



මාත් බයික් එකක් ගන්න ඕන කිව්වම අම්ම කිව්වේ අමුතු බයිසිකල් ගන්නේ නැතුව හැම ළමයම පදින විදියෙ එකක් ගන්න කියල
මේ ත්‍රෙඩ් එක දැක්කම සතුටු වෙනව ජපන් බයික් එකක් ගැනීම ගැන
මාස දෙකක් විතර වෙනව අරගෙන තාම අතරමං කරේ නෑ මාව එයා

d tracker රවුම් තට්ටක් ගෙනාව![]()

machan math FZ ekak gaththa,ganna kalin ube thread ekath kiyewwa.
aragaththe 2010 model ekak.Adata awurudhu 4k paranayi bike eka.uba oya kiyana kisima ledak adha wenathuru na machan.
මග හැරුණු දේවල් ගොඩක් තියෙනවා - ඒවත් මතක් වෙන හැටියට මෙතනට එකතු කරන්නම්
FZ 16, FZs සහ FZ FRAZER අතර වෙනස්කම
ෆෙසර් එක ඩබල් හෙඩ් ලයිට්, තාක්ෂණිකව කිසිම වෙනසක් නැහැ, එකම චැසිය, එකම එන්ගිම
16 එකයි s එකයි අතරේ කොම්පැනියේ මිල ගණන් 35 000කින් වගේ වෙනස් නමුත් FZ16 එකක් 35000කින් FRAZER එකක් විදිහට මොඩ් කරන්න පුළුවනි
FZ16 එකක් 10 කින් FZs එකක් කරන්න පුලුවනි,
2න්ඩ් හෑන්ඩ් මාර්කට් එක
අපේ අයියල මාර ගණන් නේ දාගෙන ඉන්නේ, FZ එකක් ලේසියෙන් විකුනන්න බැහැ ලාභයක් තියාගෙන කොහෙත්ම විකුනන්න බැහැ
FZ16 2009 මොඩල් එක (තැඹිලි V නොම්මර ) 150 000 ක් පමණ
සාමන්යෙන් FZs 2011 (කික් නැති මොඩල් V , W නොම්මර සහ පරණ) එක හොදම තත්වේ නම් 210 ත් 220ත් අතරේ එහිම FZ16 එකක් 190ත් 180ත් අතරේ
සාමන්යෙන් FZs 2012 (කික් එක සහිත X නොම්මර සිට ඉහල) 2.50 සිට 3.20 ත් අතර එහිම FZ16 එකක් 2.20 ත් 2.40ත් අතරේ
Frasar හි මිල ගණන් ඉහත මාදිලි අනුව FZs හි මිලට 20 000ත් 30 000ත් පමණ වැඩිවීමක් ඇත
** අපේ අයියලා කික් නැති මොඩලය විකුනන්න දමන්නේ 3.10ටයි අහුවෙන්න එපා - මෙලෙස අධික මිල දමන්න හේතුව වන්නේ මිල අධික අමතර කොටස් යෙදීම නිසා සිදුවූ වියදම සහ ලිසින් ගෙවූ මුදලට ආසන්න ප්‍රමාණයක් කවර් කරගැනීමටයි. මෑතකදී සිදුවූ බද්ද නිසා ද කික් මොඩලය සහ කිකී නැති මොඩලය අතර විශාල මිල වෙනසක් ඇතිවිය. FZ හි මීටරය ලෙහෙසියෙන් පලු කළහැකි නිසා සහ ඩිගිටල් මීටරය ලෙහෙසියෙන් 0.000 කල හැකි නිසා අව්රුද්දට වඩා පරණ බයික් වල එහි සඳහන් දුර 5000ට අඩු උවහොත් විශ්වාස නොකරන්න... බයික් එකේ ලෙඩ සහ කුඩා රෙපෙයාර් අනුව මිල ගණන් තවත් අඩුවේ (උදා ටයර් ගෙවී ඇත්නම් 20ක් අඩුවේ ).
** මාසයක් පරණ දැන්වීමකට උවද කතා කළහොත් FZ විකිනීමට තිබේ. උත්සහා කර බලන්න. හේතුව වන්නේ එකවර මුදල් දී දෙලක්ෂයක් යටකර ඉන්දියන් බයික් ගන්නා පිරිස ඉතාම අඩුවීමයි. ලොකු බයික් ලිසින් කරලා ගත්ත වගේ නෙවෙයි විකුනන්න අමාරුයි..
*************************************************
මගේ FZ එකට මම අවරුද්දයි මාස 6ට රුපියල් 65 000ක් විතර යට කළා. සර්විස්, HID කරන්න(3200යි), හොර්න් 3ක් ගහන්න (1000යි), පස්සේ ටයර් දාන්න ඔක්කොටම(පෙට්‍රල් නැතුව), එන්ගින් රෙපෙයාර් එක නොකර හම්බයෙක් ට විකුණුවේ. අනික මන් ලිසින් කරලා ගත්තේ හොදටම පාඩුයි. අවරුද්දකට පුල් ඉන්සුවරන්ස් 30 000ක් ගෙවන්නත් ඕනි. ඉතින් අවරුද්දකට අමතරව 70 000ක් වත් යටකරන්න නැති කෙනෙක් මේ බයික් එක ගන්න එපා. වියදම් සැරයි. කෑලි ගෙවෙනවත් වැඩියි. ලිසින් පොලියත් එක්ක අලුතින් CT100 එකක් ගන්න තිබ්බ වියදමට. අපරාදේ ලක්ෂ 1.5ක් වගේ පාඩුයි අතින්,
![]()
මේ කට්ට කාලා මන් ගත්තේ හොන්ඩා ජපන් AX1 චැසි 100ක් M නොම්මරේ (සුදු පාට සහ රතු සිට් බුට් බෝනික්කා මොඩල් එකක්) වැඩිය දුවල තිබ්බේ නැහැ ජපානෙන් ආපු එන්ගිම අත තියල තිබ්බේ නැහැ. දැන් මන් ඒක අරගෙන මාස 4ක් වෙනවා රත්තරන් ආකාරයක් ගත්තා වගේ මචං. කිලෝමීටර් 20 000ක් දිව්වා ගොඩක් ම දුර ට්‍රිප් එකදිගට, නුවරඑළිය, බදුල්ල, අනුරාධපුරේ, පොළොන්නරුවේ, සිගිරි, මාතර, හම්බන්තොට, කතරගම, මන්නාරම, යාපනේ ලංකාව වටේම ගියා එන්ගින් තෙල් මාරු කරා විතරයි මචං සිරාවට රුපියල් 3500යි එකත් තෙල් මාරු කරන්න ගියේ). ඉන්දියන් එක අව්රුද්දක් දුවන්න 65 000 කට වඩා වියදමක් ගියා මචං, පාරේ FZ තල්ලු කරපු වාර අනන්තයි පැච් ගිහිල්ලා, අද වෙනකම් මෙච්චර දුර ගෙහිල්ල දෙවියන්ගේ පිහිටෙන් එක පැච් එකක් ගියේ නැහැ මචං, උබලට තේරෙනවා නේ ජපන් එකෙයි ඉන්දියන් එකෙයි වෙනස.
තීරණය කරපල්ලා මොකක්ද හොඳ කියල. මම නම් කියන්නේ උබල ජපන් එකක් ගත්තොත් කවදාවත් ඉන්දියන් එකක් දිහා හැරිලා බලන එකක්වත් නැහැ කියල.
![]()
මේ තියෙන්නේ ජපන් FZ 6 බයික් එක.. ඇත්තම කියනවා නම් මේකේ හොර කොපියක් තමයි ඉතින් ඉන්දියන් ගහන්නේ. බලපන් කොලිටිය ලගින් වත් තියන්න පුලුවන්ද ?
තීරණේ උබලගේ අතේ.
යමහා කොම්පැනියේ (AMW ) මොකෙක් හරි මේක බලනවා නම් අභියෝගයක්.
නිකන් බොරුවට ආදී කාලේ මාකටින් ට්‍රික්ස් දාන්න එපා, ගියාම ස්ටොක් නැහැ, මොන පචද ගල්කිස්සේ ඕනි තරම් ස්ටොක් තියෙනවා. මිනිස්සු නිකන් රවට්ටන්න එපා. බොරු මාර්කට් එකක් පෙන්නන්නේ මෙයාල. මාසෙට බයික් 20කට වඩා දැන් යන්නේ නැහැ. ඩිමාන්ඩ් එක තියෙනවා කියල පෙන්නන්න ස්ටොක් නැහැ කියනවා. සති දෙකෙන් නැවු එනවද ස්ටොක් එක අරගෙන, නැවු එන්නේ මාස 2කට සැරයක්, අනික අමුණන්නේ හොල්මන්ද? ඔයාලා ගෙහිල්ල සල්ලි ගෙවල දවස් 2ක් යන්නත් කලින් ඇවිල්ල බයික් එක ගන්න කියල කියන ජාතියක් මුන්. මන් හිතන්නේ ගෙන්නන්නේ හෙලිකොප්පරෙන් වෙන්න ඇති.
මනුස්සයෙක් බයික් එකක් ගන්නේ නැති බැරි කමට තමුන්ගේ අවශ්‍යතාවයන් සපුරගන්න. මනුස්සයෙක් කොම්පැනියට සර්විස් එකට අරගෙන එන්නේ විශ්වාසේ නිසා වොරන්ටිය තියාගන්න. උබල කරන්නේ මොනවාද?
ගන්නකොට උපේක්ෂා ස්වර්ණමාලි වගේ වොරන්ටිය පෙන්නලා බුදියන්නත් දෙන්නම් කියල ක්ලේම් කරන්න ගියාම උපේක්ෂා ත් නැහැ, පු* ත් නැහැ එකේ මයිලුත් නැහැ. ෆ්‍රී සර්විස් එකේ ඉඳල තෙල් වලට 1200ක් ගන්නවා. අනික් කොම්පැනි කාරයෝ නිකන් කරලා දෙන්නේ, අනික තෙල් වලට යන්නේ 500ක් වගේ, කාට කියන්නද ඉතින් උබලගෙන් කලේ නැත්නම් වොරන්ට් නැහැ නේ.
එන්ගින් ප්සිටන්, ශාර්ෆ්ට්, රෝඩ්, gear සෙට්, ක්ලච් හබ්, විද්‍යුත් පද්දතියේ CDI, වගේ කිසි දෙයක් කවර් වෙන්නේ නැහැ අඩුම තරමින් මාස 6ක් යනකම් බැටරිය වත් කවර් වෙන්නේ නැහැ. එහෙනම් මොන ලබ්බද ඔයි කවර් වෙන්නේ ? මිනිස්සුන්ව රවට්ටන්න එපා. සක්කිලි වැඩ.
සර්විස් කියල ගත්තම එක රේසර් එකකට ග්‍රීස් නැත්නම් කෙල ටිකක් වත් ගහල හයි කරනවද ? එක ටයර් එකක් වත් ගලවනවා ද? උබල කරන්නේ මොනවාද පෙට්‍රල් ටැංකියේ කවරේ ගලවල හුලන් ගහල, පිල්ටරේ ගලවල හුලන් ගහල, යට ඇනේ බුරුල් කරලා තෙල් යවල ආයේත් පුරවල දානවා, ඕක අපි ඔයිට වැඩිය හොඳට යාළු වෙලා ඉන්න කෙල්ලට කරනවා. අඩුම තරමින්, ඔයිල් පිල්ටරේ කෙල ටිකක් ගාල සුද්ද කරලා, බැටරියට වතුර ටිකක් වත් දාල බයික් එක හෝදලා වත් දීපන්.
යාලුවනේ කවදාවත් කොම්පැනියේ බයික් එක තියල යන්න එපා. කරනකම් එතනට වෙලා ඉන්න. මොකක් හරි කලේ නැත්නම් කියල කරගන්න 3000ක් ගෙවන්නේ කැසිල්ලට නෙවෙයි නේ. හෝදලා නැත්නම් කවදාවත් ආයේ අරගන්න එපා, කියල අයෙත් හෝදගන්න.
විකුණන බාන්ඩේ මොනා උනත් පාරිබෝගික සේවාව තියෙන්න ඕනි. බොරු රගපෑම් කලාට කවද හරි හෙළුවෙන් නටන්න වෙන එක මතක තියාගන්න. පරිබෝගිකයෝ රවට්ටන්න එපා, ගොන්නු එනවා එත් හැමෝම ගොන්නු නෙවෙයි කියල මතක තියාගන්න. පුළුවන් නම් තමුන්ගේ අඩුපාඩු හදාගෙන හොඳ විශ්වාසයක් ඇතිවෙන ආකාරයට වොරන්ටි දෙන්න.
Fz එකක් ගන්න තිබ්බ ආසාව අත්හැරිය 
ත්‍රෙඩ් එක පරණ උනාට විස්තර ටික තව අවුරුදු ගානක් වටිනවා. ඉන්දියන් බයිසිකල් වලට ලක්ස ගණන් වියදම් කරන එක අමුම අමු මෝඩ කමක්.


ඉස්තූතී සහොදරයා අත්දැකීම් බෙදාගත්තටFz එකක් ගන්න තිබ්බ ආසාව අත්හැරිය
[COLOR="Red"]man adurana eun innawa bara ganak padapu,,ohoma aulnana awe na ekakawath,,,oka danata inidan walin hodama bike eka....evertng depnd on the rider....padina widiya,,,maintenance wahanayakata adarayak nathuwa padina ekata BMW gaththath wadak naha..leda thama[/COLOR]