වැරදි තොරතුරු දීමේ වරදට ERI සමාගමට දඩ ගසයි
Sri Lanka listed ERI fined for misleading information
කලට වේලාවට තොරතුරු දැනුම් නොදීමේ හා වැරදි තොරතුරු ලබාදීමේ වරදට සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් Environmental Resources Investments සමාගමට හා එහි අධ්යක්ෂවරුන් තිදෙනෙකුට රුපියල් මිලියන දහයක දඩයක් නියම කරයි.
මේ පිළිබඳව සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් කරන ලද පරීක්ෂණය අවසානයේදී මෙම දඩ මුදල නියම කර තිබෙන බව සඳහන්ය.
මේ අනුව, ලංකාවේ ක්රියාත්මක නීතියට අනුව මෙම සමාගමට හා අදාළ අධ්යක්ෂවරුන් තිදෙනාට අධිරණයට නොගොස් මෙම දඩ මුදල ගෙවීමට අවස්ථාව ලැබේ.
මෙම දඩය යටතේ Environmental Resources Investments සමාගමට රුපියල් මිලියන 3.3 දඩයක් හා එහි විධායක අධ්යක්ෂ කෝසල හීන්ගමට හා Gregory Scott හට රුපියල් මිලියන 3.3 ක දඩයක් හා සමාගමේ සභාපති ලලිත් හීන්ගමට රුපියල් 500,000 ක දඩයක් ගෙවන ලෙස විනිමය කොමිසම නියෝග කර තිබේ.
සමාගමේ ස්වාධීන අධ්යක්ෂවරුන් වන ජී.එස්. මුණසිංහ හා එච්.බී. දිසානායක යන මහත්වරුන්ට කොමිසම විසින් අවවාද කර ඇත.