කොනකපාල007;10661518 said:pityriasis vesicolor (අලුහම්)
![]()
![]()
![]()
අලුහම් ඉතාම සුලබ චර්ම රෝගයක්. මේවා පපුවේ, මූනේ, පිටේ , කිහිලි ආශ්‍රිතව ආදී ඕනෑම ස්ථානයක ඇති වෙන්න පුලුවන්. ඉස්සර කාලේ ගෝමර කිව්වෙත් අලුහම් වලට වෙන්න ඕන. මේ ලෙඩේ හැටි ලබාදීලා තියෙන ලතින් නමෙන්ම විස්තර කෙරෙනවා. pityriasis vesicolor කියන්නේ ( fine scaling lesions with various colours ). ඒ කියන විදියටම අලුහම් විවිධ පාටින් තියෙනවා.වඩාත්ම සුලබ වර්ගය තමයි සමේ වර්ණයට වඩා ලා පැහැති, වියලි, යන්තම් පොතු ගැලවෙන ආකාරයේ අලුහම්. මේවා මුලින්ම කුඩා රවුම් lesions විදියට පටන් ගෙන ටික ටික ප්‍රමාණයෙන් වැඩි වෙනවා. අලුහම් හදන්න වගකියන්න ඕන අපේ සිරුරේ වාසය කරන සහජීවී දිලීර/යීස්ට් විශේෂ. Malassezia globosa සහ Malassezia furfur තමයි ප්‍රධානම වග උත්තරකාරයෝ දෙන්නා.
සමේ වර්ණයට වඩා ලා පාට අලුහම් වලට අමතරව, තද පාට , රෝස පාට අලුහමුත් තියෙනවා.
සමේ වර්ණය තද පාට නම්( black, brown, tanned), ඒ පුද්ගලයාට එන අලුහම් බොහෝවිට ලා පැහැතියි.ඒත් සමේ වර්ණය ලා පැහැති නම් ( සුසුදු සමක් තියෙන අය) එයාලට එන අලුහම් හිරු එලියට/ උෂ්ණත්වය වැඩි පරිසර වලට නිරාවරණය වෙනකොට කලු පාට වෙනවා. කලු අලුහම් කියෙන්නේ ඒවට.
අලුහම් වලින් තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි උෂ්ණත්වය වැඩි පරිසර වලදී අධිකව කැසීම.
ලංකාවේ නම් අලුහම් වලට දෙන බෙහෙත් තමයි selenium sulfide සහ ketoconazole ආලේපන සහ ශැම්පූ.මේක දිලීර රෝගයක් නිසා අදාල වෛද්‍ය උපදෙස් නිසියාකාරව පිලිපදින්න අවශ්‍යයි සම්පූර්ණයෙන් සුව කරගන්න ඕන නම්. බොහෝ දෙනා කරන්නේ යන්තම් අලුහම් නැති වුන ගමන් ප්‍රතිකාර නවත්තන එක, එතකොට නැවත නැවතත් අලුහම් මතු වෙන්න පුලුවන්. ඒ නිසා ඉංගිරීසි බෙහෙත් හරි නෑ කියලා බැන බැන ඉන්නේ නැතුව හරියට නියමිත කාල පරාසයම බෙහෙත් ගන්න.
pityriasis rosea
![]()
මේකත් අලුහම් වගේ සමේ රෝගයක්. මේ ලෙඩේට නිශ්චිත හේතුවක් තවම සොයාගෙන නෑ. නමුත් දැනට චර්මරෝග වෛද්‍යවරු සැක කරන්නේ human herpes virus 6,7 වෙන්න පුලුවන් කියලා. මේක ආමි කෑම්ප්, අනාථ නිවාස, හොස්ටල් වල ඉන්න අයගේ සුලබව දකින්න ලැබෙනවා
රෝස පාට/රතුපාට වියලි රවුම් පැල්ලමක් විදියට තමයි ලෙඩේ මතු වෙන්නේ. බොහෝ අවස්ථාවල මේක තියෙන්නේ බෙල්ලෙන් පහල සහ දනහිසට උඩින් අතර ප්‍රදේශයේ. දනහිසට පහලිනුත් මතුවන අවස්ථා තියෙනවා. මේ ලෙඩේ උග්‍ර අවස්ථාව නම් අදුරගන්න හරිම ලේසියි. කමිසය ගලවලා පිට දිහා බැලුවම අදාල පැල්ලම් නත්තල් ගහක ආකාරයට සමේ විසිරිලා තියෙනවා.
![]()
මේකෙන් අපිට එච්චරම කරදරයක් නැතිවුනත් ඇගේ ලප තියෙන එක බියුටිකචල් ගැන හිතන අයට ප්‍රශ්ණයක් නිසා බෙහෙත් දෙන්න ඕන.
වැඩිපුරම ලබාදෙන ප්‍රතිකාරය තමයි 1% menthol aqueous cream.
ඒ ඇරුනම steroid( hydrocortisone ) ලෝශන්/ක්‍රීම් සහ antihistamines ( cetrizine dihydrochloride ) ලබාදෙන්න පුලුවන්.
ඒ වගේම මොරිස්චරයිසර් එකක් භාවිතා කරන්න, අදාල ස්ථානයේ සබන් ගාන්න එපා, හිරු එලියට අදාල ස්ථාන නිරාවරණය කරන්න වගේ උපදෙසුත් ලබා දෙනවා.
ඊලග දවසේ හිස් හොරි සහ රිං වර්ම් ගැන කතා කරමු







mama maga balaagena hitapu post eka..
thanx machan...
mage thiyenne duburu paatata huru aluham (kalu aluham) deka thunak..Candid kiyala cream ekak dunna doctor.. den sathi 3k - 4k wenawa pawichchi karanna aran.. eth thawama adu wune nehe
mage hama sudui e nisa kethata penawa ban![]()



)
මූව හමගහන්න එපැයි යකෝ..
අමර ත්‍රේඩ් එකක් මචන් සිරා පට්ට්ට්ට්ට්ටම වැදගත් ත්‍රේඩ් එකක්.
රෙප් + ම තමා ආයෙ මචෝ.
සිරා උඹ ඩොකෙක්ද?
ඩොකෙක් වුනත් නොවුනත් ආයෙ ත්‍රේඩ් එක නම් උපරිමයි.
තව කරුණු දාහන් වෙලාව ලැබෙන හැටියෙන්.
බෙහෙත් ජාති නොදැම්මත් කමක් නෑ මොකද සමහර උන් ඕව හිතු මනාපෙට අරන් බොයි හිහී..
කොනකපාල007;10664525 said:general practitioner කෙනෙක්ගෙන් ද dermatologist කෙනෙක්ගෙන් ද ගත්තේ
candid cream එක ගොඩක්ම සාර්ථක candida albicans කියන දිලීරයට එරෙහිව පාවිච්චි කරනකොට. අලුහම් හදන අනිත් දිලීරවලට විරුද්ධව එච්චරම සාර්ථක නෑ. ඔයාට බැරිද ලගම තියෙන හොස්පිටල් එකේ චර්ම රෝග සායනයට යන්න?? ( නැත්නම් සල්ලි තියෙනවා නම් dermatologist කෙනෙක්ව කන්සල්ට් කරන්න??)

මූව හමගහන්න එපැයි යකෝ..
අමර ත්‍රේඩ් එකක් මචන් සිරා පට්ට්ට්ට්ට්ටම වැදගත් ත්‍රේඩ් එකක්.
රෙප් + ම තමා ආයෙ මචෝ.
සිරා උඹ ඩොකෙක්ද?
ඩොකෙක් වුනත් නොවුනත් ආයෙ ත්‍රේඩ් එක නම් උපරිමයි.
තව කරුණු දාහන් වෙලාව ලැබෙන හැටියෙන්.
බෙහෙත් ජාති නොදැම්මත් කමක් නෑ මොකද සමහර උන් ඕව හිතු මනාපෙට අරන් බොයි හිහී..
![]()
![]()
![]()
![]()




dermatologist kenek gawata thamayi giye machan..![]()

dermatologist කියපු කාල පරාසය බෙහෙත පාවිච්චි කරලා හරි ගියෙ නැත්නම් චර්ම රෝග සායනයට එන එක හොදයි වගේ.
අහවල් ස්තානය කස කස ඉන්න කෙනෙක් දැක්කොත් බොහෝ විට ring worm හැදිච්ච කෙනෙක් වෙන්න පුලුවන්, මේකට රිං වර්ම් කිව්වට මේ ලෙඩේ හදන්නේ පනුවෙක් නෙවෙයි. මේ නම ඉස්සර කාලේ වැරදීමකින් ලබා දීපු නමක්.

කොනකපාල007;10664714 said:තැන්කියු වේවා මචෝ.
බෙහෙත් දැම්මට මාත්‍රාව (dosage ) දැම්මේ නෑ.
තමන්ගේ ලෙඩේට ඩොකා දෙන බෙහෙත දැන ගෙන ඉන්න එක කෝකටත් හොද නිසයි බෙහෙත ගැනත් දැම්මේ.![]()
එළ එළ මචෝ..
ඔව් බෙහෙත් ජාති දැම්මට කමක් නෑ,
ෂුවර් නැති සීන් එක තමයි අරක.
එකෙන්ම එළකිරි ත්‍රේඩ් එක මචන්,
දිගටම කරගෙන යන්න ත්‍රේඩ් එක අප්ඩේට් කරන්න වෙලාව ලැබෙන විදියට.
රෙප් 100ක් දුන්නත් මදි මචන්.
මෙඩිකල් ත්‍රේඩ්ස් හරිම අඩුයි.
තිබ්බත් ඉංග්‍රීසියෙන් තියෙන්නෙ.
හරිම හොඳ වැඩක් මේක.