එළඹෙන 2017 පෙබරවාරි 04 වන දින ආරම්භ වීමට නියමිත වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ව්‍යාපෘතිය තුළ, ලොව ප්‍රථම තරු 10 හෝටලය තැනෙන බව අදාළ ව්‍යාපෘතියේ නිල ෆේස්බුක් පිටුව මගින් අනාවරණය කර සිටී.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජාත්‍යන්තර හා දේශීය හෝටල් අධිකාරීන් වෙතින් තරු 10 කාණ්ඩය ලබා ගැනීමට ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්‘ බලාපොරොත්තු වන බවත් ඒ අනුව ලොව ප්‍රථම තරු 10 හෝටල් සංකීර්ණය ශ්‍රී ලංකාවේ තැනෙනු ඇති බවත්ය.
කොළඹ 02 හි ඇරඹීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා 2017 පෙබරවාරි 04 වන දින මුල්ගල් තැබීමට නියමිතය. මහල් 117 කින් යුතු මෙම ව්‍යාපෘතිය දකුණු ආසියාවේ ඉදිවන උසම ගොඩනැගිල්ල ලෙසින් නම් වන අතර එය ලෝකයේ ම උසින් වැඩි ගොඩනැගිලි අතර 09 වන ස්ථානය ගැනීමට සමත්වන බව වාර්තා වේ. මෙම ගොඩනැගිල්ලේ උස මීටර 625 කි.
මෙරට ස්ථාපිත අල් අමාන් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ඇත.
Adaderana/biz

Last edited:
muslim ekek thama hadanne.