විවාහයේදී ගැළපිය යුතු අලුත් ම පොරොන්දම-ත&#3536

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    විවාහයේදී ගැළපිය යුතු අලුත් ම පොරොන්දම-ත&#3536

    තැලසීමියා රෝගය පිළිබඳව මේ දිනවල වැඩියෙන් කතා බහට ලක් වෙනවා. ඒ, තැලසීමියා සහතිකය නොමැතිව තරුණ යුවළකට විවාහවීමට නොහැකි වන ලෙස පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වන නිසයි.

    වයඹ සහ මධ්‍යම පළාත තුළදී මේ වනවිට තැලසීමියා රෝගීන් බහුල ලෙස හමු වුවත් ලංකාව පුරාම තැලසීමියා රෝගීන් සහ රෝග වාහකයින් සිටින බව නවතම පර්යේෂණ මගින් පෙනී යනවා. අද මම කියන්න යන්නේ තැලසීමියා රෝගයේ ස්වභාවය සහ එයින් මිදීමේ ක්‍රමය සහ තැලසීමියා රෝගයෙන් මිදීමේ ඇති වැදගත්කම පැහැදිලි කිරීමටයි
    වෛද්‍ය ක්ශෙත්‍රයේ සිටින කෙනෙක් විදියට මේ පිලිබද ඔයාලව දැනුවත් කරන්නට යුතුකමක් සහ වගකීමක් මට තියනවා කියලා හිතුනා ඒ වගේම මම කියන කරුනු වල විශ්වාශවන්ත භාවය පිලිබදව සැකයක් තියාගන්න එපා


    තැලසීමියාව යනු කුමන අන්දමේ රෝගයක්ද?

    තැලසීමියාව (Thalassemia/thalassaemia) ලෙසද හදුන්වන අතර මෙය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන නිලීන ජානයක් නිසා ඇතිවන රුධිර රෝගයකි. මෙම නිලීන ජානය ජාන වෙනස්වීමක් හෝ මැකීයැමක් ( mutation or deletion) නිසා ඇතිවන්නකි මෙම ජානය නිසා හිමොග්ලොබින් අණු හැදිමට දායක වන ග්ලෝබින් අණු සැදීම සිදු නොවේ.
    නිරෝගී වැඩිහිටි පුද්ගලයකුගේ ශරීරය තුළ රුධිරය ලීටර් 5 ක් (5L) පමණ තිබෙනවා. රුධිරය එක් මිලිලීටරයක (1 mL) රතු රුධිරානු මිලියන 5 ක (5 million) පමණ තිබෙනවා. රතු රුධිරානු ඉතාම කුඩයි.

    එයට තිබෙන්නේ ද්වි අවතල හැඩයක්. ඒ නිසා රතු රුධිරානුවලට නැවෙමින් හැකිළෙමින් කුඩා රුධිර නාලිකා ඔස්සේ ගමන් කළ හැකියි. අපගේ රුධිරය තරලයක්. ඒ තරලය තුළ රතු රුධිරානු සුදු රුධිරානු රුධිර පට්ටිකා ආදිය තිබෙනවා. පෙනහලු වලින් ලබාගන්නා ඔක්සිජන් ශරීරය පුරා ගෙන යන්නේ රතු රුධිරානු ඇතුළත තිබෙන හිමොග්ලොබින් නම් අණුවලින්.

    අප ජීවත් වන්නේ වර්ධනය වන්නේ වැඩ කරන්නේ ඔක්සිජන් නිසයි. එමෙන් ම ශරීරයේ පටකවල එක්රැස්වන කාබන්ඩයොක්සයිඩ් වායුව පෙනහළුවලින් පිට කිරීමට උපකාරී වන්නේ රතු රුධිරානු. ඉහතින් දැක්වූ රතු රුධිරානු සෛල තුළ තිබෙන හීමොග්ලොබින් අණු නිර්මාණය වී තිබෙන්නේ හීම් (Heam) සහ ග්ලෝබින් (globin) නම් කොටස් එකට එක්වීමෙන්.

    හීම් නම් කොටස තුළ යකඩ අඩංගුයි. ග්ලෝබින් කොටස නිර්මාණය වී තිබෙන්නේ ඇල්ෆා ප්‍රෝටීන් දාම සහ බීටා ප්‍රෙ‍්‍රීටීන් දාම එක් වීමෙන්. හිමොග්ලොබින් අණුවේ ග්ලෝබින් කොටසේ ඇති මෙම ඇල්ෆා සහ බීටා ප්‍රෝටීන් දාම නිපදවෙන්නේ නැතිනම්, රුධිර සෛලවල ස්ථාවර බව නැතිවී යනවා. රුධිර සෛල දිය වන්නට පටන් ගන්නවා.

    තැලසීමියාව රෝගයේ දී සිදුවන්නේ මෙම සිදුවීමයි. හිමොග්ලොබින් අණු තුළ ඇල්ෆා දාම නැතිනම් එම තත්ත්වය ඇල්ෆා තැලසීමියාව ලෙසත් බීටා දාම නැතිනම් එය බීටා තැලසිමියාව ලෙසත් හඳුන්වනවා. ඉතා සරලව හඳුන්වන්නේ නම් තැලසීමියා රෝගයේදී සිදුවන්නේ රුධිරය දියවීමයි. තැලසීමියා රෝගයේ රෝග ලක්ෂණ ළමයකු ඉපදී වසර කීපයක් ගතවන විට මතුවෙනවා.


    රෝගයට හේතුන්
    මා කලින් සදහන් කල ලෙසට
    මෙය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන නිලීන ජානයක් නිසා ඇතිවන රුධිර රෝගයකි
    512px-Autorecessive.svg.png


    මෙම රුපයේ ආකාරයට r සලකුනෙන් දැක්වෙන්නෙ තැලසීමියා ඇති කිරීමට හෙතුවන ජානය වන අතර මව සහ පියා යන දෙදෙනාටම මෙම ජානය තිබෙන වාහකයින් වන අවස්තාවක ඇතිවන දරුවන්ගෙන් සෑම 1/4 ක් තැලසිමියා රෝගි දරුවෙකු වීමට ඉඩ ඇති අතර සෑම 2/4 ක් රෝග වාහකයින් වීමේ ඉඩ ඇත නිරෝගි වාහක නොවන දරුවකු බිහිවිමේ සම්භාවිතාවය 1/4ක් වේ මෙනිසා තැලසීමියා වාහකයන් දෙදෙනෙකු අතර විවාහය අතිශය භායානකය.

    මව හෝ පියා එකෙ අයෙකු පමනක් වහකයෙකු වන අවස්තාවක රෝගි දරුවන් බිහි නොවන අතර රෝග වාහකයින් බිහිවීමට ඉඩ ඇත එමගින් ඉදිරි පරම්පරාවේ යම් විවාහයකදී නැවත රෝගී දරුවන ඇති වීමට ඉඩ ඇත


    මෙය තවදුරටත් පැහැදිලි කරන්නෙ නම්
    රෝස පත ලෙස වාහක ජාන දරන්නන් හදුන්වන අතර හරිත වත ලෙස නිරෝගි අය හදුන්වයි
    av09120621-2.jpg


    1. රෝස පත ඇති තරුණියක් හා රෝස පත ඇති තරුණයෙකු අතර විවාහය අශුභයි.

    2. හරිත පත ඇති තරුණිය හා රෝස පත ඇති තරුණයා අතර විවාහය ශුභයි.

    3. රෝස පත ඇති තරුණයා හා පරීක්ෂා නොකළ තරුණිය අතර විවාහය අශුභයි.

    4. හරිත පත ඇති තරුණයා හා රෝස පත ඇති තරුණිය අතර විවාහය ශුභයි.

    5. දෙදෙනාටම හරිත පත ඇති විට එම විවාහය ශුභයි.

    6. හරිත පත ඇති තරුණයා හා පරීක්ෂා නොකළ තරුණිය අතර විවාහය ශුභයි.

    7. රෝස පත ඇති තරුණිය හා පරීක්ෂා නොකළ තරුණයා අතර විවාහය අශුභයි.

    8. හරිත පත ඇති තරුණිය හා පරීක්ෂා නොකළ තරුණයා අතර විවාහය ශුභයි.


    9. පරීක්ෂා නොකළ දෙදෙනෙකු අතර විවාහය අශුභයි.

    තැලසීමියාවට ගොදුරු වූ දරුවකුගේ ශරීරයේ රුධිරය දියවීම නිසා ළමයා සුදු මැලිවෙනවා. වර්ධනය ඇන හිටිනවා, ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. රුධිරය දියවෙමින් යනවිට හෘදයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට අපහසුවෙනවා. මේ සඳහා කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ බාහිරින් රුධිරය ලබාදීමයි. එහෙත් දිගින් දිගටම රුධිරය දියවෙමින් යනවිට අක්මාව, ප්ලීහාව වැනි ඉන්ද්‍රියයන්ට හානිවීමට පටන්ගන්නවා.

    ඊට අමතරව ඇට මිදුළු විස්ථාරණය වීම නිසා මුහුණ විකෘති ස්වභාවයක් ගන්නවා. එසේම ඇට කටු දුර්වල වී ඒවා කැඩීමට පටන් ගන්නවා. වර්ධනය අඩාලවීම නිසා මිටි වෙනවා. දිගින් දිගටම රුධිරය ලබාදීමෙන් මෙම ප්‍රශ්න බොහොමයක් විසඳා ගත හැකි ය. සාමාන්‍යයෙන් මසකට වරක් රුධිරය ලබාදිය යුතුයි. එය ජීවිත කාලය පුරාම කළ යුතුයි.






     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එහෙත් දිගින් දිගටම රුධිරය පිටතින් ලබාදෙන විට ගැටලු මතු වෙනවා. ඒ රුධිරය ලබාදෙන්න, ලබාදෙන්න ශරීරයේ යකඩ තැන්පත් වීමයි. මළ, මූත්‍ර, දහදිය මගින් පහසුවෙන් යකඩ අපගේ ශරීරයෙන් ඉවත් වන්නේ නෑ. යකඩ අණු අපගේ ශරීරයට විස සහිතයි. ශරීරයේ වැඩිපුර ඇති යකඩ නිසා ශරීරයේ තිබෙන ප්‍රෝටීනවල ස්වභාවය වෙනස් වෙනවා.

    DNA අණු වෙනස් වෙනවා. එසේ ම ශරීරයේ යකඩ එක් රැස්වීම හෘදයට, අග්න්‍යාසයට පිටියුටරි ග්‍රන්ථයට වෙනත් හෝමෝන ග්‍රන්ථිවලට මෙන් ම සෑම අවයවයකටම බලපෑම් ඇති කරනවා. විවිධ ආබාධ ඇතිවීමට ජීවිත කාලය කෙටි වීමට එම බලපෑම් හේතු වෙනවා. මෙම තත්ත්වයෙන් මිදීමට ශරීරයේ යකඩ ඉවත් කළ යුතුයි.
    යකඩ ඉවත් කිරීමට මේ වනවිට ප්‍රතිකාර ක්‍රම 3 ක් භාවිතා කරනවා. දිනපතාම දෙනු ලබන එන්නත්, දිනපතා තුන් වරක් ගත යුතු ගිලින පෙති මෙහිදී යොදාගන්නවා. දිනකට එක් වරක් දියකර ගත යුතු පෙත්තක් ශරීරයෙන් යකඩ ඉවත් කිරීමේ නවතම ඖෂධය ලෙස හඳුන්වා දී තිබෙනවා.

    මේ ප්‍රතිකාර සඳහා රෝගයකු වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 2 ක් පමණ වැය කිරීමට රජයට සිදුවී තිබෙනවා.

    මෙම රෝගයට ගොදුරුවූවන්ගේ ජීවිත කාලය කෙටි නිසාත් ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වැය කළ යුතු නිසාත් මෙම රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම ඉතාම වැදගත්.

    තැලසීමියා රෝගය පැතිරීම වැළැක්වීමට ගතයුතු එකම පියවර වන්නේ රෝග වාහකයින් දෙදෙනකුගේ විවාහය වැළැක්වීමයි. ඕනෑම අයකුට තමා තැලසීමියා වාහකයකු ද යන්න ඉතා සරල රුධිර පරීක්ෂාවකින් දැනගත හැකි යි. Full Blood count - FBC රුධිර පරීක්ෂාවක් කළ විට එහි MCV අගය 80 ට වඩා අඩු නම් හෝ MCH අගය 27 ට වඩා අඩු නම් එයට හේතු වන කාරණා 2 ක් තිබෙනවා. ඉන් එක කරුණක් වන්නේ යකඩ ඌණතාවයයි. අනෙක් කරුණ වන්නේ තැලසීමියා වාහක තත්ත්වයයි.

    මූලික රුධිර පරීක්ෂණයේදී MCV අගය 80 ට වඩා අඩු නැති නම් MCH අගය 27 ට වඩා අඩු නැතිනම් ඔහු හෝ ඇය තැලසීමියා වාහකයකු නොවන බවත් යකඩ ඌණතාවයක් නොමැති බවත් පැහැදිලි වෙනවා. එවිට එම පුද්ගලයාට කොළ පැහැති කාඩ්පතක් (හරිත පතක්) නිකුත් කරනවා. යමෙකුග MCV සහ MCH අගයන් අවශ්‍ය අගයට වඩා අඩු නම්, එම පුද්ගලයාට මාස තුනක් පමණ යකඩ ප්‍රතිකාර ලබාදෙනවා.


    ඉන් අනතුරුව කරනු ලබන පරීක්ෂණයේදී MCV සහ MCH අගයන් අවශ්‍ය පමණට ඇත්නම් එම පුද්ගලයාට ද කොළ පැහැති කාඩ් පතක් නිකුත් කරනවා. MCV සහ MCH අගය නියම ප්‍රමාණයෙන් නොමැති පුද්ගලයන් සඳහා කරන HPLC පරීක්ෂාව මගින් නිවැරදි ලෙසම එම පුද්ගලයා තැලසීමියා වාහකයෙක් යන්න හඳුනාගත හැකියි. එහිදී එම පුද්ගලයා සත්‍ය ලෙසම තැලසීමියා වාහකයෙක් බව ඔප්පු වුවහොත් ඔහුට රෝස පැහැති කාඩ්පතක් නිකුත් කරනවා.

    මෙහි දක්වා ඇති තැලසීමියා පොරොන්දමට අනුව විවාහ වූවොත් එම යුවළට තැලසීමියා රෝගයෙන් තොර දරුවකු ලබාගත හැකි යි. තැලසීමියා රෝගයට ගොදුරු නොවී සිටීම අපේ වගකීමක්.

    එසේම තරුණ වයසේ සිටින දරුවන් ගේ රුධිරය පරීක්ෂා කර තම දරුවා තැලසීමියා වාහකයකුද කියා දැනගැනීම දෙමාපියන්ගේ වගකීමක්. තැලසීමියා රෝගය නැති දරුවන් ලබාගැනීමට තමන් විවාහ විය යුත්තේ කුමන අන්දමේ පුද්ගලයකු සමඟ ද යන්න සොයා ගැනීමට තැලසීමියා පොරොන්දම උපකාරී වෙනවා.


    resources
    http://www.silumina.lk
    http://en.wikipedia.org/wiki/Thalassemia:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: wisal

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි කොල්ලෝ බෙදා ගත්තාට..
    බොහෝ දෙනෙකුට මේ ගැන ඒ තරම් අවබෝධයක් නෑ..
    රෙප් +7
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    watina thread ekak. thanks.

    You must spread some Reputation around before giving it to maheshsenadheera again.:(:(