YouTube වයස අවුරුදු 10යි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    YouTube වයස අවුරුදු 10යි

    ලෝක ප්‍රකට යූ ටියුබ් වෙබ් අඩවියට නිළ වශයෙන් පළමු විඩියෝ පටය එක් කර වසර 10ක් සම්පූර්ණ වී තිබෙනවා. යූ ටියුබ් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජාවෙඞ් කරීම් විසින් එම විඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ 2005 වසරේදීයි.

    ඔහු විසින් සත්ව උද්‍යානයක සිට පටිගත කරන ලද විඩියෝ පටයක් එලෙස මුදාහැර තිබුණා. එදා සිට ආරම්භ වූ යූ ටියුබ් වෙබ් අඩවිය අද වනවිට ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. මේ වනවිට එක් මාසයක් තුළ යූ ටියුබ් වෙබ් අඩවියට පිවිසෙන සංඛ්‍යාව මිලියන 800 ක්.

    සෑම මිනිත්තුවකම යූ ටියුබ් වෙබ් අඩවියට පැය 300 ක වීඩියෝ පට එක්වන බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ. ලොව වැඩිම පිරිසක් පරිහරණය කරන වෙබ් අඩවි අතර යූ ටියුබ් වෙබ් අඩවියට හිමිවන්නේ 3 වන ස්ථානයයි. මේ දක්වා යූ ටියුබ් ඔස්සේ වැඩිම පිරිසක් නරඹා ඇති වීඩියෝ පටය වන්නේ ගන්ගම් ස්ටයිල් ගීතයයි. එය නැරඹූ සංඛ්‍යාව බිලියන 2.24 ක්.


     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන්ලා ඔය තරම් ඩේට කොහෙද බන් ස්ටොර් වෙන්නේ. අනික එච් ඩී කොලිටි වීඩියො..