මම මේ දවස් වල උසස් පෙල වාණිජ වලින් විභාගේ කරනවා.උබලට ඉතින් මගේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ මම මොන විදිහෙද කියලා.මේකයි සීන් එක.මේ පාර විභාගේ එකවුන්ට්ස් පෙපර් එක ලොවෙත් නෑ නේ බන්.ගිය පාරට වඩා අමාරුයි නේ.එකවුන්ට්ස් 1 හා 2 පේපර් දෙකට මුහුණ දුන්නු වෙලාවේ ඉදන් තාම මගේ ඔලුවේ පැත්තක් රිදෙනවා.එකවුන්ට්ස් වලට මුහුණ දුන්නාට පස්සේ ඒ ලෙවෙල් පාස් වෙන සිහිනය ගොඩක් දුරට බිදිලා ගියා.පෙර පින් බලෙන් එකවුන්ට්ස් වලට S එකක් C එකක් ආවොත් එලම තමයි.දැන් මම බලන්නේ BS වලට කොහොම හරි A එකක් B එකක් දාන්න.එතකොට රීසල්ට් එකේ A එකක් B එකක් තියනවා කියලා හිත ටිකක් හදා ගන්න පුලුවන්නේ.
මේකයි සීන් එක.මට කියනවාද ඒ ලෙවෙල් ෆේල් උනොත් මගේ ජීවීතේ ජයගන්න විදිහක් ගැන.
මගේ සා.පෙළ රීසල්ට් එක C=5,B=1,S=3
පලෙවෙනි පාරින්ම පාස්.මට කියන්න ඒ ලෙවෙල් ෆේල් උනොතින් එහෙම ජීවිතේ ජයගන්න තියන ක්රම.හොද කෝර්ස් කරලා එකෙන් හොද ජොබ් එකක් හොයා ගන්න විදිහ එහෙම.මම කම්පියුටර් සයිඩ් එකට ආසයි.සොෆ්වෙයාර්,හාඩ්වෙයාර්,ඇනිමේශන්,නෙට්වර්කින් සයිඩ් වලට ගොඩක් ආසයි.මේවා නැතුව හරි මට ජීවීතේ ගොඩ යන්න තියන ක්රම කියන්න මචන්ලා.මොකද තව අවුරුදු 2 විතර මම මගේ පවුලේ බර කරට ගන්න ඕන නේ.ඉතින් මගේ අප්පච්චි නවත්තපු තැන ඉදන් මම පටන් ගන්න ඕන.ඊට වඩා පහලින් පටන් ගන්න බෑ නේ රටේ ආර්ථිකේ එක්ක.දැනට අපේ ගෙදර මාසික ආදායම රු:70000.00 වගේ තියනවා.ඒත් අපේ ගෙදර ඉතුරුවක් නෑ පවුලේ අනිත් අයගේ විකාර වැඩ නිසා.ඒවා මට කියන්න බෑ.
මට කියන්න මගේ ජීවීතේ ජය ගන්න පුලුවන් විදි ගැන.මේ ත්රේඩ් එක මට විතරක් නෙවෙයි අනිත් මම වගේ අයට වැදගත් වෙයි කියලා හිතනවා.ප්ලීස් හෙල්ප්.