Naasi කම්පොන්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේක තමයි මගේ පලවෙනි රෙසිපි එක එළකිරි එකේ පොස්ට් කරන Sriboysl ටයි අපේ දත් කිම්බුලටයි පින්සිද්ද වෙන්ඩ. මම මේ කියලා දෙන කෑම එක මලයාසියාවේ ප්‍රසිද්දම කෑමක්. මේකට කියන්නේ නාසි ගොරෙන් කම් පොන් කියලා. ඒ කියන්නේ ගමේ ෆරීඩ් රයිස් කියලා. නාසි කියන්නේ බත්, ගොරෙන් කියන්නේ ෆරීඩ් ඒ කියන්නේ බැදලා, කම් පොන් කියන්නේ ගම. ඔන්න දැන් තේරුනානේ? මේක බොහොම සුළුවෙන් හදලා ගන්ඩ පුළුවන්. මෙන්න මේවා තමයි ඕනේ කරන්නේ.

    1. හාල් මැස්සෝ කැලි 10 ක් හෝ 15 ක්.
    2. බිත්තරයක්.
    3. අමු මිරිස් කරල් 5 ක් හෝ 7 ක්.
    4. සුදු ළූණු බික් 5 ක්
    5. ඉඟුරු කැල්ලක්.
    5. සේර කදක්.
    6. කන්කුං මිටි බාගයක්.
    7. ලොකු ළූණු තරමක ගෙඩියක්
    8. තෙල්, සොයා සෝස්, අජිනෝ මොටෝ (කැමති නම් විතරක්)
    9. කලින් පිසන ලද සුදු දිග හාලක්. බාස්මති නම් වඩාත් හොඳයි. එහෙම නැතම් දිග සුදු කැකුලක්. මේ බත් එක හැබැයි කලින් හදලා නිවෙන්ඩ තියලා ගන්ඩ ඕනේ. උණුවෙන් හදලා මේකට යොදාගන්ඩ අමාරුයි.

    img4377m.jpg


    පළවෙනියට මේ විදියට ලොකු ළූණු, සුදු ළූණු, ඉඟුරු, සේර, අමු මිරිස් කපාගන්ඩ.

    img4378v.jpg


    දෙවනියට මේ වගේ තාච්චියක් හෝ වොක් එකකට තෙල් පොඩ්ඩක් දාලා හාල් මැස්සෝ කර වෙන්නේ නැති වෙන විදියට බැදගන්ඩ.

    img4379j.jpg


    තුන්වෙනියට අර කලින් කපා ගත්ත ලොකු ළූණු, සුදු ළූණු, ඉඟුරු, සේර, අමු මිරිස් මේ විදියට හාල් මැස්සෝ එකත් එක්ක බැදගන්ඩ. මේ වෙලාවේ සොයා සෝස් පොඩ්ඩකුත් එකතු කරන්ඩ අමතක කරන්ඩ එපා.

    img4380y.jpg


    img4381t.jpg


    දැන් මේ විදියට ඔක්කොම ලා වට බැදෙනකොට බිත්තරේ කඩලා දාලා හොඳට බිත්තරේ බැදගන්ඩ. කරාට පස්සේ මේ වගේ වෙයි.

    img4382m.jpg


    img4383v.jpg


    ඊට පස්සේ කැමති නම් පොඩ්ඩක් අජිනෝ මොටෝ දාන්ඩ. ලුණු දාන්ඩ එපා මොකද හාල් මැස්සෝ වල ලුණු රස තියන නිසා ඒ රස හොඳටම ඇති.

    දැන් මේ වගේ ආවම හෝදලා පොඩියට කපලා ගත්ත කන්කුං මේකට එකතු කරලා හොඳින් ලා වට බැදගන්ඩ.

    img4384p.jpg


    img4385r.jpg


    මෙන්න මේ වගේ ආවම කලින් උයලා නිවලා ගත්තු බත් මේකට මේ විදියට එකතු කරලා හොඳින් බැදගන්ඩ.

    img4386o.jpg


    img4387xw.jpg


    දැන් ලිප නිවලා පොඩ්ඩක් නිවෙන්ඩ තියලා සුප් බාජනයක් අරගෙන එකට මේ හදපු බත් එක එකට දාලා තද කරලා මේ වගේ කොම් පිට්ටු හැඩේට පිගාන උඩ තියලා කන්ඩ පුළුවන්. කැමති නම් මේ වගේ කියුකම්බර් ගෙඩියක් පෙති ගහලා කන්ඩත් පුළුවන්.

    img4388m.jpg


    තව දෙයක්. මේ හදපු කෑම එක දෙන්නෙකුට හොඳටම ඇති. වැඩි පුර ඕනේ නම් මේ කියලා තියන දේවල් වැඩි කරලා ගන්ඩ. එහෙම උනොත් බිත්තර දෙකක් වගේ දාන්ඩ. අමු මිරිසුත් වැඩි කරන්ඩ. මේක ගොඩක්ම කන්ඩ හොඳ රැට. මේකට කැමති නම් කටු නැති කුකුල් මසුත් දාලා හදලා ගන්ඩ පුළුවන්. හදලා බලලා කාලා කියන්ඩකෝ කොහොමද කම්පොන් එක කියලා. :P
     
    Last edited:

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    හික්ස්.. .උඹ ඒ පාර කුකරි ක්ලාස් පටන් ගත්තාද? මේවා කාල මොනා වෙයිද දන්නේ නෑ...