ඉදලා හිටලා හරි අපේ සාම්ප්‍රදායික දේශිය කෑමත් හදන හැටි කියලා දෙන එක හොදයි කියලා හිතුනා. අපේ අම්මලාටනම් මේවා අමුතුවෙන් උගන්වන්න ඕනෙ නෑ!! නමුත් නව පරපුරේ ප්‍රයෝජනය සදහායි මේක කරන්නේ!! අනෙක කටට රහට කන්න අකමැති කව්ද?? ඒ නිසාමයි ඇඹුල් තියල් හා කිරි කොස් මාලුවත් දැම්මෙ!!
http://www.elakiri.com/forum/showthread.php?t=1148497
http://www.elakiri.com/forum/showthread.php?t=1152275
මේ වගේ ගැට ටිකක් දැක්කහම කාටද ඉවසන් ඉන්න පුලුවන්!!
ඔන්න එකක් නෙලා ගත්තයි කියමුකෝ!!
ගෙඩිය කෑලි 8කට කපලා ලුණු, ගොරකා සහ කහ කුඩු ස්වල්පයක් දමා තම්බාගන්න.කූරකින් ඇනලා බලන්න. Pressure cooker එකේ නම් චූස් (whistles) 4-5ක් ගියාම ඇති. මෙහෙම තම්බන්නෙ අපි බොහෝ දෙනෙක් ගෑස් හෝ කරන්ට් ලිප් භාවිතා කරන නිසා. දර ලිපේ උයන අයටනම් තම්බාගන්න ඕනෙ නෑ!!
කටුව ඉවත්කර කැබලි වලට කපා ගන්න.
මේ තියෙන්නෙ මල් වගේ!!
දැන් උයලා උයලා කටිටිය මේ දේවල් අදුනනවානේ!!
ලූනු, තක්කාලි, සේර, රම්පෙ, කරපිංචා,ගොරකා, කරදමුංගු, කරාඹුනැටි, කුරුදු, ඉගුරු හා සුදුලූනු.
රතු මිරිස් කුඩු, උම්බලකඩ, බැදපු තුන පහ කුඩු තේ හැදි 2 බැගින්.
ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, අමු තුන පහ කුඩු තේ හැන්ද බැගින්.
කහ කුඩු, සුවද කුඩු තේ හැදි 1/2 බැගින්.
තෙල් මේස හැන්දක් ලිපේ තබා කපාගත් ලූනු, තක්කාලි, සේර, රම්පෙ, කරපිංචා,ගොරකා, කරදමුංගු, කරාඹුනැටි, කුරුදු, ඉගුරු හා සුදුලූනු විනාඩියක් බැද ගන්න.
ලුණු හා කුලුබඩු සියල්ල එක් කර තවත් විනාඩියක් බැද ගන්න.
තම්බා කපාගත් පොලොස් එක් කරන්න. දර ලිපක උයන්නේ නම් අමුවෙන් කපා එක්කර ගන්න.
පොලොස් කැබලි වැසෙන සේ මිටිකිරි කෝප්ප 4ක් පමණ එක්කරන්න. දර ලිපේ අමුවෙන් උයන විට දිය කිරි කෝප්ප 2ක්ද එක්කරන්න.
මේ වගේ!!
කිරි නටන විට ගින්දර අඩුකර පියනකින් වසා තබන්න.
වරින් වර හට්ටිය සොලවන්න. නැත්නම් අඩිය රොස් වෙයි!! නමුත් හැදි ගාන්න එපා.කෑලි පොඩි වී යන්න පුලුවන්. කිරි සියල්ල සිදී තෙල් පෑදෙන තෙක් ඉතා අඩු ගින්දරෙන් පිසින්න.
මෙන්න තවත් බත් මරුවෙක්!!
බත් විතරක් නොවේ රෝටී, ආප්ප ඕන එකකට ඔට්ටුයි!!
පොලොස් ඇඹුල, ගැට පොලොස් කරිය, පොලොස් මාලුව , අනේ අර Baby Jack curry මේ ඔක්කොම කියන්නෙ මේකට තමා!!
ඔය මොනවා කිව්වත් අන්තිමට මේකේ තමා!!

Last edited: