Use Sinhala Unicode

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සිංහල භාෂාව භාවිතාවන එකම රට තමයි ලංකාව, එන්න එන්නම තාක්ෂණෙත් දියුණු වෙනවා,
    අපි ඒ තාක්ෂණේ තුළ සිංහල භාවිතය මග හරිනවා නම් අනාගතයේ සිංහල භාෂාවට යන කල දසාව මොකක්ද?
    අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අන්තර්ජාලය තුළ සිංහල භාවිතා කරන්න පටන් ගමු.... මෙතනින්

    http://www.facebook.com/SinhalaUnicode


    usu2x1.jpg



    $hiñe - Mal baba - DJnet
     
    Last edited:
    • Like
    Reactions: ela_eluwa120

    kim kim

    Member
    May 19, 2011
    103
    5
    0
    මෝඩ ආතල් දෙන්නෙ නෑ
    ඉගෙන ගන ඕනෙ නම් කියලා දෙනවා
    වර්ක්ශොප් තිබ්බා ඉස්සරහත් තියනවා

    ehenam hodai.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේ කියන්න යන්නෙ හරිම විදිහට සිංහල යතුරු පුවරුව භාවිතා කරමින් සිංහලෙන් ලියන හැටි සමහරු මේකට යම් යම් දෝශාරෝපණ ගේනවා ගොඩක් අය හිතනවා ඉංග්‍රීසි යතුරු පුවරුවෙ අකුරු වලින් ශබ්ද වෙන විදිහටම සින්හල අකුරු තියෙන්න ඕනෙ කියලා නමුත් ඒක එහෙම නෑ. අපිට තියෙනවා අපිටම අනන්‍ය වෙච්ච යතුරු පුවරු ක්‍රමයක් ඒ තමයි දැනට සම්මත විජේසේකර යතුරු පුවරුව. ඉක්ටා ආයතනය මගින් අනුමත කරල තියෙන සම්මත යතුරු පුවරුව තමයි ඒ. නමුත් සමහර පෞද්ගලික වෙබ් අඩවි මගින් එක එක ලේයවුට් නැත්තන් යතුරු පුවරු ක්‍රම හඳුන්වලා දෙනවා නමුත් හොදම දේ තමයි දැනට සම්මත මෙම ක්‍රමය භාවිතා කරන එක මොකද දැනට එන ගොඩක් අකුරු (ෆොන්ට්) එන්නෙ මේ ක්‍රමය යටතේ. යුනිකේත සදහා පමණක් නෙමෙයි ඔෆීස් පැකේජය හෝ මොනම ආකාරයක හෝ සින්හල ෆොන්ට් යොදාගෙන වැඩ කරන සොෆ්ට්වෙයාර් එකක වැඩ කරනකොට මේ යතුරු පුවරුව මතක තිබීම ඉතාමත් වැදගත් වෙනවා. බැලූ බැල්මට අපහසු බවක් පෙනුනත් , සමහරු අමාරුයි අමාරුයි කිවුවත් ටික දිනක් භාවිතා කරනකොට අපහසුවක් දැනෙන එකක් නෑ

    224592_186116094786392_186009004797101_471691_7835121_n.jpg
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    සිංහල භාවිතයනම් එල වැඩක්...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්ත මචෝ
    සිංග්ලිෂ් කී බෝඩ් ලේඅව්ට් වලට පුරුදු වෙන එක මහාම ගොන් වැඩක්
    තැනක ගිහින් ටයිප් කරන්නත් අපිට ඒ සොෆ්ට් එකම ඕනි වෙනවා එහෙම උනාම
    විජේසේකර එක පුරුදු වෙන්න ටිකක් අමාරුයි තමයි
    ඒත් පුරුදු උනාම පට්ටම ලේසියි
    මං චැට් එකේ ටයිප් කරන්නෙත් විජේසේකර එකෙන්
    මට දැන් ඕනිම මැෂින් එකකින් සම්මත විජේසේකර එකෙන් ටයිප් කරන්න පුළුවන්
    ඇත්තටම සිංහල වෙච්ච අපිට විජේසේකර එක බෑ කියන එක
    මට නම් ලැජ්ජයි

    ජපන්නුන්ට ඒ භාෂාව ටයිප් කරන්න වගේම වැඩ කරන්නත් පුළුවන් එයාලගේ මැෂින් වල
    චීන අයටත් එහෙමයි
    කොරියන් අයටත් එහෙමයි
    ඒ වගේ ඉංග්‍රීසි නැතිව තමුන්ගේ මවු භාෂාව පාවිච්චි කරන අය ඕනි තරම් මේ ලෝකේ ඉන්නවා
    අපේ අනන්‍යතාව ඉංග්‍රීසි නෙමෙයි
    සිංහල....
     
    Last edited: