Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    වැරදි තොරතුරු දීමේ වරදට ERI සමාගමට දඩ ගසයි

    Sri Lanka listed ERI fined for misleading information

    කලට වේලාවට තොරතුරු දැනුම් නොදීමේ හා වැරදි තොරතුරු ලබාදීමේ වරදට සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් Environmental Resources Investments සමාගමට හා එහි අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට රුපියල් මිලියන දහයක දඩයක් නියම කරයි.



    මේ පිළිබඳව සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් කරන ලද පරීක්ෂණය අවසානයේදී මෙම දඩ මුදල නියම කර තිබෙන බව සඳහන්ය.

    මේ අනුව, ලංකාවේ ක්‍රියාත්මක නීතියට අනුව මෙම සමාගමට හා අදාළ අධ්‍යක්ෂවරුන් තිදෙනාට අධිරණයට නොගොස් මෙම දඩ මුදල ගෙවීමට අවස්ථාව ලැබේ.

    මෙම දඩය යටතේ Environmental Resources Investments සමාගමට රුපියල් මිලියන 3.3 දඩයක් හා එහි විධායක අධ්‍යක්ෂ කෝසල හීන්ගමට හා Gregory Scott හට රුපියල් මිලියන 3.3 ක දඩයක් හා සමාගමේ සභාපති ලලිත් හීන්ගමට රුපියල් 500,000 ක දඩයක් ගෙවන ලෙස විනිමය කොමිසම නියෝග කර තිබේ.

    සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරුන් වන ජී.එස්. මුණසිංහ හා එච්.බී. දිසානායක යන මහත්වරුන්ට කොමිසම විසින් අවවාද කර ඇත.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    නහීල් විජේසූරියගේ සමාගමක් මාධ්‍ය ආයතනයක් මිලදී ගනී

    Sri Lanka East West Properties buys media firm

    රූපවාහිනී හා ගුවන් විදුලි බලපත්‍ර හිමි පීපල්ස් මීඩියා නෙට්වර්ක් සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය රුපියල් මිලියන 49.3 කට මිලදී ගැනීමට ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගම කටයුතු කරයි.


    මේ අනුව, ව්‍යාපාරික නහීල් විජේසූරිය විසින් පාලනය කරන ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ පුද්ගලික රූපවාහිනී විකාශ ආරම්භ කිරීමට හා පුද්ගලික ගුවන් විදුලි විකාශ ආරම්භ කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම ලබාදුන් බලපත්‍ර හිමි පීපල්ස් මීඩියා නෙට්වර්ක් සමාගමේ සියයට 51 ක් වන කොටස් ප්‍රමාණය සිය සමාගම විසින් මිලදී ගත් බවයි.

    පීපල්ස් මීඩියා නෙට්වර්ක් විසින් මේ වනවිට රූපවාහිනී විකාශ 02 ක් හා ගුවන් විදුලි විකාශ 09 ක් පවත්වාගෙන යන බව සඳහන්ය.
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    check MACD chart eke widiyatanam agust 28 passe aye oka wikunana puluwan dawasak lagakadi nam enne naaaaa

    share eka tawat down wena seen ekak tamai penane :yes:

    machan MACD chart eke aug 28 neda line dekama cross wenne.. eka nisada ayeth dawasak enne nathhe?

    wikunanna ona nam ayeth line dekama cross wenna ona neda (+ pathhen)?
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    I registered with Lanka securities stock brokers after I read this post, but their service is very bad, I opened a CDS a/c 20 days ago but still I did not received the letter.
    I had to complain several times to their main branch to open a CDS a/c.
    I am hoping to change my brokering company.

    What are the best brokering companies?
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    machan Sherlock, to be invited to AGMs what are the conditions that a shareholder should satisfy? can stock market traders like me attend the meetings? do I have the voting power if I have N shares of the company. Please explain..
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    RSI,MACD,Bolinger bands me chart 3 gana explain karana?? kohomada api me chart 3 use karanne?
    anik ayatath wadagth wei kiyala hithenawa :D
    :yes::yes::yes::yes::yes:

    මේක පරිස්සමෙන් කියවන්න
    http://www.scribd.com/doc/53688625/Trading-the-MACD

    MACD, ASI, RSI, වගේ චාට් දෙක තුනකින් ශෙයා එකක් බලන්න බැහැ ඒකට අඩුමගානෙ චාට් 30ක් 40ක් වත් බලන්න ඕන, Amibroker වගේ සොෆ්ට් එකකින් ටෙක්නිකල් බලන්න පුලුවන්, පිටින් අමතර චාට් දාගන්න, විශේශයෙන්ම Southwind Foundation චාට් එක මොකද මේකෙ චාට් 30ක වගේ සිග්නල් පෙන්නනව
    500s.png


    නොදන්න චාට් මේකෙන් ඉගෙනගන්න http://stockcharts.com/school/doku.php?id=chart_school

    මේක අමාරු දෙයක් නෙවෙයි, ඒත් උනන්දුව සහ ආශාව ඕනෙ, ඒක නැතුව මේක ඉගෙනගන්න බෑ
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    machan Sherlock, to be invited to AGMs what are the conditions that a shareholder should satisfy? can stock market traders like me attend the meetings? do I have the voting power if I have N shares of the company. Please explain..
    yeah when u get the "Form Of Proxy" via mail it has the date etc, u can go and vote but waste of time
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    machan Sherlock, to be invited to AGMs what are the conditions that a shareholder should satisfy? can stock market traders like me attend the meetings? do I have the voting power if I have N shares of the company. Please explain..

    මචෝ වාර්ශික වාර්තාව එලි දක්වන කාලේ වෙනකොට ඔයා ගාව අදාල කොටස් තිබ්බොත් ඔයාට එවන වාර්තාව එක්ක තියන පෝරම පුරවලා ගෙනියන්න.හැබැයි ඒ වෙනකොට සමහර සමාගම් වල කොටස් විකුනලා තියෙන්න පුලුවන්.සමාගම අනුව ඔයාට රැස්වීමට සහභාගි වෙන නොවෙන එක තීරනය වෙනවා.(එදාට කොටස් තිබිය යුතු වගේ)
    සාමාන්‍යයෙන් දවල් රෑ කෑම වේලක් දෙනවා හොටෙල් එකකදි.
    නමුත් සමහර රැස්වීම්වල විශේෂ ඒවත් දීලා කියලා මම අහලා තියනවා.
    විදුලි පන්දමක්,තේ පැකට් 1ක් දැන්නම් දෙන්නෙත් නෑ.කාලේ කන වැඩක්.:oo:
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    I registered with Lanka securities stock brokers after I read this post, but their service is very bad, I opened a CDS a/c 20 days ago but still I did not received the letter.
    I had to complain several times to their main branch to open a CDS a/c.
    I am hoping to change my brokering company.

    What are the best brokering companies?

    macho send me ur details,I've friend with them.:P
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    I registered with Lanka securities stock brokers after I read this post, but their service is very bad, I opened a CDS a/c 20 days ago but still I did not received the letter.
    I had to complain several times to their main branch to open a CDS a/c.
    I am hoping to change my brokering company.

    What are the best brokering companies?

    Capital Alliance is good
    Richard Pieris is good
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Colombo stocks closed lower despite green start.


    CSE was opened for a fresh week with green but ASI closed 22.71 points lower at 6967.62. Market is facing resistance around 7000 index level for past few days. Milanka fell 15.89 points to close at 6271.04. Day's total equity turnover amounted to 2.30 billion rupees.

    Softlogic Capital Ltd has received the approval for listing 27,200,000 of its ordinary shares by the way of introduction without having an IPO. Meanwhile Amana Takaful Plc has issued a notice on its subsidiary Amana Takaful (Maldives)Plc. Amana's Maldivian subsidiary will issue 800,000 shares at Rufiyaa 20.00 each in Republic of Maldives.

    There were 111 negative contributors and 78 gainers for the day. Central Finance Company Plc was up by eight rupees to close at 278.40 while Ceylon Beverage Holdings Plc closed at Rs 436.00, up 36.50. 1,346,100 shares of The Finance Company Plc (TFC) changed hands during the day and closed four rupees higher at 42.10.

    Index heavy Carsons lost 8.60 to close at Rs 595.70 while CT Holdings was down by 7.70 to end the day at Rs 189.70. GREG closed at Rs 67.60, down 2.90.

    Net foreign selling amounted to Rs 232,903,566.00.

    http://www.stock-market-today.net/
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    විදේශිකයෙකු විකිණූ JKH කොටස් දේශීය ආයෝජකයෙකු ගනී

    පුද්ගලික කොටස් විකිණීම් කිහිපයක් ජෝන් කීල්ස් සමාගමේ සිදුවීමත් සමග ගනු දෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ මිල දර්ශක අද දිනයේදී ඉහළ ගියේය.

    මේ අනුව, අද දිනයේදී සමස්ත මිල දර්ශකය ඒකක 6,997.86 ක් දක්වා සියයට 0.6 කින්ද, මිලංක මිල දර්ශකය ඒකක 6,327.48 ක් දක්වා සියයට 0.55 කින්ද ඉහළ නැග තිබේ. අද දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 5.8 කි.

    වෙළඳ පොළ වාර්තාවන්ට අනුව අද දිනයේදී ජෝන් කීල්ස් සමාගමේ පුද්ගලික කොටස් විකිණීම් පහක් සිදුව තිබෙන අතර මෙහිදී විදේශීකයෙකු විකුණා තිබෙන කොටස් මිලියන 17.2 ක් දේශීය ආයෝජකයෙකු විසින් කොටසක් රුපියල් 215 බැගින් මිලට ගෙන තිබේ.

    දිනයේ ගනුදෙනු අවසානයේදී ජෝන් කීල්ස් සමාගමේ කොටසක මිල රුපියල් 2.50 කින් ඉහළ ගොස් රුපියල් 218.50 ක් විය.

    අද දිනයේදී Browns Investments සමාගමේ කොටස් වැඩිපුර අලෙවි වූ අතර එම කොටසක් ශත 40 කින් ඉහළ ගොස් රුපියල් 5.90 ක් දක්වා වැඩිවී තිබෙන අතර Ceylon Tea Brokers සමාගමේ කොටස්ද වැඩිපුර අලෙවි වී එම කොටසක් ශත 70 කින් ඉහළ ගොස් ඇත. ගනුදෙනු අවසානයේදී Ceylon Tea Brokers සමාගමේ කොටසක් දැක්වුණේ රුපියල් අටක් ලෙසයි.

    මේ අතර, පසුගිය වකවානුවේදී වෙළඳ පොළ සිද්ධාන්ත වලට පටහැනිව දිගින් දිගටම මිල ඉහළ ගිය HVA Foods සමාගමේ කොටසක මිල අද දිනයේදීත් රුපියල් 2.50 කින් ඉහළ ගොස් රුපියල් 77.60 ක් දක්වා පැමිණ තිබේ.

    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3134&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මෙන්න! කොළඹ පොළේ ලයිස්තුගත වන තවත් සමාගමක්

    ුපියල් 20 බැගින් වූ කොටස් මිලියන 06 ක් නිකුත් කරයි

    එකක් රුපියල් 20 ක් වන සාමාන්‍ය කොටස් මිලියන 06 ක් මහජනයාට නිකුත් කරමින් Trade finance and investments limited නැමති සමාගම කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත වීමට සූදානම් වේ.



    මෙම සමාගමට ලයිස්තුගත වීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබෙන අතර මෙම කොටස් දිරිසවි පුවරුවේ ලයිස්තු ගතවීමට නියමිතය.

    මේ අනුව, මෙම කොටස් නිකුතුව 2011 සැප්තැම්බර් 28 වනදා මහජනයාට විවෘත වන අතර මෙම නිකුතුවෙන් රුපියල් මිලියන 120 ක් රැස්කර ගැනීමට සමාගම අදහස් කර තිබේ.

    කැපිටල් එලායන්ස් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් මෙම නිකුතුව කළමනාකරණය කරයි.

    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3138&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මම තැරැව්කරුවන් විශ්වාස කරන්නෙ නෑ - නිමල් පෙරේරා

    නිමල් පෙරේරා කොටස් වෙළඳ පොළේ තිත්ත ඇත්ත ගැන කතා කරයි

    මෙරට කොටස් තැරැව්කරුවන් කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් නිවැරදි උපදෙස් සැපයීමට අපොහොසත් බවත් ඔවුන් විශ්වාස කිරීමට අපහසු නිසා බොහෝ ආයෝජකයින් ඔවුන්ව අත්හැර දමා තිබෙන බවත් කොළඹ කොටස් වෙළඳ පොළේ මහා පරිමාණ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා කියයි.



    “ලංකාවෙ කිසිවෙකු කොටස් තැරැව්කරුවන් විශ්වාස කරන්නෙ නෑ. ඒකට හේතුව තමයි අපේ කොටස් තැරැව්කරුවන් නිවැරදි උපදෙස් ලබා නොදීම. එවැනි නිවැරදි උපදෙස් දෙන්න ඔවුන්ට දැනුමකුත් නෑ.“

    යනුවෙන් වැලිබල් මූල්‍ය සමාගමේ නියෝජ්‍ය සභාපති මෙන්ම මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ ආයෝජන උපදේශකයාද වන නිමල් පෙරේරා කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවට සහභාගී වෙමින් කරුණු දැක්වීය.

    මෙම සමුළුවේදී CSE: A Blood Bath or a Gold Mine යන මාතෘකාව යටතේ කරුණු සාකච්ඡා කෙරුණි.

    “මම කිසිදාක කොටස් තැරැව්කරුවන් විශ්වාස කරන්නෙ නෑ. මම ඔවුන්ගෙ උපදෙස් ලබාගන්නෙත් නෑ. උපදෙස් ලබාදෙන්න තරම් හැකියාවක් ඔවුන්ට නෑ.“

    යනුවෙන් නිමල් පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

    මීට අමතරව, කොටස් තැරැව්කාර සමාගම් විසින් එළි දක්වන පර්යේෂණ වාර්තා කොළඹ කොටස් වෙළඳ පොළේ බොහෝ ආයෝජකයින් කියවන්නේ නැතැයිද හෙතෙම මෙහිදී පැවසීය.

    “මම කිසිමදාක මෙවැනි පර්යේෂණ වාර්තාවක් කියවලා නෑ. මම තමයි අන්තර් ජාලය ඔස්සේ කොටස් ගනුදෙනු කරන මෙරට සිටින විශාලතම ආයෝජකයා. මම කොටස් තැරැව්කරුවන්ගේ අවවාද ගන්නෙ නෑ.“

    ඔහු වැඩිදුරටත් පැවසුවේ කොළඹ කොටස් වෙළඳ පොළේ සිටින ආයෝජකයින්ගෙන් සියයට 70 ක් පමණම කොටස් ගනු දෙනු කරන්නේ තම සිතැඟි අනුව මිස කොටස් තැරැව්කරුවන්ගේ උපදෙස් මත නොවන බවයි.

    “කොළඹ කොටස් වෙළඳ පොළේ තැරැව්කරුවන්ගෙන් සියයට 95 ක් විතරම කොටස් ආයෝජකයින්. ඔවුන් කොටස්වල මුදල් ආයෝජනය කරන විට ඔවුන්ට කියන්න බෑ කුඩා ආයෝජකයින්ට අදාළ කොටස් මිලදී ගන්න එපා කියල.“

    යනුවෙන්ද නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

    ලංකාවේ කොටස් වෙළඳ පොළේ මුදල් ආයෝජනය කිරීම සූදුවකට සමාන බවත් සමහරුන් ඉන් මුදල් උපයන විට සමහරුන්ගේ මුදල් අහිමි වී යන බවත් පැවසූ නිමල් පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ තමා කොටස් වර්ගීකරණයකින් තොරව ඕනෑම කොටසක් මිලදී ගන්නා බවයි.

    “කොටස් කියන්නෙ කොටස්. ඒ විදිහට බලනකොට වැඩකට නැති කොටස් කියල ජාතියක් නෑ. මේක හරියට ඔට්ටු අල්ලනව වගේ වැඩක්. ඔබට දිනන්නත් පරදින්නත් පුළුවන්.“

    යනුවෙන් හෙතෙම මෙහිදී කීය.

    (මෙම සමුළුවේ නිමල් පෙරේරා මහතා අදහස් දැක්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර ඔහු දැක්වූ අදහස්වල උධෘත කොටස් සිංහලට පරිවර්තනය කර මෙම ලිපිය සකසා ඇත.)


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3139&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් වෙළඳ පොළ පූජනීය ස්ථානයක් -නිමල් පෙරේරා

    Sri Lanka stock market a sacred place: investor


    ගමේ සිට කොළඹ පැමිණි තමාට කොටස් වෙළඳ පොළේ මුදල් ආයෝජනය කරමින් ලාභ ලබා කොළඹ හතෙන් ඉඩම් ගැනීමට පවා අවස්ථාව උදාවූයේ යුද්ධය අවසන් කිරීමෙන් පසුව කොටස් වෙළඳ පොළේ ඇතිවූ පිබිදීම නිසා බව ප්‍රමුඛතම ආයෝජකයෙකු වන නිමල් පෙරේරා කියයි.


    කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවට සහභාගී වෙමින් හෙතෙම මේ බව පැවසූ අතර කොළඹ හතේ ආයෝජකයින් විසින් හැසිරවූ කොළඹ කොටස් වෙළඳ පොළේ තමා වැන්නෙකුටද ප්‍රමුඛතම ආයෝජකයෙකු වීමට මේ නිසා අවස්ථාව උදාවූ බව සඳහන් කළේය.

    “කොටස් වෙළඳ පොළින් මම සියළුම මුදල් ඉපයුවෙ 2009 මැයි 19 වනදාට පසුවයි. ඊට පෙර මම සතයක්වත් කොළඹ කොටස් වෙළඳ පොළින් ඉපයුවේ නෑ.“

    2009 මැයි 19 වනදා යනු කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කළ දිනයයි.

    වැලිබල් මූල්‍ය සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන්ම රෝයල් සෙරමික්ස් ඇතුළු සමාගම් ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද වන නිමල් පෙරේරා මහතා මෙහිදී පැවසුවේ තමාට මුදල් ඉපයීමට ඉවහල් වූ කොළඹ කොටස් වෙළඳ පොළ පූජනීය ස්ථානයක් ලෙසින් තමා සලකන බවයි.

    “කොළඹ කොටස් වෙළඳ පොළ මට පූජනීය තැනක්. මොකද? මම මේ තත්ත්වයට පැමිණියේ කොළඹ කොටස් වෙළඳ පොළ නිසයි. මම ආවේ ගමෙන්. මම කොළඹට එනකොට මා ගාව සතයක්වත් තිබුණෙ නෑ. අද මාව මිනිසුන් හඳුනන්නෙ කොළඹ කොටස් වෙළඳ පොළේ මහා පරිමාණ ආයෝජකයෙක් විදිහට. මම එවැනි පුද්ගලයෙක් වුණේ මෙම කොටස් වෙළඳ පොළ නිසා. ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්, ආරක්ෂක ලේකම්තුමාටත්, ත්‍රිවිධ හමුදාවටත් මම ස්තූතිය පුදකරනවා. මම වගේ පුද්ගලයින්ට හොඳ පරිසරයක් ඔවුන් ඇතිකළා. “

    කොළඹ හතේ ආයෝජකයින් යැයි කියූ පිරිස මෙහෙයවූ කොළඹ කොටස් වෙළඳ පොළ ඔවුන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට හැකිවූ බවද මෙහිදී හෙතෙම කීය.

    තමාට මේ වනවිට කොළඹ හතේ ඉඩම් අයිතියද තිබෙන බව නිමල් පෙරේරා මහතා මෙහිදී අනාවරණය කළේය.

    “මේ වෙනකොට, මට කොළඹ හතේ පර්චස් 40 ක ඉඩමක් තියෙනවා. ඒක මම ගත්තෙ පර්චස් එකක් රුපියල් මිලියන 06 බැගින්. තවත් පර්චස් 40 ක ඉඩමක් තිබෙනවා Gower වීදියේ, හිටපු හේලීස් සභාපතිතුමාගේ නිවස ඉදිරිපිට. ඒකත් මම ගත්තේ පර්චස් එකක් රුපියල් මිලියන 06 ගානේ.“

    “මේ අනුව, ඔබට හිතන්න පුළුවන් අපි වගේ මිනිස්සුන්ට කොළඹ කොටස් වෙළඳ පොළින් කොච්චර මුදල් හොයන්න පුළුවන්ද කියල. ඒක නිසා කොළඹ කොටස් වෙළඳ පොළ රන් ආකරයක් නෙවෙයි. ඒක අපි වගේ මිනිස්සුන්ට පූජනීය ස්ථානයක්.“

    යනුවෙන් පෙරේරා මහතා අවධාරණය කළේය.

    (මෙම සමුළුවේදී නිමල් පෙරේරා මහතා අදහස් දැක්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර ඔහු දැක්වූ කරුණු සිංහලයට පරිවර්තනය කර මෙම ලිපිය සකසා ඇත.)


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3151&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MillenniumIT කප්පිත්තා වෙනස් වේ

    කොටස් ගනුදෙනු කිරීමේ මෘදුකාංග නිපදවීමේ විශේෂඥ, මේ වනවිට ලන්ඩන් කොටස් වෙළඳ පොළේ කොටසක් වන ලංකාවේ MillenniumIT සමාගම නව සභාපතිවරයෙකු සහ සාමාන්‍යාධිකාරීවරයෙකු පත්කරයි.

    මේ අනුව, මෙම සමාගමේ නව සභාපතිවරයා මෙන්ම සාමාන්‍යාධිකාරීවරයා ලෙස Amit Alok මහතා පත්කර තිබෙන බවත් ඔහු සමාගමේ ආරම්භකයා වන ටෝනි වීරසිංහ මහතාට තම රාජකාරී පිළිබඳව වාර්තා කළ යුතු බවත් සඳහන්ය.

    Amit Alok මහතා Microsoft සහ Symantec යන සමාගම්වල සේවය කර ඇති අතර ඔහු මුල් කාලයේදී යුරෝපයේ හා ආසියාවේදී “රොයිටර්“ සමග වැඩකර තිබෙන බව MillenniumIT සමාගම වැඩිදුරටත් සඳහන් කරයි


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3152&Itemid=56