"මම බුදුන් සරණ ගිය අයෙක්මි.
මා ප්රීතිවන්නේ එහෙයිනි. ආඩම්බරවන්නේද එහෙයිනි.
මා බුදු සරණ ගියේ ප්රාතිහාර්යය දැක නොවේ.
පරලොවට බියෙන් නොවේ.
දෙවියකු හෝ භූතයෙකු බියකල හෙයින්ද නොවේ.
ඒ මහා පුරුෂයා ඇදහීමට අනුගමනය කිරීමට වැඳීමට යුතු ගුණ කඳකින් යුතුවූ නිසාය.
සිය ඉගැන්වීම සිය පැවැත්මෙන්ම තහවුරු කල නිසාය.
සිය දහම පහුරක් කොටගෙන දුකෙන් එතෙර වීමට අපට අනුශාසනා කල නිසාය.
ඒ දහම් බිඳකින් බිඳී විසිරුණු සිතකට නව ජීවයක් දිය හැකි නිසාය.........."