මේක තමයි මගේ පලවෙනි රෙසිපි එක එළකිරි එකේ පොස්ට් කරන Sriboysl ටයි අපේ දත් කිම්බුලටයි පින්සිද්ද වෙන්ඩ. මම මේ කියලා දෙන කෑම එක මලයාසියාවේ ප්රසිද්දම කෑමක්. මේකට කියන්නේ නාසි ගොරෙන් කම් පොන් කියලා. ඒ කියන්නේ ගමේ ෆරීඩ් රයිස් කියලා. නාසි කියන්නේ බත්, ගොරෙන් කියන්නේ ෆරීඩ් ඒ කියන්නේ බැදලා, කම් පොන් කියන්නේ ගම. ඔන්න දැන් තේරුනානේ? මේක බොහොම සුළුවෙන් හදලා ගන්ඩ පුළුවන්. මෙන්න මේවා තමයි ඕනේ කරන්නේ.
1. හාල් මැස්සෝ කැලි 10 ක් හෝ 15 ක්.
2. බිත්තරයක්.
3. අමු මිරිස් කරල් 5 ක් හෝ 7 ක්.
4. සුදු ළූණු බික් 5 ක්
5. ඉඟුරු කැල්ලක්.
5. සේර කදක්.
6. කන්කුං මිටි බාගයක්.
7. ලොකු ළූණු තරමක ගෙඩියක්
8. තෙල්, සොයා සෝස්, අජිනෝ මොටෝ (කැමති නම් විතරක්)
9. කලින් පිසන ලද සුදු දිග හාලක්. බාස්මති නම් වඩාත් හොඳයි. එහෙම නැතම් දිග සුදු කැකුලක්. මේ බත් එක හැබැයි කලින් හදලා නිවෙන්ඩ තියලා ගන්ඩ ඕනේ. උණුවෙන් හදලා මේකට යොදාගන්ඩ අමාරුයි.
පළවෙනියට මේ විදියට ලොකු ළූණු, සුදු ළූණු, ඉඟුරු, සේර, අමු මිරිස් කපාගන්ඩ.
දෙවනියට මේ වගේ තාච්චියක් හෝ වොක් එකකට තෙල් පොඩ්ඩක් දාලා හාල් මැස්සෝ කර වෙන්නේ නැති වෙන විදියට බැදගන්ඩ.
තුන්වෙනියට අර කලින් කපා ගත්ත ලොකු ළූණු, සුදු ළූණු, ඉඟුරු, සේර, අමු මිරිස් මේ විදියට හාල් මැස්සෝ එකත් එක්ක බැදගන්ඩ. මේ වෙලාවේ සොයා සෝස් පොඩ්ඩකුත් එකතු කරන්ඩ අමතක කරන්ඩ එපා.
දැන් මේ විදියට ඔක්කොම ලා වට බැදෙනකොට බිත්තරේ කඩලා දාලා හොඳට බිත්තරේ බැදගන්ඩ. කරාට පස්සේ මේ වගේ වෙයි.
ඊට පස්සේ කැමති නම් පොඩ්ඩක් අජිනෝ මොටෝ දාන්ඩ. ලුණු දාන්ඩ එපා මොකද හාල් මැස්සෝ වල ලුණු රස තියන නිසා ඒ රස හොඳටම ඇති.
දැන් මේ වගේ ආවම හෝදලා පොඩියට කපලා ගත්ත කන්කුං මේකට එකතු කරලා හොඳින් ලා වට බැදගන්ඩ.
මෙන්න මේ වගේ ආවම කලින් උයලා නිවලා ගත්තු බත් මේකට මේ විදියට එකතු කරලා හොඳින් බැදගන්ඩ.
දැන් ලිප නිවලා පොඩ්ඩක් නිවෙන්ඩ තියලා සුප් බාජනයක් අරගෙන එකට මේ හදපු බත් එක එකට දාලා තද කරලා මේ වගේ කොම් පිට්ටු හැඩේට පිගාන උඩ තියලා කන්ඩ පුළුවන්. කැමති නම් මේ වගේ කියුකම්බර් ගෙඩියක් පෙති ගහලා කන්ඩත් පුළුවන්.
තව දෙයක්. මේ හදපු කෑම එක දෙන්නෙකුට හොඳටම ඇති. වැඩි පුර ඕනේ නම් මේ කියලා තියන දේවල් වැඩි කරලා ගන්ඩ. එහෙම උනොත් බිත්තර දෙකක් වගේ දාන්ඩ. අමු මිරිසුත් වැඩි කරන්ඩ. මේක ගොඩක්ම කන්ඩ හොඳ රැට. මේකට කැමති නම් කටු නැති කුකුල් මසුත් දාලා හදලා ගන්ඩ පුළුවන්. හදලා බලලා කාලා කියන්ඩකෝ කොහොමද කම්පොන් එක කියලා.

Last edited:
rep +++