ඔන්න sriboy ට ස්තූති වන්න මමත් කටාර් දේශයේ ඉඳන් හැදුව පොලොස් ඇඹුලක්..
……මෙන්න මෙහෙමයි වැඩේ කලේ..
…
…ඉස්සෙල්ලම පොලොස් ගෙඩිය කෑලි වලට කපාගෙන ගොරක,කහ එහෙම දාල තම්බගත්ත.
…
ඊට පස්සෙ කටුව අයින් කරල කෑලි වලට කපාගත්ත. (මම පොඩි non-stick භාජනයක් තමයි පාවිච්චි කරන්නෙ, ඒකෙ පියන වහන්නත් බැරි තරමට තෙරපල තමයි කපපු කෑලි ටික දැම්මෙ, වැඩිපුර කෑලි විසිකරන්න ලෝබයි.ඒකයි.මෙහෙ මැටි වලං නෑනෙ.

)
…
…
…ඊට පස්සෙ අඩුම කුඩුම ටික ලෑස්ති කොරා.. (හැබැයි රම්පෙ නම් හොයාගන්න බැරි වුනා.ගොරක හොයාගන්නත්, සේර ගස් හොයාගන්නත් ගේමක් දෙන්න වුනා.සෑහෙන්න දුර යන්න වුනා. අන්තිමේදි හොයාගත්ත. )
…
ඊට පස්සෙ හිඳෙනකන් මද ගින්නෙ උයාගත්ත. (උයන අතරවාරයේදි ෆොටෝ එකක් ගන්න මතක බැරිවුනා. සමාව භාජනයට දානු මැනැවි.

)
…
…
පොඩි ප්‍රශ්නයක් තියෙනව sriboy ගෙන් අහන්න.. අපි ගොරක පොලොස් උයනකොටත් දානවනෙ, ඒව අයින් කරන්නෙ නැද්ද අතරමගදි.? මොකද,මගෙ පොලොස් ටිකේ නම් ඇඹුලක් ආව කනකොට,අම්මගෙන් ඇහුවම කිව්ව ගොරක ටික හොද්දෙන් අයින් කරන්න ඕන කියල මගදි. ඒක තමයි කිව්ව ඇඹුලක් එන්නෙ කනකොට. මම ඉතින් දන්නෙ නැති නිසාත්,පොලොස් හදපු 1st පාර නිසත් පොඩි පොඩි වැරදි තියෙන්න ඇති, overall ගත්තම ඉතින් sriboy ට ස්තුති වෙන්න මම පොලොසුත් හැදුව ඉතින් පිට දේශයකදි, අඩුම කුඩුම මදි වුනත්. (ඇඹුල යන්න පස්සෙ මම ගොරක අයින් කරල ලුනු දැම්ම සාමාන්‍ය පදමට,රසට එන්න. ආ.. තව දෙයක්, මම මේක දවස් 4ක් විතර කෑව.තව ලංකාවෙ මාම කෙනෙකුටත් දීල හදපු දවසෙ. මෑන්ස් කියනව නියම පොලොස් ටික කියල. ගෙදර ගිය දවසක හදල දෙන්න ඕන ගෙදර අයට කන්න.. ලංකාවෙ ඉන්නකොට දන්නෙ පරිප්පු,පොල් සම්බොල, ගොටුකොල සම්බොල හදන්න විතරයි.. හැබැයි දැන් නම්.. )