මේ තියෙන්නේ බදුල්ල-වැලිමඩ ප්‍රධාන මාර්ගය.
මේ මාර්ගය යාවෙන බදුල්ල නගරයත් වැලිමඩ නගරයත් වෙත සංචාරය කරන්නයි එලකිරි සංචාරකයාගේ මේ සූදානම.
වැලිමඩ,
ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඉතාමත් සෞම්‍ය දේශගුණයකට හිමිකම් කියන ලංකාවේ තවත් අලංකාරම නගරයක්.
තේ වගාවත්, අල වගාවත්, එලවළු හා වී ගොවිතැනත් බහුලව සිදුවන සාරවත් ප්‍රදේශයක්.
ඒ වගේම රාවනා රජු, සීතා කුමරිය සැඟවූවා යැයි සැලකෙන ස්ත්රීපුර ගුහා සංකීර්ණය අයත් කඳුවැටිය වැලිමඩ නගරය ආසන්නයේ පිහිටා තියෙනවා. ඒ වගේම ලංකාවේ පළල්ම දිය ඇලිවලින් එකක් වන අලංකාර බෝඹුරු ඇල්ල,
ඉතා පැරණි ඉතිහාසයකට උරුම කියන දිවුරුම්ගල රජමහා විහාරය, දුන්හිඳ ඇල්ල, සොලොස්මස්ථාන වලින් එකක් වන මුතියංගන රජමහා විහාරය වගේම තවත් ස්ථාන ගනනාවකම සංචාරය කරන්නයි අප සූදානම් වන්නේ.
කලින් සංචාර 03ටම ගොඩාක් ඉහල ප්‍රතිචාර තිබ්බා. ගොඩාක් අය අහනවා අපේ සංචාරවලට එකතු වෙන්න පුළුවන්ද කියලා. කලින් සංචාර වලදී වගේම පුළුවන් විදියට අපි වගේම Travel කරන්න කැමති එලකිරි සාමාජිකයෙක් හෝ දෙදෙනක් අපේ මේ 04 වෙනි සංචාරයටත් එකතු කරගන්නට අපි අදහස් කරගෙන ඉන්නවා.
මේ ගමන අපි යන්නේ සති අන්තයකයි.
අපිත් එක්ක එකතු වෙන්න කැමැති සාමාජිකයන් ඉන්නවා නම් අපේ Team එකේ කවුරු හරි කෙනෙකුට PM එකක් මගින් තමන්ගේ විස්ථරත් සමඟ ඒ බව දැනුම් දෙන්න.
මේ ඉන්නේ අපේ ටීම් එක.
Last edited:









naa umba tent eken eliye innawa mawi mawi penuna ..
Sunday thamai..... 