මචන්ලා මම කරන භාවනාව තමා සතර සතිපට්ඨාන භාවනාව..ඔය උඩින් දාපු පොතේන් තමා ඉගෙන ගත්තේ...මේකෙ විශේෂත්වය තමයි ඕනම වෙලාවක ඕනම වැඩක් කරන ගමන් කරන්න පුලුවන්...
සරලව කියනවා නම් මෙහෙමයි.තමන්ට බඩ ගිනියි කියමුකො..
1.ආ දැන් බඩගිනියි කන්න ඕනෙ කියලා හිතන්න.
2. බත් බෙදා ගන්නකොට බත් බෙදා ගන්නවා කියල හිතන්න.
3.බත් කනකොට බත් අනනවා,කනවා, අත පහත් දානවා ආදි සිරුර සම්බන්ධ වන හැම ක්‍රියාවකම මුල,මැද,අග සිහි කල්පනාවෙන් කරන්න.මුලින් ටිකක් අමාරුයි..පස්සේ ලේසියි.
තව උදාහරණයක්..
අපි නිතරම කරන දෙයක් නේ ඇවිදීම. කඩේට යනව කියමුකෝ.
1.කඩේට යන්න ඕනෙ කියල හිතනවා.
2. පය උස්සනවා.ඒ පය බිම තියනවා.
3.දැන් අනෙක් පය උස්සනවා,බිම තියෙනවා..
මේ වගේ ක්‍රියා වලින් තම්නගේ සිතට හසු කරගන්න පුලුවන් හැම ක්‍රියාවක්ම අනිත්‍ය,දුක්ඛ,අනාත්ම ආදි ත්‍රිලක්ෂණයට සම්බන්ධ කරගනිමින් ඉතාම උසස් කුසල සම්පත්තියක් ඔබටත් පහසුවෙන් වඩා ගෙන නිවනට ඉක්මනින් සමීප විය හැකියි..
ක්‍රමානුකූලව භාවනාව ඉදිරියට කරගෙන යන විදිය පියවරෙන් පියවර රේරුකානේ චන්දවිමල හාමුදුරුවො ඔය පොතේ දක්වලා තියෙනවා.
අද කාලෙ හුස්ම ගන්නවත් වෙලාවක් නැතුව "එදා වේල ටුවර්ස්" දුවන භාවනා කරන්න වෙලාවක් නැති බෞද්ධයන්ට මේ ක්‍රමය ඉතා සුදුසුයි කියල මට හිතෙන්නෙ.