Common Skin disorders & Treatments

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කොනකපාල007;10661518 said:
    pityriasis vesicolor (අලුහම්)

    pityriasis-versicolor1-thumb.jpg


    haole+rot.jpg


    PityriasusVersicolour_SPL.jpg_e_80e120e8d9501686f40a51477471da69.jpg


    අලුහම් ඉතාම සුලබ චර්ම රෝගයක්. මේවා පපුවේ, මූනේ, පිටේ , කිහිලි ආශ්‍රිතව ආදී ඕනෑම ස්ථානයක ඇති වෙන්න පුලුවන්. ඉස්සර කාලේ ගෝමර කිව්වෙත් අලුහම් වලට වෙන්න ඕන. මේ ලෙඩේ හැටි ලබාදීලා තියෙන ලතින් නමෙන්ම විස්තර කෙරෙනවා. pityriasis vesicolor කියන්නේ ( fine scaling lesions with various colours ). ඒ කියන විදියටම අලුහම් විවිධ පාටින් තියෙනවා.වඩාත්ම සුලබ වර්ගය තමයි සමේ වර්ණයට වඩා ලා පැහැති, වියලි, යන්තම් පොතු ගැලවෙන ආකාරයේ අලුහම්. මේවා මුලින්ම කුඩා රවුම් lesions විදියට පටන් ගෙන ටික ටික ප්‍රමාණයෙන් වැඩි වෙනවා. අලුහම් හදන්න වගකියන්න ඕන අපේ සිරුරේ වාසය කරන සහජීවී දිලීර/යීස්ට් විශේෂ. Malassezia globosa සහ Malassezia furfur තමයි ප්‍රධානම වග උත්තරකාරයෝ දෙන්නා.

    සමේ වර්ණයට වඩා ලා පාට අලුහම් වලට අමතරව, තද පාට , රෝස පාට අලුහමුත් තියෙනවා.
    සමේ වර්ණය තද පාට නම්( black, brown, tanned), ඒ පුද්ගලයාට එන අලුහම් බොහෝවිට ලා පැහැතියි.ඒත් සමේ වර්ණය ලා පැහැති නම් ( සුසුදු සමක් තියෙන අය :P ) එයාලට එන අලුහම් හිරු එලියට/ උෂ්ණත්වය වැඩි පරිසර වලට නිරාවරණය වෙනකොට කලු පාට වෙනවා. කලු අලුහම් කියෙන්නේ ඒවට.
    අලුහම් වලින් තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි උෂ්‍ණත්වය වැඩි පරිසර වලදී අධිකව කැසීම.

    ලංකාවේ නම් අලුහම් වලට දෙන බෙහෙත් තමයි selenium sulfide සහ ketoconazole ආලේපන සහ ශැම්පූ.මේක දිලීර රෝගයක් නිසා අදාල වෛද්‍ය උපදෙස් නිසියාකාරව පිලිපදින්න අවශ්‍යයි සම්පූර්ණයෙන් සුව කරගන්න ඕන නම්. බොහෝ දෙනා කරන්නේ යන්තම් අලුහම් නැති වුන ගමන් ප්‍රතිකාර නවත්තන එක, එතකොට නැවත නැවතත් අලුහම් මතු වෙන්න පුලුවන්. ඒ නිසා ඉංගිරීසි බෙහෙත් හරි නෑ කියලා බැන බැන ඉන්නේ නැතුව හරියට නියමිත කාල පරාසයම බෙහෙත් ගන්න.

    pityriasis rosea

    pit-rosea3-s.jpg


    මේකත් අලුහම් වගේ සමේ රෝගයක්. මේ ලෙඩේට නිශ්චිත හේතුවක් තවම සොයාගෙන නෑ. නමුත් දැනට චර්මරෝග වෛද්‍යවරු සැක කරන්නේ human herpes virus 6,7 වෙන්න පුලුවන් කියලා. මේක ආමි කෑම්ප්, අනාථ නිවාස, හොස්ටල් වල ඉන්න අයගේ සුලබව දකින්න ලැබෙනවා
    රෝස පාට/රතුපාට වියලි රවුම් පැල්ලමක් විදියට තමයි ලෙඩේ මතු වෙන්නේ. බොහෝ අවස්ථාවල මේක තියෙන්නේ බෙල්ලෙන් පහල සහ දනහිසට උඩින් අතර ප්‍රදේශයේ. දනහිසට පහලිනුත් මතුවන අවස්ථා තියෙනවා. මේ ලෙඩේ උග්‍ර අවස්ථාව නම් අදුරගන්න හරිම ලේසියි. කමිසය ගලවලා පිට දිහා බැලුවම අදාල පැල්ලම් නත්තල් ගහක ආකාරයට සමේ විසිරිලා තියෙනවා.

    pityri_r.jpg


    මේකෙන් අපිට එච්චරම කරදරයක් නැතිවුනත් ඇගේ ලප තියෙන එක බියුටිකචල් ගැන හිතන අයට ප්‍රශ්ණයක් නිසා බෙහෙත් දෙන්න ඕන.
    වැඩිපුරම ලබාදෙන ප්‍රතිකාරය තමයි 1% menthol aqueous cream.
    ඒ ඇරුනම steroid( hydrocortisone ) ලෝශන්/ක්‍රීම් සහ antihistamines ( cetrizine dihydrochloride ) ලබාදෙන්න පුලුවන්.
    ඒ වගේම මොරිස්චරයිසර් එකක් භාවිතා කරන්න, අදාල ස්ථානයේ සබන් ගාන්න එපා, හිරු එලියට අදාල ස්ථාන නිරාවරණය කරන්න වගේ උපදෙසුත් ලබා දෙනවා.

    ඊලග දවසේ හිස් හොරි සහ රිං වර්ම් ගැන කතා කරමු:)

    mama maga balaagena hitapu post eka.. :D

    thanx machan...:):):):)
    mage thiyenne duburu paatata huru aluham (kalu aluham) deka thunak..Candid kiyala cream ekak dunna doctor.. den sathi 3k - 4k wenawa pawichchi karanna aran.. eth thawama adu wune nehe :(
    mage hama sudui e nisa kethata penawa ban :(
     
    Last edited:
    Jun 8, 2011
    199
    40
    0
    mama maga balaagena hitapu post eka.. :D

    thanx machan...:):):):)
    mage thiyenne duburu paatata huru aluham (kalu aluham) deka thunak..Candid kiyala cream ekak dunna doctor.. den sathi 3k - 4k wenawa pawichchi karanna aran.. eth thawama adu wune nehe :(
    mage hama sudui e nisa kethata penawa ban :(

    general practitioner කෙනෙක්ගෙන් ද dermatologist කෙනෙක්ගෙන් ද ගත්තේ :confused::confused:
    candid cream එක ගොඩක්ම සාර්ථක candida albicans කියන දිලීරයට එරෙහිව පාවිච්චි කරනකොට. අලුහම් හදන අනිත් දිලීරවලට විරුද්ධව එච්චරම සාර්ථක නෑ. ඔයාට බැරිද ලගම තියෙන හොස්පිටල් එකේ චර්ම රෝග සායනයට යන්න?? ( නැත්නම් සල්ලි තියෙනවා නම් dermatologist කෙනෙක්ව කන්සල්ට් කරන්න?? :baffled::baffled: )
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: මූව හමගහන්න එපැයි යකෝ.. :cool: අමර ත්‍රේඩ් එකක් මචන් සිරා පට්ට්ට්ට්ට්ටම වැදගත් ත්‍රේඩ් එකක්. :yes: රෙප් + ම තමා ආයෙ මචෝ. :D සිරා උඹ ඩොකෙක්ද? :) ඩොකෙක් වුනත් නොවුනත් ආයෙ ත්‍රේඩ් එක නම් උපරිමයි. :) තව කරුණු දාහන් වෙලාව ලැබෙන හැටියෙන්. :oo: බෙහෙත් ජාති නොදැම්මත් කමක් නෑ මොකද සමහර උන් ඕව හිතු මනාපෙට අරන් බොයි හිහී.. :rofl:
    11.gif
    11.gif
    11.gif
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කොනකපාල007;10664525 said:
    general practitioner කෙනෙක්ගෙන් ද dermatologist කෙනෙක්ගෙන් ද ගත්තේ :confused::confused:
    candid cream එක ගොඩක්ම සාර්ථක candida albicans කියන දිලීරයට එරෙහිව පාවිච්චි කරනකොට. අලුහම් හදන අනිත් දිලීරවලට විරුද්ධව එච්චරම සාර්ථක නෑ. ඔයාට බැරිද ලගම තියෙන හොස්පිටල් එකේ චර්ම රෝග සායනයට යන්න?? ( නැත්නම් සල්ලි තියෙනවා නම් dermatologist කෙනෙක්ව කන්සල්ට් කරන්න?? :baffled::baffled: )

    dermatologist kenek gawata thamayi giye machan..:baffled:
     
    Jun 8, 2011
    199
    40
    0
    :shocked: මූව හමගහන්න එපැයි යකෝ.. :cool: අමර ත්‍රේඩ් එකක් මචන් සිරා පට්ට්ට්ට්ට්ටම වැදගත් ත්‍රේඩ් එකක්. :yes: රෙප් + ම තමා ආයෙ මචෝ. :D සිරා උඹ ඩොකෙක්ද? :) ඩොකෙක් වුනත් නොවුනත් ආයෙ ත්‍රේඩ් එක නම් උපරිමයි. :) තව කරුණු දාහන් වෙලාව ලැබෙන හැටියෙන්. :oo: බෙහෙත් ජාති නොදැම්මත් කමක් නෑ මොකද සමහර උන් ඕව හිතු මනාපෙට අරන් බොයි හිහී.. :rofl:
    11.gif
    11.gif
    11.gif

    තැන්කියු වේවා මචෝ. :D:D
    බෙහෙත් දැම්මට මාත්‍රාව (dosage ) දැම්මේ නෑ.
    තමන්ගේ ලෙඩේට ඩොකා දෙන බෙහෙත දැන ගෙන ඉන්න එක කෝකටත් හොද නිසයි බෙහෙත ගැනත් දැම්මේ.;);)
     
    Jun 8, 2011
    199
    40
    0
    dermatologist kenek gawata thamayi giye machan..:baffled:

    අලුහම් වලට 2 % ketaconazole වගේ බෙහෙතක් ගොඩක් effective. :baffled::baffled: dermatologist කියපු කාල පරාසය බෙහෙත පාවිච්චි කරලා හරි ගියෙ නැත්නම් චර්ම රෝග සායනයට එන එක හොදයි වගේ.
     
    Jun 8, 2011
    199
    40
    0
    Acanthosis nigricans

    acanthosis-nigricans.jpg

    acanthosisNigricans_16575_lg.jpg

    ගොඩක් මහත අයව දැකලා තියෙනවද?? සමහර මහත අයගේ බෙල්ල, කිහිලි එහෙම කලුපාට වෙලා තියෙනවා දැකලා තියෙනවද?? මේකට තමයි acanthosis nigricans කියලා කියන්නේ. මේක විස්තර කරන්නේ කලු /තද පැහැති වෙල්වට් වගේ සමක් කියලා.
    මේකට බොහෝවිට හේතු කාරක වෙන්නේ හෝමෝන සාන්ද්‍රණවල වෙනස්කම්. ඉන්සියුලින්, කෝර්ටිකොස්ටෙරොයිඩ්, තයිරොක්සීන් වගේ හෝමෝනවල වෙනස්කම් නිසා මේ තත්වය ඇති වෙන්න පුලුවන්.
    ඒ ඇරුනම සමහර කැන්සර් නිසාත් මේ ලෙඩේ හැදෙන්න පුලුවන්. මේ හේතු ගැන සැක කරන්න ඕන රෝගියා මැදි වයසේ ඉන්නවා නම් . ඒත් අද කාලේ තරුණ අය ගැන සලකනවා නම් ප්‍රධානම හේතුව තමයි කට පරිස්සම් කර ගන්නේ නැති එක. junk food, snacks , high concentrated sugary drinks වගේ කෑම බීම බඩජාරිකමට කාලා මහත් වුනාම මේ තත්වය ඇති වෙනවා.
    ඉතින් මේකට ප්‍රතිකාර කරනවා නම් මුලින්ම ආහාර පාලනය කරන එක ඉතාම වැදගත්.
    ඊට අමතරව retinoids ආලේපන ලබා දෙනවා. මේවා විටමින් A වල ව්‍යුත්පන්න නිසා දවල් කාලයේ ආලේප කරලා වැඩක් නෑ. ඒ වගේම හෝමෝන වෙනස්කම්, කැන්සර් නිසා මේ තත්වය ඇති වෙලාද කියලා සොයා බලන එකත් වැදගත්

    ring worms
    ringworm%20Fig%201%20%282%29.JPG

    ගොඩක් වෙලාවට එකම බෝඩිමේ, හොස්ටල් වල ඉන්න, එකම යට ඇදුම් , ටවල් මාරු කරගෙන අදින අයට හැදෙන ලෙඩක් මේක. සමහර විට මේක ඔයාලටත් තියෙන්න පුලුවන් :P අහවල් ස්තානය කස කස ඉන්න කෙනෙක් දැක්කොත් බොහෝ විට ring worm හැදිච්ච කෙනෙක් වෙන්න පුලුවන්, මේකට රිං වර්ම් කිව්වට මේ ලෙඩේ හදන්නේ පනුවෙක් නෙවෙයි. මේ නම ඉස්සර කාලේ වැරදීමකින් ලබා දීපු නමක්.
    ඇත්තටම මේ ලෙඩේ හදන්නේ හමේ කෙරටින් මත යැපෙන microsphorum, Trychophyton ආදී මතුපිට වෙසෙන දිලීර විශේෂ.
    මේ ලෙඩේ හැදෙන ඉස්තානය අනුව විවිධ නම් ලබා දෙනවා
    ඔලුවේ ඉදලා පහලට කතා කරොත්

    Tinea capitis- ඔලුවේ හිසකෙස් තියෙන ප්‍රදේශයේ මේ දීලීර ආසාදනය හැදුනොත් කියන්නේ මෙහෙමයි. මේක නිසා scar එකක් සමග හිස කෙස් නැති ප්‍රදේශයක් හිසේ ඇති වෙන්න පුලුවන්
    139_140_1.jpg


    Tinea facalis- මුහුනේ රැවුල නැති ප්‍රදේශයේ හැදුනම හදුන්වන්නේ මෙහෙමයි
    4808.jpg


    Tinea barbae- මුහුනේ රැවුල වැවෙන ප්‍රදේශයේ හැදුනම හදුන්වන නම තමයි මේක. එවැනි ස්ථානයක හැදුනොත් රැවුල නැති ප්‍රදේශයක් ඇති වෙන්න පුලුවන්
    230px-Tinea_barbae_4807_lores.jpg


    Tinea corporis- බෙල්ල, පපුව, බඩ, පිට ආදී ප්‍රදේශයේ මෙම රෝගය ඇති විට
    500221-fx9.jpg


    Tinea manuum- අල්ල, හා අත යන ප්‍රදේශයේ හැදුනම
    Tinea-ManuumTinea-Pedis.jpg


    Tinea unguium- අතේ සහ කකුලේ නියපොතුවල හැදුනම
    fungus_nail.jpg


    Tinea cruris- අපේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ හැදුනම
    0402conpetinblcrub.jpg


    Tinea pedis - කකුලේ හැදුනම
    Tinea-Pedis.jpg


    මේ ලෙඩේ හැදුනම තියෙන රෝග ලක්ශනය තමයි මුලින්ම හමෙන් එලියට නෙරා එන බිබුලක් වගේ ව්‍යුහයක් ඇතිවෙනවා. එතන අධිකව කැසීම ඇති වෙනවා
    ඊලගට බිබුල වටා ප්‍රදේශයේ රවුමට, ඕවලාකාර හැඩයට ඉදිමිලා ඉලිප්පිලා එනවා (annular lesions ) ඒ ඕවලාකාර දදයේ දාරයේ සිටින දිලීර තව තවත් ඈතට පැතිරිලා circinate lesion එකක් හදනවා.
    කැසීම නිසා මේ ක්‍රියාවලිය වේගවත් වෙනවා. ඒ වගේම නියපොතු වලට තුවාල වෙලා බැක්ටීරියා වලින් ද්වීතිය ආසාදනයකුත් ඇති වෙන්න පුලුවන් ඒක නිසා මේ ලෙඩේ හැදුනොත් අම්මා මුත්තා කිව්වත් පුලුවන් තරම් කසන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න ඕන.

    ලෙඩේට දෙන බෙහෙත් මොනවද
    මුලින්ම කියන්න ඕන, ෆාමසිවල ඉන්න ෆාමසි කෝස් එකක් ව්අත් නොකරපු කොන්සල්ටන්ට්ලා සහ සමහර ඩිස්පෙන්සරි දාගෙන ඉන්න වෛද්‍යවරු මේ ලෙඩේට වැරදි බෙහෙත් ලබා දෙනවා. ඒ නිසා ඉතාම ලේසියෙන් සුව කරගන්න පුලුවන් ලෙඩක් වුනත් මේ නිසා මාස ගනන්, අවුරුදු ගණන් කස කසා ඉන්න වෙනවා

    මේක දිලීරයක් නිසා ස්ටෙරොයිඩ් අඩංගු බෙහෙත් ලබා දුන්නොත් තාවකාලිකව ලෙඩේ යටපත් වෙන්න පුලුවන්, නමුත් බෙහෙත් නවත්තපු සැනින්, වඩාත් ප්‍රබලව, දරුණු විදියට ලෙඩේ නැවත ඇති වෙනවා
    ඒ නිසා ස්ටෙරොයිඩ් අඩංගු ක්‍රීම් , ආලේපන භාවිතය එතරම් ප්‍රතිපල දායක නෑ.

    මේ ලෙඩේදි සාමාන්‍යයෙන් ලබාදෙන ප්‍රතිකාර මේ වගේ
    පොටෑසියම් පර්මැංගනේට් - දවසට දෙවරක් මද උනු වතුරින් පොටෑසියම් පර්මැංගනේට් ලා රෝස පාට එන විදියට දිය කරලා ද්‍රාවණයක් හදාගෙන ඒකෙන් අදාල දදය තිබෙන ස්ථානය සෝදන්න ඕන, එතකොට අදාල සංයෝගයේ තියෙන ඔක්සිකාරක හැකියාවෙන් බැක්ටීරියා වගේ වෙනත් ජීවින්ට එරෙහිව ක්‍රියා කරනවා

    miconazole- මේක දිලීරවලට එරෙහි ආලේපන විදියට තියෙනවා. මේක ලෙඩේ සුව වෙලා තවත් සතියක් 2ක් යනකන් අදාල ප්‍රදේශයේ ආලේප කරන්න ඕන

    systemic antifungal drugs - ලෙඩේ වර්චස් වෙලා දරුණු තත්වයට පත් වෙලා නම් fluconozole වගේ බෙහෙතක් කරල් ආකාරයෙන් ලබා දෙනවා

    මීට අමතරව කැසීම නවත්වන්න anti-histamine පෙතිත් ලබා දෙනවා
    හරියට වෛද්‍ය උපදෙස් පිලිපැද්දොත් හරිම ලේසියෙන් මේ ලෙඩේ සුව කරගන්න පුලුවන්

    ඒ වගේම තමන්ගේ යට ඇදුම් වල පිරිසිදු බව, ටවල්/ඇදුම් හුවමාරු කර නොගැනීම, ලොකර් රූම් වල සපත්තු සහිතව ඇවිදීම, වගේ සරල ක්‍රියාමාර්ග අනුගමනය කරොත් නැවත නැවත මේ ලෙඩේ හැදෙන එක වලක්වාගන්න පුලුවන්.

    උදුගොව්වෝ කෑම ගැන ඊලග දවසේ කතා කරමු :)

     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කොනකපාල007;10664714 said:
    තැන්කියු වේවා මචෝ. :D:D
    බෙහෙත් දැම්මට මාත්‍රාව (dosage ) දැම්මේ නෑ.
    තමන්ගේ ලෙඩේට ඩොකා දෙන බෙහෙත දැන ගෙන ඉන්න එක කෝකටත් හොද නිසයි බෙහෙත ගැනත් දැම්මේ.;);)

    :) එළ එළ මචෝ.. :yes: ඔව් බෙහෙත් ජාති දැම්මට කමක් නෑ, :oo: ෂුවර් නැති සීන් එක තමයි අරක. :cool: එකෙන්ම එළකිරි ත්‍රේඩ් එක මචන්, :) දිගටම කරගෙන යන්න ත්‍රේඩ් එක අප්ඩේට් කරන්න වෙලාව ලැබෙන විදියට. :sorry: රෙප් 100ක් දුන්නත් මදි මචන්. :no: මෙඩිකල් ත්‍රේඩ්ස් හරිම අඩුයි. :dull: තිබ්බත් ඉංග්‍රීසියෙන් තියෙන්නෙ. :) හරිම හොඳ වැඩක් මේක.
    11.gif