උබලා Shopifyවල ඩ්‍රොප්ශිපින් කරනවා නම්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලා Shopifyවල ඩ්‍රොප්ශිපින් කරනවා නම් මේ දේවල් ගැන අවධානය යොමු කරපල්ලා.

    1) Facebook එකේ ඇඩ්වර්ටයිස් කරද්දි කැම්පේන්ස් හොදට ඔප්ටිමයිස් කරන්න ඉගෙන ගනින්. Per Purchase Cost (Cost per Result) එක ඩොලර් තුනකට වගේ තියා ගන්න පුලුවන් වුනොත් උබට හොද ලාභයක් ගන්න පුලුවන් වෙයි.

    2) ඉස්සෙල්ලා උබේ Facebook පේජ් එකේ හොද රෙපුටේශන් එකක් (හොද ෆෑන් බේස් එකක්) හදාගෙන ඉවර වුනාට පස්සෙ ප්‍රොඩක්ට් එක ඇඩ්වර්ටයිස් කරපන්.

    3) අඩුම සති දෙකක්වත් එක දිගට ඇඩ්වර්ටයිස් කරපන්. එහෙම නැති උනොත් Facebook එකට උබේ ප්‍රොඩක්ට් එක ගන්න හරිම ඕඩියන්ස් එක හොයා ගන්න බැරි වෙනවා. උදා: උබේ ප්‍රොඩක්ට් එක දෙන්නෙක් තුන්දෙනෙක්වත් ගත්තොත් තමයි Facebook එකට උන්ගේ සිමිලර් පැටන්ස් හොයාගෙන, ඒ වගේ තව අයට උබේ ඇඩ්ස් පෙන්නන්න පුලුවන් වෙන්නෙ.

    4) හොද Facebook Sales Funnel එකක් හදාගෙන එක ෆලෝ කරපන්. මේ වගේ එකක් හොදයි.

    මේ ඔක්කොම Audiences. බෝල්ඩ් කරලා තියෙන්නෙ Saved Audiences. ඒවා යටතෙ තියෙන්නෙ ඒවට include හෝ exclude කරන Custom Audiences.

    Your Brand - Cold Audience
    Your Brand - Exclude Website Visitors - 180 Days
    Your Brand - Exclude FB Page Users - 365 Days

    Your Brand - Videos Viewers & Posts Engagers - Retargeting
    Your Brand - Include Videos Viewers - 7 Days
    Your Brand - Include Posts Engagers - 7 Days
    Your Brand - Exclude Website Visitors - 180 Days

    Your Brand - Website Visitors - Retargeting
    Your Brand - Include Website Visitors - 30 Days
    Your Brand - Exclude Purchase - 180 Days

    උබ රන් කරන කැම්පේන්ස් තුනටත් Saved Audiencesවල නමම දීලා, ඒ අදාල Saved Audience එක කැම්පේන්ස්වල ඇඩ් කරගනින්.

    කැම්පේන්ස් තුන ගැන පැහැදිලි කිරීමක්

    Your Brand - Cold Audience -
    මුලින්ම උබ ඇඩ්ස් පෙන්නන්නෙ උබේ බ්‍රෑන්ඩ් නේම් එක හෝ ප්‍රොඩක්ට් එක ගැන දන්නෙවත් නැති උන්ට.

    Your Brand - Videos Viewers & Posts Engagers - Retargeting - මේ කැම්පේන් එක ටාගට් කරන්නෙ උබේ පලවෙනි කැම්පේන් එකේ ඇඩ් එක බලපු ඒත් සයිට් එකට නොගියපු උන්ව.

    Your Brand - Website Visitors - Retargeting - මේ කැම්පේන් එක ටාගට් කරන්නෙ උබේ සයිට් එකට ගියත් තාම ප්‍රොඩක්ට් එක නොගත්ත එවුන්ව.

    5) ඇඩ්ස්වලට පුලුවන් තරම් වීඩියෝස් විතරක් පාවිච්චි කරපන්.

    6) Shopify ස්ටෝර් එක ටිප්ටොප් එකට හදාගෙන ඉවර වෙලා ඇඩ්වර්ටයිස් කරපන්.

    පසුවදන.

    මම පුද්ගලිකව ඩ්‍රොප්ශිපින් කරන්නෙ නැහැ. ඒත් මම ඩ්‍රොප්ශිපින් කරන ක්ලයන්ට්ස්ලගෙ බිස්නස් ප්‍රොමෝට් කරනවා. ඉතින් මේ දේවල් හරියි කියන දේ මම අත්දැකීමෙන්ම දන්නවා.

    අහන්න දෙයක් තියෙනවා නම් PM කර කර කොකම්පාන්නෙ නැතුව මෙතනම අහපල්ලා. :rolleyes:
     
    Last edited:

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    ඇපල් ලා iOS 14 අප්ඩේට් එකෙන් දැන් Facebook ඇඩ්ස් වලට කෙලවලා නේද තියෙන්නෙ? ඒ ලොකුවට බලපායිද?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇපල් ලා iOS 14 අප්ඩේට් එකෙන් දැන් Facebook ඇඩ්ස් වලට කෙලවලා නේද තියෙන්නෙ? ඒ ලොකුවට බලපායිද?

    USවල වගේ ගොඩක් එවුන් iPhones පාවිච්චි කරන නිසා ටිකක් දැනෙන බලපෑමක් වේවි මචන්. :rolleyes:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    USවල වගේ ගොඩක් එවුන් iPhones පාවිච්චි කරන නිසා ටිකක් දැනෙන බලපෑමක් වේවි මචන්. :rolleyes:
    ගොඩක් යූටියුබ් එකේ ඉන්න උන් නම් කියන්නෙ දැන්ම ඉදලා වෙන platform එකකට මූව් වෙන්න කියලා. මාත් දැන් මේ පටන්ගන්න බයේ ඉන්නෙ වියදම් කරන සල්ලි ටිකවත් එන්නෙ නැතිවෙයි කියලා:(
     
    • Like
    Reactions: SLKolla2020

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩක් යූටියුබ් එකේ ඉන්න උන් නම් කියන්නෙ දැන්ම ඉදලා වෙන platform එකකට මූව් වෙන්න කියලා. මාත් දැන් මේ පටන්ගන්න බයේ ඉන්නෙ වියදම් කරන සල්ලි ටිකවත් එන්නෙ නැතිවෙයි කියලා:(

    ස්ටැට්ස්වලට අනුව USවල 61%ක් විතර iOS පාවිච්චි කරනවා. ඉතින් අපිට තියෙන්නෙ ඉතුරු 39% ගැන බලාපොරොත්තු තියාගෙන වැඩේට බහින්න. අනිත් එක මම දැනුවත්ව ඩ්‍රොප්ශිපින්වලට Facebook තරම් ඉෆෙක්ටිව් වෙන ෆ්ලැට්ෆෝම් එකක් තවම නැහැ. Google Shopping campaigns තමයි ටිකක් හරි හොද. ඒත් Facebook එකේ ඇඩ් එකක් දැකලා, ආස හිතිලා දෙයක් ගන්න කෙනා වගේ නෙමෙයි, ප්‍රොඩක්ට් එකක් සර්ච් කරලා ගන්න කෙනා ගොඩක් හොයලා බලලා, වෙන ප්‍රොඩක්ට්ස් එහෙමත් කම්පයාර් කරලා බලලා ගන්න නිසා අපේ එක ගන්න චාන්ස් එක අඩුයි. :rolleyes:

    shopify වල මාසෙකට බර ගානක් කපනවනෙ බන්

    මාසෙට ඩොලර් 29යි මචන්. :rolleyes:

    Woo commerce uth awulakae na neda?

    ඔව් බං. කරන උන් ඉන්නවා. :rolleyes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    3) අඩුම සති දෙකක්වත් එක දිගට ඇඩ්වර්ටයිස් කරපන්. එහෙම නැති උනොත් Facebook එකට උබේ ප්‍රොඩක්ට් එක ගන්න හරිම ඕඩියන්ස් එක හොයා ගන්න බැරි වෙනවා. උදා: උබේ ප්‍රොඩක්ට් එක දෙන්නෙක් තුන්දෙනෙක්වත් ගත්තොත් තමයි Facebook එකට උන්ගේ සිමිලර් පැටන්ස් හොයාගෙන, ඒ වගේ තව අයට උබේ ඇඩ්ස් පෙන්නන්න පුලුවන් වෙන්නෙ

    Dropshipping නම් නෙවේ කරන්නේ. මචං මෙක අපි අපේ blog posts boost කරද්දී අපි අපේ target audience එක select කරනවා නේ. එතකොට උඹ කියන විදියට කරන කොට audience base එක දිනපතා වෙනස් වෙනවා ද? අපි target audience එකේ interest ඒවත් කලින්ම select කරනවා නේ.
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    If your product is low priced one use instagram ads if it exceed the normal prices you should seek for an influencer. Make sure to check their profiles to understand the behavior of their fans.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Dropshipping නම් නෙවේ කරන්නේ. මචං මෙක අපි අපේ blog posts boost කරද්දී අපි අපේ target audience එක select කරනවා නේ. එතකොට උඹ කියන විදියට කරන කොට audience base එක දිනපතා වෙනස් වෙනවා ද? අපි target audience එකේ interest ඒවත් කලින්ම select කරනවා නේ.

    උබට ඕන උබේ බ්ලොග් පෝස්ට්ස්වලට රීච් හෝ ට්‍රැෆික් එක ගන්න විතරක් නිසා Sales Funnels හදන එක තේරුමක් නෑ බං. කැම්පේන් එකක් හදද්දි පලවෙනියට එන මේ ස්ටෙප් එකේ තියෙන "Reach" සහ Traffic කියන ඔප්ශන්ස් දෙකම ට්‍රයි කරලා බලහන්.

    fb.png


    හොදටම පර්ෆෝම් කරන එක දිගටම කරහන්. ඕඩියන්ස් එක එහෙම සැරින් සැරේ වෙනස් කරන්න උවමනා නැහැ බං. ඕඩියන්ස් හදද්දි interests, filters ගොඩක් දාලා ඕඩියන්ස් එක නැරෝ කරන්න එපා එතකොට Cost per Result එක වැඩි වෙනවා. :rolleyes:

    machan ape product ekak local market ekata promote karana wada uba karanawada?

    මම ලංකාවෙ උන්ට වැඩ කරන්නෙ නැහැ මචන්. :rolleyes:

    ඩේලි බජට් එක විදිහට ඇඩ් කැම්පේන් එකකට කීයක්ද උඹ සජෙස්ට් කරන්නේ? ඩොලර් 20 ගානේද?

    ඔව් බං. ඩොලර් 20ක්වත් ඕන. :rolleyes:
     
    Last edited: