ට්‍රම්ප් ඝාතනයට පැමිණ යුක්‍රේන හිතවාදියා

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ට්‍රම්ප් ඝාතනයට පැමිණ යුක්‍රේන හිතවාදියා

    ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනඩ් ට්‍රම්ප් දෙවන වතාවටත් ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගැනිමට සමත්වි තිබෙනවා.

    ෆ්ලොරිඩා හි ට්‍රම්ප්ට අයත් ගොල්ෆ් පිටියක ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවේදියි ඔහු ඝාතනය කිරිමට උත්සහා දරා ඇත්තේ. ට්‍රම්ප් ක්‍රිඩාකරමින් සිටි ස්ථානයේ සිට මිටර් තුන්සියක් පමණ දුරින් වු පදුරක් තුළ වෙඩික්කරු සැඟවි සිට තිබෙනවා. වෙඩික්කරු ට්‍රම්ප් වෙත ඉලක්කය මානන විට පදුර අතරින් තුවක්කු බටය දුටු ආරක්ෂක නිළධාරියෙකු ඒ වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පෙරළා වෙඩි තැබු වෙඩික්කරු එම ස්ථානයෙන් පළා ගිය අතර පසුව ඔහු අත් අඩංගුවට ගැනිමට FBI ආරක්ෂක අංශය සමත් වුනා.

    සැකකරු 58 හැවිරිදි රයන් වෙස්ලි රවුත් ලෙස හදුනා ගෙන තිබෙනවා. යුක්‍රේන යුද්ධයට සක්‍රියව දායකත්වය දැක්වු අයෙක් වන අතර යුක්‍රේනයේ සටන් වැදිමෙන් අනතුරුව මේ වනවිට යුක්‍රේනයේ විදේශ සේනාංකය වෙත කුළී හේවායන් සැපයිමේ අයෙකු ලෙස ක්‍රියා කරන අයෙක්.

    තමා ජනාධිපති වුවහොත් පැය 24 ක් තුළ යුක්‍රේන රුසියා යුද්ධය නිමාකරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මිට පෙර ප්‍රකාශ කළා. රුසියාව යනු යුධ යන්ත්‍රයක් බවත් ඒ හා සටන් වැදිමට යුක්‍රේනයට හැකියාවක් නොමැති බවද ට්‍රම්ප් ප්‍රකාශ කළා. ට්‍රම්ප් මෙන්ම ඔහුගේ උප ජනාධිපති අපේක්ශක ජේ.ඩි වෑන්ස්ද බොහෝ අවස්ථාවල මෙවැනි මත පළ කල අතර පැය 24 න් යුද්ධය නැවැත්වීම කෙසේ වුවත් ට්‍රම්ප් පාර්ශවය ජයගැනිම සෙලෙන්ස්කි රෙජීමයේ අවසානය වනු ඇති.

    https://www.bbc.com/news/live/c8dp10d4vq2t
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    GXkRHdzW4AAKwek

    GXkcyu1WQAAeqOp