    REPOSTNAM SORRY... IF NOT REP+ EKAK... :yes:;)

    මාධ්‍යවේදියෙක් අපගේ පරාජය ගැන අදහස් විමසීම සඳහා කිහිප දෙනෙක් දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තේය.

    ඔවුන් දැක්වූ අදහස් මෙසේය...

    1. සංගා - ඉන්දියාව අපිට වඩා හැම අතින්ම ඉදිරියෙන් සිටියා. ඔවුන් සමඟ ක්‍රීඩා කිරීම ගෞරවයක්..

    2. අර්ජුන - ක්‍රීඩාව දේශපාලනීකරණය වීම නිසා තමයි මේක වුනේ.. දැන් ජනාධිපතිනේ කණ්ඩායමට උපදෙස් දෙන්නේ...

    මාධ්‍යවේදියා - එතකොට මන්ත්‍රීතුමනි, අපි අනුශූරතාවය දිනා ගත්තේ ජනාධිපති උපදෙස් වලින්ද?

    අර්ජුන - ....

    3. අගමැති - ඔහොම තමයි අටලෝ දහමේ හැටි. දැන් බුදු හාමුදුරුවෝ දේශනා කරල තියනවා.... (දුරකථනය විසන්ධි කරන ලදී )

    4. විමල් වීරවංශ - මෙතනදී වැදගත් වෙන්නේ අපි පැරදුන එක නෙවෙයි, අපිට විරුද්ධව නසර් හුසේන් වගේ අධිරාජ්‍යවාදී විචාරකයන් කරපු අධිරාජ්‍ය ගැති, පක්ශපාතී විචාරයයි.
    මම ලඟදීම බලාපොරොත්තු වෙනවා මේකට විරුද්ධව මාරාන්තික උපවා... (දුරකථනය විසන්ධි කරන ලදී )

    5. මහින්ද - ජයග්‍රහණයේදීත්, පරාජයේදීත් අපි කණ්ඩායම තනි නොකළ යුතුයි. ඔවුන් සියලු දෙනා හොඳ සටනක් දුන්නා. ඒකයි වැදගත්....

    (නාමල්ට ) අපරාදෙ පුතේ, මම සෑහෙන බලාපොරොත්තු තියාගෙන හිටියේ පිටි, පාන්, පොල් ගැන...

    නාමල් - කමක් නෑ තාත්තේ පෙට්‍රල්, ඩීසල් තියනවනේ.... මේ ෆෝන් එක හරියට තියල නෑනෙ... (දුරකථනය විසන්ධි වේ)

    6. රනිල් - පැරදුන එකට වඩා වැදගත් වෙන්නෙ ආණ්ඩුව ක්‍රිකට් වලට මුවා වෙලා පෙට්‍රල්, ඩීසල් වැඩි කරපු එක. මේ ආණ්ඩුව තියන කම්... (දුරකථනය විසන්ධි කරන ලදී )

    7. සරත් - මේ දූශිත ආණ්ඩුවේ වැඩ නිසා තමයි සේරම... මම ජනාධිපති වෙලා හිටිය නම් කවදාවත්... (දුරකථනය විසන්ධි කරන ලදී )

    8. අනෝමා - යුද්ධය ජයග්‍රහණය කරපු සෙන්පතියව හිර කරලා තියාගෙන ලබාගන්න හදපු ක්‍රිකට් ජයග්‍රහණය නියම ජයග්‍රහණයක් නෙවේ. මගේ සැමියව හිර කරලා තියා ගන්න කං කවදාවත්.. (දුරකථනය විසන්ධි කරන ලදී )

    9. ලංකා ඊ නිවුස් කතෘ - මේ පරාජය නිසා මහින්දගේ ප්‍රතිරූපය බුම්බන්න සැලසුම් කරල තිබ්බ මාධ්‍ය මෙහෙයුම නවතා දමන්න සිදු වුනා. ඒ විතරක් නෙවේ, මහින්දව ඉන්දියාවේදි තඹයකටවත් ගණන් අරගෙන නෑ. මේ ගැන වැඩි විස්තර අපේ...... (දුරකථනය විසන්ධි කරන ලදී )

    10. සාමාන්‍ය ප්‍රේක්ශකයා - කමක් නෑ. මේ පාර බැරිනම් ඊලඟ පාර දිනනවා. අනුශූරතාවය තියනවානේ...










    --
     
    • Like
    Reactions: wiaw123

    wiaw123

    Member
    Dec 13, 2010
    240
    54
    0
    34
    :yes:
    සාමාන්‍ය ප්‍රේක්ශකයා - කමක් නෑ. මේ පාර බැරිනම් ඊලඟ පාර දිනනවා. අනුශූරතාවය තියනවානේ...

    අනිවා........ rep +