කෙලි පැටික්කිට වෙච්ච හදිය...

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කෙලි පැටික්කිට වෙච්ච හදිය...



    කෙලි පැටික්කිට වෙච්ච හදිය...

    අනේ දෙයියනේ පොඩි කෙලිපැටික්කි. මේ සමාජය මොන තරම් කුරිරුද? හැමදාම පෙරපාසල් ගෙනගිය මාමා මේ වගේ දෙයක් කරයි කියලා කවුද හිතුවේ. අම්මා විශ්වාසෙට ත්‍රිවිල් එකේ මාමාට ඇයි මේ කිසිදෙයක් නොතේරෙන දරුවව බාරදුන්නේ? ඒනිසා වුණේ කොයිතරම් ඛේදනීය දෙයක්ද?

    තරුෂිකා කාගෙත් ඇහැට කණට පෙනෙන ලස්සන හුරතල් දූ පොඩිත්තෙක්, හරිම දඟයි. ඒත් හුරුබුහුටියි. කාගෙත් ආදරය දිනූ තරුෂිකා ඉගෙනීමටත් දක්‍ෂයි. නර්තනය සංගීතයටත් දක්‍ෂයි. ගීත ගායනා කරන්නත් උපන් හපන් තරුෂිකා වයසට වඩා හැදී වැඩී තිබුණා. තරුෂිකා පෙරපාසල් යන්නේ මේ වසරේ සිටයි. පෙරපාසල් යන්නේ ගෙවල් ළඟ ත්‍රිවිල් එකකින්. ත්‍රිවිලය පැදවූ ගාමිණී විවාහක දෙදරු පියෙක්. ඔහුගේ බිරිඳ විදේශ රැකියාවකට ගිහින් දැන් අවුරුද්දකටත් ළඟයි. ගාමිණී ත්‍රිවිල් රස්සාව කළ අතර දරුවන් කිහිප දෙනෙකු පෙරපාසල් හා පාසල්වලට ගෙනයාම සහ ගෙන ඒම කළේය. පාසල් ළමුන් උදේට පාසල් වෙත ගෙන යන ගාමිණී තරුෂිකා පෙරපාසලට ගෙන යන්නේ ඊට පසුවයි. තරුෂිකාගේ පැහිච්ච කතාත් හුරතල්කමත් නිසා හැමෝම වාගේම ගාමිණී ද ඇයට ආදරය කළේය.

    තරුෂිකාගේ මවට ගාමිණී සමඟ තම දෑසවන් දියණිය පෙරපාසලට ඇරලවිම කිසිදු ගැටලුවක් නොවීය. තරුෂිකාට සීනිබෝල, ටොපි, චොක්ලට්, අයිස්ක්‍රීම් ගාමිණී ‘දිනපතාම’ අරගෙන දුන්නේ කිසිදු මසුරුකමක් නැතිවයි. මේ නිසා තරුෂිකා ද ගාමිණී මාමාට බෙහෙවින්ම ආදරය කළාය.

    කිසිදු අයෙකු නොසිතූ විරූ ලෙස ඒ කාලකණ්නි දිනය හෝරාව එළැඹිණී. ගාමිණී එදින පදමට මත්වී සිටියේය. පෙරපාසල ඇරී තරුෂිකාව ත්‍රිවිලයට ගොඩකරගත් ගාමිණී තරුෂිකාගෙ ගෙදර යනු වෙනුවට පාළු ප්‍රදේශයකට ත්‍රිවිලය පැදවීය.

    “කොහෙද මාමේ යන්නේ?”

    “පොඩි වැඩක් තියනවා යමුකෝ”

    “මට බයයි මාමේ”

    “බය වෙන්න එපා. මම ඉන්නවනේ.”

    “මාව ඔයා නොදන්න කෙනෙක්යැ”

    තරුෂිකා දියණියට තනිකමක් බියක් දැනෙන්නට ඇති. ත්‍රිවිලය පාළු කැලෑවක් අසල නතර කළ ගාමිණී තරුෂිකාව වඩාගෙන කැළයට රිංගුවේය.

    “අනේ මාමේ මට බයයි”

    “හරි, හරි ඉන්නකෝ”

    දෙයියනේ ඒ කාලකණ්නි මොහොත... තරුෂිකාගේ හඬ කාටවත් ඇහෙන්න නැතිව ඇති. ඇය කොපමණ අසරණ වෙන්න ඇද්ද? මල් පොහොට්ටුව පිපෙන්න හැදුවා විතරයි. පාපතරයාගේ බාහුවලට හොඳටෝම පොඩිපට්ටම් වී චප්ප වෙන්න ඇති. අනේ දෙයියනේ, රෝසපාට ගවුම ලෙයින් වැහිලා. ලේ පාර දෝරෙ ගලනවා. පාපතරයා අහිංසක මල මිලින කළා.

    තරුෂිකාගේ අම්මා ඇඬුවට දෙඩුවට වැඩක් නැහැ. කාට ශාපකළත් වැඩක් නැහැ. මේ සමාජයට බැන්නට වැඩක් නැහැ. තමන්ගෙ ඇස් මායිමෙන් මොහොතකටවත් දරුවෙක් අනාරක්‍ෂිත නොකළයුතු මෙවන් යුගයක දරුවාගේ ජීවිතය විනාශ කිරීමට අවස්ථාව උදාකළ දුන්නේ ඇයයි. බොහෝ දෙනා තරුෂිකාගෙ අම්මගෙ නොසැලකිල්ල ගැන ඇයට දොස් නැගූහ. එහි වරදක් නැත. ඕනම වෙලාවක මෙවැනි වරදක් තම දියණිවරුන්ට සිදුවිය හැකිය යන සිතිවිල්ල සෑම මවකටම තිබිය යුතුය. අවශ්‍ය වන්නේ හදවත ගැහි ගැහී ඊට බියෙන් සිටීම පමණක් නොවේ. ඊට සුදුසු විකල්ප ක්‍රියාමාර්ග සොයා ගැනීමයි. තම දරුවන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමට උපක්‍රමශීලීව හා කල්පනාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත්ය.

    ගාමිණීගේ දෑතට මාංචු වැටී අද ඔහු සිපිරිගෙට ගොස් ඇත. ගාමිණීගේ දරුවන් දෙදෙනා අනාථ වී ඇත. තරුෂිකාගේ මව පිස්සියක් මෙන් කෑ මොර දෙයි. නමුත් සිදුවූ වරද නැවැත නිවැරැදි කිරීමට කිසිවෙකුට කිසිසේත් කිසිදෙයක් කළ නොහැක.

    පරම්පරාවකින් පරම්පරාවකට සංස්කෘතිය පවරා දෙන්නේ මවයි. තම දරුවන් ඇතිදැඩි කර කවා පොවා ආදරය සෙනෙහස නොඅඩුව ලබාදීමෙන් පමණක් වත්මන් සමාජය තුළ දරුවන්ගේ අනාගතය බැබළවිය නොහැකිය. අනිවාර්යෙන්ම දරුවන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සිතිය යුතුමය.

    කොන්දේසි විරහිතව සියලු මව්වරුන්ට පියවරුන්ට අද එම වගකීම පැවැරී ඇත. එය තම දරුවන්ගේ ජීවිත ඒකාලෝක කිරීමට මෙන්ම සමස්ථ සමාජයේ පැවැත්ම වෙනුවෙන් ද හේතුවනු ඇත.

    තරුෂිකාගේ මව දසමසක් කුසේ හොවා හදා වඩාගත් තම දෑසවන් දියණියගේ ආරක්‍ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වූවා නම් අදත් තරුෂිකා හුරතල් කඩිසර දක්‍ෂ පෙර පාසල් දියණියක්. ගාමිණී ද තම රැකියාව කරගෙන සිටීමට ඉඩතිබුණි. (නැවැත එවැනි ගොදුරු නොලැබුණොත්) ගාමිණීගේ දරුවෝ තම පියාගේ ආදරය ලබමින් සිටිනවා ඇත.

    වඩා වැදගත් වන්නේ වරද සිදුවීමට අවස්ථාව ලබාදී පසුව පසුතැවීමත් වරද කළ අයට දඬුවම් ලබාදීමටත් වඩා එවැනි වරදක් කිසිදු මොහොතක සිදු නොවීමට වග බලා ගැනීමත් ය.

    එහිදී මව්වරුන්ට වඩා වැඩි වගකීමක් පැවැරෙන බව ද නොකියාම බැරිය. ප්‍රායෝගික වූ යථාර්ථය එයයි. හෙට ලස්සන කරගැනීමට අද කැපකිරීම් කළයුතු බව සැම සිතට ගත යුතුයි.


    ස්තුතිය
    අනූෂා ගෝකුල ප්‍රනාන්දු
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කතාව ඇත්ත කතාවක් වුනත් බොරු කතාවක් වුනත්..
    මේ වගේ සිදුවිම් මැතකදි අපිට ඕන තරම් අහන්න තියෙනවා..
    මේ සමාජයේ.. ඇත්තටම..
    මේ වගේ මානසිකත්වයක් ඉන්න මිනිසුන් අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකය වටාම ඉන්නවා...
    ඒ හින්දා.. අපි හැම පුද්ගලයෙකුගේම පසුබිම හැසිරිම අනුව කිසිම පුද්ගලයෙකුව විශ්වාස කරන්න හොද නෑ..
    විශේෂයෙන් මේ වගේ බාල වයසේ ඉන්න දරුවන් ව.. ආරක්ෂා කරන්න..
    දෙමව්පියන් විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්න ඕනේ...
    යම් දෙයක් වුනාට පස්සේ හඩා වැලපිලා තේරුමක් නෑ..
    හේතුව ඒ වුන දේවල් අපිට වෙනස් කරන්න බැරි හින්දා..

    අපි අවබෝධයෙන් ජිවත් වෙන තාක් කල් අපිට තේරුමක් නැතිව.. දුක් වෙන්න සිදු වෙන්නේ නෑ.. කියලායි කියන්න තියෙන්නේ.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මේ කතාව ඇත්ත කතාවක් වුනත් බොරු කතාවක් වුනත්


    බොරු කියලා රෙප් හිගාකන්නේ නැ බන් මං:growl::growl::nerd:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අමිලාගේ ඛේදවාචකය

    සීතාවක පොලිස් කොට්ඨාසයේ ප්‍රධානියා වනුයේ පොලිස් අධිකාරි අතුල වීරසිංහ මහතා ය. මීට දින හත අටකට උඩදී එක්තරා කාන්තාවක් පුංචි දැරියක් ද කැටුව පැමිණ සිටියේ පොලිස් අධිකාරිවරයා හමුවීම සඳහා ය.

    ‘සර් මේ ළමයා හරිම අහිංසක දරුවෙක්. අම්මා තාත්තා කවුදැයි දන්නේවත් නැහැ..... වෙන ගෑනු කෙනෙක් ළඟ තමයි හැදෙන්නේ... දැන් අවුරුදු දහතුනයි. මෙයාට මේ කොල්ලෝ විසි ගණනක් විතර කරදර කරලා. තවත් මේ කෙල්ල ඒ ගමේ හිටියොත් ගන්න දෙයක් නැති වෙයි.

    ඇගේ කතාව ඇසූ පොලිස් අධිකාරිවරයා පුංචි දැරියගේ හිසේ සිට දෙපා තෙක් විමසිලිමත් බැල්මක් හෙළුවේය.

    අනෙක සර් මෙයා මිනීමැරුමක් ගැනත් කියනවා.’

    ‘මිනීමැරුමක්’

    ‘ඔව්, සර්’

    පොලිස් අධිකාරිවරයා දැරිය දෙසට හැරුණේ ය.

    ‘ඇත්ත ද මේ කියන්නේ?

    ඇය බියට පත් වී සිටියාය.

    මෙතැන කුමක් හෝ කතාවක් ඇති බව ඔහු දත්තේ ය. ඔහු වහා කැඳවූයේ ළමා හා කාන්තා

    කාර්යාංශ බාර පොලිස් පරීක්ෂකවරියයි.

    ‘බලන්න මේ ළමයා මොනවද කියන්නේ. පුළුවන් දෙයක් ඇත්නම් කරන්න. අපිටත් මේ වගේ දරුවෝ ඉන්නවනේ’

    පොලිස් පරීක්ෂකවරිය ඇය බාරගත්තාය. ඊළඟට කැඳවුයේ උප පරීක්ෂක සුජිත්ව ය. විමර්ශන කටයුතු ඔහුට බාරදුන්නේ ය. සුජිත් ඇතුළු නිලධාරීහු කිරිහේන ගමට යන්නේ ඉන් පසුවය.

    කිරිහේන ගමේ නො ඉපදුණ ද ‘අමිලා’ හැදී වැඩුණේ මේ ගමේ ම එක්තරා යුවළකගේ රැකවරණය මැදය. දැනගන්නට ඇති පරිදි ඇගේ මව පදිංචිව සිට ඇත්තේ කුරුණෑගලය. කුඩා කලම ඇය කිරිහේන ගමේ යුවළකට හදා වඩාගන්නට දී තිබුණාය. ඒ නිසා අමිලාට ඇගේ මව හෝ පියා කවුදැයි කියන්නට නුපුළුවන. ඒ වන විට අමිලාගේ වයස මාස නවයකි.

    එදා සිට නාඳුනන අම්මා - තාත්තා කෙනකු ළඟ හැදුණු වැඩුණු අමිලා කරදඬු උස්මහත් වෙද්දී රූමත් බවින් ද අගතැන්වූවාය. මේ වන විට අමිලාට වයස අවුරුදු දහතුනකි.

    හදාවඩා ගත් අම්මා - තාත්තා සමඟ අමිලා පදිංචිව සිටින නිවෙස ද දැන් පාළු බවක් ඇති තැනකි. මහ පරණ කැළෑවකි. ඇය පාසලට ගියේ කිලෝමීටර් එක හමාරක් පමණ මෙම ලදු පාළු කැළෑ ප්‍රදේශය පසු කරමිනි.

    කාලය මෙසේ ගෙවී යද්දී මීට මාස තුනකට පමණ පෙර ඇය හදාගත් පියා හදිසියේ ම මිය යාමත් සමඟ නිවසේ තනි වූයේ අමිලාත් ඇය හදා වඩා ගත් අම්මාත් පමණි. අම්මාට ද ඇය ගැන සොයා බැලීමක් කරන්නට නොහැකි වූ තැන ඇය රිසි සේ සිය ජීවිතය ඉබාගාතේ ගෙනගියේ හද පිරි සතුටකිනි.

    අමිලාගේ නිවෙසට තවත් කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි නිවසක පදිංචි මවක් හා පුතකු අමිලා හදාගත් අම්මා සොයා එන්නේ මේ අතරතුරය. ඒ ඉඩම් කැබැල්ලක හුවමාරු කර ගැනීමේ අටියෙනි.

    අපිට ඔයාලාගේ අක්කර දෙකේ කෑල්ල දෙන්න. ඔයාලාට අපෙන් අක්කර දෙකක් දෙන්නම්’

    මේ ගමන දෙපිරිස අතර දැඩි හිතවත්කමක් ගෙනදුණි. ඊට තවත් හේතුවක් වූයේ ඒ පිටස්තර උදවිය අමිලාගේ පියාගේ තුන් මාස දානයට ද උදව් කිරීමට කැමැත්ත පළකිරීමත් නිසාවෙනි.

    ඒ අනුව තුන්මාසය දානයට ගේ දොර අලුත්වැඩියා කිරීම ඇරැඹෙද්දී අමිලාත් පිටස්තර ගෙදර තරුණයත් අතර කුමක් හෝ වචන හුවමාරුවක් සිදුවිය.

    අම්මේ... මම පීස් එකක් තියෙනවා බලලා එන්නම්’ පිටස්තර තරුණයා ඇගේ මවට කියනු අමිලා අසා සිටියාය.

    ‘අයියේ මාත් එන්න ද... මමත් ඒ වගේ පීස් බලලා තියෙනවා’

    ‘මොන වගේ පීස් ද.. ඔයාට කොහෙන් ද ඒවා..’

    අවසානයේ ඔහු සිය මවට අමිලා කියන කතාව පවසන්නේ හොර රහසේ වුවත් පසුව ඔවුන් දෙදෙනා අමිලා ගෙන් දිගින් දිගටම මේ පිළිබඳ විමසද්දී සියල්ල ඇය හෙළි කරන්නීය. ඒ අනුව ඇය පොලිස් අධිකාරිවරයා හමුවන්නීය. පොලිස් පරීක්ෂකවරිය ‘අමිලාගෙන්’ සියල්ල විමසුවාය. අමිලා කතාව කිව්වේ ඉන් පසුවය.

    “මම කියන්නේ ඇත්ත නැන්දේ... කසුන් අයියා තමයි මට ඒ වීඩියෝ පීස් පෙන්නුවේ. ඒවා පෙන්නන ගමන් කසුන් අයියා මගේ ඇඟ අත ගෑවා.”

    ඇය තව දුරටත් කසුන් අයියා කළ කී දෑ පොලිස් පරීක්ෂකවරියට කීවාය.

    ඇය වැඩිවියට පැමිණ ඇත්තේ ඉකුත් 2010 ජනවාරියේ ය. එදා පටන් මේ වසරේ සැප්තැම්බර් දක්වා ගමේ පදිංචි බොහෝ පිරිස් ඇය රැගෙන ගොස් ලිංගික අතවරයට ලක් කර ඇත.

    දවසක් අල්ලපු ගමේ අයියා කෙනෙක් දුරියන් කඩන්න කියලා මාව එක්කරගෙන ගිහින් කරදර කළා. මට එදා ගොඩාක් අමාරු වුණා. මම අම්මට කිව්වම අම්මා මට බනිනවා නැන්දේ. බොරු කියන්න එපා කට වහගෙන ඉඳපන් කියලා..’

    ‘ගමේ තුන්දෙනෙකු නිතරම වගේ අපේ ගෙදරට ඇවිත් මාව එක්කගෙන යනවා නැන්දේ. බල්ලෝ බුරන සද්දේට එයාලාගෙන් බේරෙන්න ඕන කියලා හිතලා ඉනිමඟ දිගේ අටුවට නැගලා හැංගිලා ඉන්නවා. සමහර දවස්වලට එයාලාට මාව අහුවෙනවා. ඉන්පස්සේ මගේ කට වහලා කැලේට අරගෙන යනවා. මම ඇවිල්ලා අම්මට කිව්වත් අම්මා මට බනින එක විතරයි කළේ.”

    සියලු තතු පොලිස් පරීක්ෂක නැන්දා ඉදිරියේ ඇය හෙළිකළාය. පොලිස් පරීක්ෂකවරිය මේ කතාව අසා සිටියේ පුදුමයෙන්ය.

    පහ වසර දක්වා ඉගෙනුම ලබා ඇති ඇය පසුගිය පෙබරවාරියේ සිට පාසල්ගමන නතර කළාය. ඇය ගමේ කොලුකුරුට්ටන් සමඟ සිටින බව දත් පාසලේ සම වයසේ අය කිහිපදෙනෙක් ද ඇයට විවිධ යෝජනා කරදර කිරීම නිසා ඇයට සිදුවූයේ පාසල් ගමනට ආයුබෝවන් කීමටය.

    “දවසක් හමුදාවේ අයියා කෙනෙක් මට කරදර කළා. ඒ බව ගමේ සීයා කෙනෙක් දැකලා ඒ අයියට බැන්නා. ඔය නොදන්න කෙල්ලට යන්න දීපන් කියලා, ඒ සීයා මටත් මගේ අම්මාටත් බැන්නා. ඒක නිසා හමුදාවේ අයියා ඒ සීයාට තුවක්කුව ගෙනල්ලා වෙඩි තිබ්බා.”

    පොලිස් පරීක්ෂක රසිකා නිලන්ති මහත්මියගේ උණුසුමෙන් හා කතාබහෙන් සැනසුණු අමිලා එතෙක් මෙතෙක් වූ සියල්ල එලෙස ඇය ඉදිරියේ කීවා ය.

    මිනීමැරුම පිළිබඳ ඇය හෙළි කළ තොරතුරු පිළිබඳ විමර්ශනය කිරීම උප පරීක්ෂක සුජිත් ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරන්නේ ය.

    “ ඇය කියන කාලය අපි විමර්ශනයක් කළා. ඔය මැරුවයි කියන පුද්ගලයාගේ සිරුර ළිඳක තිබී හමුවෙලා තියෙනවා. පොලිස් විමර්ශනයේ දී හෙළිවූයේ ඒ පුද්ගලයා ඇසිඩ් පානය කරල ළිඳට පැනල සිය දිවි හානිකරගෙන ඇති බවක්.”

    “අපි දැන් ඒක මිනීමැරුමක් ද කියලා විමර්ශනය කරගෙන යනවා.”

    “සමහර ඇය කියන දේ අතර පරස්පරතාත් තියෙනවා. කොහොම වුණත් ඇය කිහිප දෙනෙකු අතින් ම අතවරයට පත්වෙලා තියෙන එකනම් හරි”

    පොලිස් පරීක්ෂක සුජිත් කීවේ ය.

    ඒ අනුව දැනට සැකකරුවන් හය දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. දැරිය හදා වඩාගත් අම්මා ස්ත්‍රී දූෂණයට ආධාර අනුබල දීම හා කරුණු වසන් කිරීමේ වරදට අත්අඩංගුවටගෙන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ‘අපි සියලුම විමර්ශන අවසන් කළාට පස්සේ මේ දැරිය අධිකරණයට ඉදිරිපත් කරලා පරිවාස භාරයට පත් කරලා එයාගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් ගත හැකි සියලුම ක්‍රියා මාර්ග ගන්නවා. ආයේත් ඇයට ගමට යැවීමට අපේ අදහසක් නැහැ.

    මේ පිළිබඳව කළ විමසීමක දී සීතාවක කොට්ඨාස බාර පොලිස් අධිකාරි අතුල වීරසිංහ මහතා කීවේය.

    කීර්ති මෙන්ඩිස්
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    අම්මා ලේ විලක් මැද

    අක්මීමන තල්ගස්යායේ පදිංචිව සිටි පෝරම ලියනගේ ඥාණවතී හැට හත් හැවිරිදි කාන්තාවකි. වින්ද්‍යා දර්ශනී ඇගේ එකම දරුවාය. ගම් වැසියන් ඥාණවතී හැඳින්වූයේ “පේර කඩේ අක්කා” යනුවෙනි. මව සහ දියණිය පදිංචි නිවස පිහිටා තිබුණේ ගාල්ල මාපලගම මහා මාර්ගයේ තල්ගස්යාය බෝගහවංගුවේය.

    ඥාණවතීගේ සැමියා මීට වසර දහයකට පමණ පෙර මියගියේය. ඊට පසු මව හා දියණිය දෙදෙනා ජීවත් වූයේ තනිවමය. කිසිවෙකුටත් අත නොපා ඔවුහු ජීවත් වූයේ එතරම් අගහිඟකමක් ඔවුනට නොවූ බැවිනි.

    මේ අතර ඥාණවතීගේ දියණිය කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාවකට යෑමට පටන් ගත්තාය. දිනපතා උදේ හයට පමණ නිවසින් පිටව රැකියාවට යන ඥානවතීගේ දුව දර්ශනී රාත්‍රී හත පමණ වන විට ආපසු නිවසට පැමිණෙන්නීය. වසර දහයකට වැඩි කලක සිට දර්ශනී මෙසේ උදේ පිටව ගොස් සවස ආපසු නිවසට පැමිණෙයි. තමදුව රැකියාවට ගිය පසු ඥාණවතී මව නිවසේ තනිවෙයි.

    රාත්‍රී හත වන විට නිවස ඉදිරිපිට මහ පාරට පැමිණෙන ඥානවතී තම දියණිය එන තුරු මඟ බලා සිටීම පුරුද්දය.

    පසුගිය තුන්වැනිදා දින උදෑසනද දර්ශනී රැකියාවට ගියේ මවගේ ආශිර්වාදය ඇතිවය. එහෙත් මෙසේ ආශිර්වාද කරන අවසාන දිනය බව ඔවුන් දෙදෙනාම සිහිනෙන්වත් සිතුවේ නැත.

    දර්ශනී රැකියාවට ගොස් සවස ආපසු නිවස දෙසට එමින් සිටියාය. එහෙත් වෙනදා මෙන් ඇගේ මව මහ මඟ බලා නොසිටින බව ඈතදීම දර්ශනී දුටුවාය. මව අසනීප වී පාරට නොපැමිණ ඇතැයි ඇය කල්පනා කළාය. එහෙත් නිවසේ විදුලි පහන් දල්වා නොතිබුණි. නිවස ඉදිරිපිට සිට අම්මේ අම්මේ කියා දර්ශනී කීප වරක් මවට කතා කළාය. එහෙත් ඊට පිළිතුරු නොලැබුණි.

    පසුව අසල්වැසි නිවසකට ගිය දර්ශනී එහි සිටි කාන්තාවක්ද සමඟ විදුලි පන්දමක් රැගෙන ආපසු පැමිණියාය. විදුලි පන්දම දල්වා ගෙන නිවස පිටුපස දෙසට ගිය දර්ශනීට පිටුපස දොර විවෘත කර තිබෙනු දක්නට ලැබිණි. ඇය විවර කර තිබූ දොරෙන් ගෙට ඇතුළුවූවාය. විදුලි පන්දම දල්වා නිවස පුරා බලා පසුව මුළු තැන්ගෙය දෙසට ගියාය.

    එහිදී ඇය දටු දර්හනයෙන් භීතියට පත් වූවාය. තම මව මුළුතැන්ගෙයි ලේ විලක් මැද වැටී සිටි දුටු දර්ශනී සිහිනැතිවී බිම ඇද වැටුණාය.

    “පේර කඩේ අක්කා ගේ ඇතුලේ මරාදාලා” යන ආරංචිය තල්ගස්යාය ගම්මානය පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. ඝණ අන්ධකාරය මැදින් ගම්වැසියෝ වැළ නොකැඩී අනතුර සිදුවූ තැනට පැමිණියහ.

    අක්මීමන පොලිසියටද මෙම ඝාතනය ආරංචි විය. පොලිස් ස්ථානාධිපති ඩී.ජේ. වසන්ත මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.

    ඝාතනය කර තිබූ කාන්තාවගේ කටේ රෙදිකඩක් ඔබා තිබුණි. ඝාතනයට උපයෝගී කළ බවට සැකකළ හැකි පොල්ලක් ද ඒ අසල විය.

    ඥානවතී ජීවත් වූ නිවස


    ඝාතනය පිළිබඳ පශ්චාත් පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.ආර්. මුණසිංහ මහතා මොට ආයුධයකින් පහර දී හිස් කබලට තුවාල සිදු කිරීමෙන් කාන්තාව මරණයට පත්ව ඇතැයි වාර්තා කළේය. ඒ අනුව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ඒ.එස්. බෝදරගම හතා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේය.

    ගාල්ල කොට්ඨාස අපරාධ පර්යේෂණාගාරයේ සහ ඇඟිලි සළකුණු දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද පැමිණ කාන්තාව ඝාතනය කර තිබූ ස්ථානය දැඩි ලෙස පරීක්ෂණ කළහ. මෙම ස්ථානයේ තිබූ ඇඟිලි සටහන් දහ හතක් නිරීක්ෂණය කර ගන්නට ඔවුනට හැකිවිය .

    ඝාතනයට යොදා ගත් පොල්ලක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඥානවතීගේ ඝාතකයා විසින් මුළු නිවස තුළ සෑම තැනක්ම අවුස්සා දමා තිබූ බව ද හෙළි වී තිබුණි.

    මේ පිළිබඳ පොලීසිය දිගටම පරීක්ෂණ පැවැත්විය. ඥාණවතීගේ නිවස සමීපයේ පදිංචිව සිට ඒ වන විට ගමෙන් පිටව ගොස් සිටින අයෙකු මෙම ඝාතනය සිදුවූ දින මෙම ප්‍රදේශයේ ගැවසුණු බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට අවශ්‍ය විය.

    ඒ අනුව මෙම පුද්ගලයා පසුගිය තුන්වැනි දින හිනිඳුම ප්‍රදේශයට පැමිණ සිටින බවට තොරතුරු ලැබුණි. පොලීසිය වහා ක්‍රියාත්මක විය. හිනිඳුම ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත්තේය.

    වයෝවෘද අහිංසක කාන්තාවගේ ඝාතනයේ තොරතුරු සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අනාවරණය විය.

    මෙම සැකකරු මිය ගිය ඥානවතීගේ නිවසට මීටර් තුන් සියයක් පමණ දුරින් පදිංචිව සිටියේය. මොහුගේ වයස මේ වන විට අවුරුදු තිස් හයකි. නව වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් සැකකරු පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියා තම අයියා සමඟ පෙදරේරු වැඩ කිරීමට පටන් ගත්තේය.

    2008 වසරේදී සිවිල් සේවකයෙකු ලෙස නාවික හමුදාවට බැඳී මැදවච්චිය කඳවුරේදී පෙදරේරු පුහුණුව ලැබීය. පුහුණුවෙන් පසුව එහි පෙදරේරු කාර්මිකයෙකු ලෙස නාවික හමුදාවේ රැකියාව කළේය. බූස්ස නාවික හමුදා කඳවුරේ සේවය කරන විට දින හතක් නොදන්වා සේවයට වාර්තා නොකිරීම නිසා මොහුට නාවික හමුදාවේ රැකියාව අහිමිවිය.

    1995 වසරේදී සැකකරු වලස්මුල්ල කිරම ප්‍රදේශයේ තරුණියක් සමඟ විවාහ විය. ඔහු දරු තුන් දෙනෙකුගේ පියෙකු වූ පසු තම විවාහක බිරිඳ අතහැර වීරකැටිය හකුරුවෙල ප්‍රදේශයේ තවත් කාන්තාවක් සමඟ අනියම් ඇසුරකට පත්විය. සැකකරුට දාව ඇයටද එක් දරුවෙක් ලැබුණි.

    මේ අතර හිනිඳුම තවලම ප්‍රදේශයේ තවත් කාන්තාවක් සමඟද මොහු අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගියේය.

    “තල්ගස්යායේ සැකකරු මුලින් පදිංචිවී සිටි නිවස පාලුවට ගිහින්. මේ නිවසේ වහලේ උළු විකිණීමට සැකකරු පසුගියදා දා හකුරුවෙල සිට තල්ගස්යායට ආවා. සූරියවැව සිට කරාපිටිය රෝහල දක්වා ධාවනය වන බස් රියෙන් තමයි මොහු ඇවිත් තියෙන්නේ. උළු විකිණීමට ගමේ පුද්ගලයින් දෙදෙනෙක් ගෙදරට එක්ක ඇවිත් උළු පෙන්නුව. නමුත් උළු ගන්න පැමිණි දෙදෙනාගේ වැඩිහිටියන් කියා තිබෙනවා, අළුත් වහලකට පරණ වහලක පාවිච්චි කරපු උළු ගන්න එපා කියා. ඒ නිසා උළු ගණු දෙනුව කඩාකප්පල් වුණා.”

    “ඊට පස්සේ සැකකරු හකුරුවෙල යෑමට පාරට ඇවිත්. බස් හෝල්ට් එක තියෙන්නෙ ඥානවතීගේ ගෙදර ඉදිරිපිට. බස් එකේ නඟින්න ඉන්නා විට ඔහු ඥානවතී දකිනවා. පස්සේ ඥානවතීගේ නිවසට ගිය සැකකරු “අක්කේ වතුර එකක් බොන්න දෙන්න” කියා ඉල්ලලා . ඥාණවතීගේ නිවස අසල පදිංචිව සිටි නිසා ඇය මොහු හඳුනනවා. ඒ නිසා ඥානවතී වතුර වීදුරුවක් ගෙන ඒමට කුස්සියට ගියා. ඒ සමඟම සැකකරුද ගෙට ඇතුළුවුණා. ක්ෂණිකව ඔහුගේ සිත වෙනස් වුණා.”

    “මුළුතැන්ගෙයි සිටි ඥානවතී මොහු එක්වරම තල්ලුකර දැම්මා. ඇගේ හිස ඒ අසල තිබූ කොන්ක්‍රීට් එකක වැදී ඥානවතීට සිහි නැතිවුණා. රෙදි කඩක් කටේ ඔබලා ඊළඟට මුදල් සොයා මුළු නිවසම ඇවිස්සුවා. එක ශත පහක්වත් ඔහුට සොයා ගන්න බැරි වුණා. විනාඩි විස්සක් විතර මුදල් සෙව්වා. උත්සාහය හරි ගියේ නැහැ. ඊළඟට ආපසු ඥානවතී ළඟට ගොස් ඒ අසල තිබූ පොල්ලකින් ඇගේ ඔළුවට පහර කීපයක් එල්ල කළා. සිහිනැතිව වැටී සිටි ඥානවතී ඒ පොලුපාර කීපයෙන් මිය ගියා.මේ වන විට වේලාව දවල් එකයි තිහට විතර ඇති.”

    මිනීමරුවා කරාපිටියට ගොස් උදේ පැමිණි බසයෙන්ම ආපසු ගොස් තිබුණා.

    මෙහිදී කිව යුතු විශේෂ සිද්ධිය තමයි මොහු මුළු නිවසම අවුස්සා මුදල් සෙව්වා. නමුත් ඥානවතීගේ දුවගේ රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා රන් භාණ්ඩ ඥානවතී වැටී සිටි ස්ථානය අසල සඟවා තිබුණෙ. ඒවා මොහුට සොයා ගන්න බැරිවුණා” යැයි මේ ඝාතනයේ තොරතුරු හෙළි කළ අක්මීමන පොලිස් ස්ථානාධිපති ඩී.ජේ. වසන්ත මහතා කීය.

    සටහන හා ඡායාරූප

    සුමතිපාල දීයගහගේ

    දකුණු පළාත් සංචාරක
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ වගේ තිරිසන්නු තවමත් හුස්ම ගන්න එක තමයි කණගාටුව.:(
    අර අමිලා කියන ලමයා එකම ගමක 39 දෙනෙක් අතින් දූෂණයට ලක් වුණා කියලාත් දැන ගන්න ලැබුනා....:no::no::no:
    මිනිස්සු මේ තරම් අවලං වලත්තයො වුණේ මොන කරුමෙකටද?:(
    මෙහෙම පරයින්ටවත් ක්‍රියාත්මක නොවෙන එල්ලුම් ගහ හොඳයි හරක් බඳින්න.:frown::frown:
    උන් අපෙ රටේ උතුම් යයි කියලා උඩ දාන නිවට නීතියෙ හිල් වලින් රිංගලා අපූරුවට එලියට එයි තව මල් කැකුළු බිලිගන්න.:growl::growl:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මේ වගේ තිරිසන්නු තවමත් හුස්ම ගන්න එක තමයි කණගාටුව.:(
    අර අමිලා කියන ලමයා එකම ගමක 39 දෙනෙක් අතින් දූෂණයට ලක් වුණා කියලාත් දැන ගන්න ලැබුනා....:no::no::no:
    මිනිස්සු මේ තරම් අවලං වලත්තයො වුණේ මොන කරුමෙකටද?:(
    මෙහෙම පරයින්ටවත් ක්‍රියාත්මක නොවෙන එල්ලුම් ගහ හොඳයි හරක් බඳින්න.:frown::frown:
    උන් අපෙ රටේ උතුම් යයි කියලා උඩ දාන නිවට නීතියෙ හිල් වලින් රිංගලා අපූරුවට එලියට එයි තව මල් කැකුළු බිලිගන්න.:growl::growl:

    yes ban
     

    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    මේ කතාව ඇත්ත කතාවක් වුනත් බොරු කතාවක් වුනත්..
    මේ වගේ සිදුවිම් මැතකදි අපිට ඕන තරම් අහන්න තියෙනවා..
    මේ සමාජයේ.. ඇත්තටම..
    මේ වගේ මානසිකත්වයක් ඉන්න මිනිසුන් අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකය වටාම ඉන්නවා...
    ඒ හින්දා.. අපි හැම පුද්ගලයෙකුගේම පසුබිම හැසිරිම අනුව කිසිම පුද්ගලයෙකුව විශ්වාස කරන්න හොද නෑ..
    විශේෂයෙන් මේ වගේ බාල වයසේ ඉන්න දරුවන් ව.. ආරක්ෂා කරන්න..
    දෙමව්පියන් විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්න ඕනේ...
    යම් දෙයක් වුනාට පස්සේ හඩා වැලපිලා තේරුමක් නෑ..
    හේතුව ඒ වුන දේවල් අපිට වෙනස් කරන්න බැරි හින්දා..

    අපි අවබෝධයෙන් ජිවත් වෙන තාක් කල් අපිට තේරුමක් නැතිව.. දුක් වෙන්න සිදු වෙන්නේ නෑ.. කියලායි කියන්න තියෙන්නේ.

    TRUE
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මට නම් එපා වෙලා බන් තියෙන්නෙ.
    ළමයි පවා දූෂනය කරනව. මහ කාළකන්නි ඉන්නෙ දැන් ලංකාවෙ.
    මේව කියවද්දිත් එපා වෙනව බන්.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    සිනමාහලේදී දැරිය දූෂණය කළ
    සැකකරු දෙවන වරටත් රිමාන්ඩ්

    රත්නපුර විශේෂ - තිලකසිරි දෑල බණ්‌ඩාර

    ස්‌වාමීනි බාලදැරියක්‌ දූෂණය කිරීම සුළුකොට සැලකිය නොහැකියි. මෙවැනි පුද්ගලයන්ට බුරුලක්‌ දැක්‌වුවහොත් අපේ ලංකාවේ අහිංසක දැරියන්ට කවදාවත් නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිපාදන භුක්‌තිවිඳීමට නොලැබෙනු ඇතැයි කුරුවිට පොලිසියේ සැරයන්වරයකු වන (328) ජයසුන්දර මහතා 20 දා රත්නපුර වැඩබලන මහේස්‌ත්‍රාත් එම්. එස්‌. ප්‍රිමිකි මෙනෙවිය හමුවේ පැවසුවේය.

    අවුරුදු 13 මාස 5 ක්‌ වයසැති පාසල් දැරියක්‌ අපහරණය කර සිනමාහලකදී දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ තබා නැවත කැඳවා සිටි සැකකරුවකුට ඇප ලබාදීමට එරෙහිව කරුණු දක්‌වමින් නිලධාරියා එසේ පැවසුවේය.

    මෙම සිද්ධියෙන් අතවරයට ලක්‌වී ඇත්තේ කුරුවිට ප්‍රදේශයේ පාසලක 8 වසර පංතියේ ඉගෙනීම කරන දැරියකි. සැකකරු විවාකයකු වුවද ඔහු දැරිය රවටා ඇය සමග ප්‍රේම්සම්බන්ධයක්‌ ඇතිකර ගෙන ඇත. පසුව ඇය ඇහැළියගොඩ සිනමාහලකට රැගෙන ගොස්‌ චිත්‍රපටය ප්‍රදර්ශනය වන අතරේ සිනමාහලේ අසුනක්‌ මත දී සැකකරු දැරිය දූෂණය කර ඇත. එම සිද්ධිය ගෙදරට ආරංචි වී ඇති බව දැනගත් දැරිය වෙනත් අසනීපයකට ගෙනත් තිබූ බෙහෙත් පෙති රාශියක්‌ එකවර පානය කිරීම නිසා බලවත් ලෙස රෝගාතුරවී මේ වන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

    මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන එරත්න පදිංචි හපුතන්ත්‍රීගේ ලලිත් කුමාර සහ දැරිය පැහැර ගෙන ගිය ත්‍රිරෝද රිය පැදවූ අය වන හෙට්‌ටිගේ ප්‍රදීප් කුමාර නැමැත්තන් දින 8 ක්‌ රිමාන්ඩ් භාරයේ තබණු ලැබ 20 දා නැවත කැඳවන ලද අතර 1 වන සැකකරු කර ඇති වරදේ බරපතලකම සැලකිල්ලට ගෙන ඔහු නොවැම්බර් 3 දා තෙක්‌ නැවත රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.

    නීතිඥ නෙවිල් කරුණාරත්න සහ බෙනී අබේරත්න යන මහත්වරු සැකකරුවන් වෙනුවෙන්ද නීතිඥ සංජය වෙල්ගම මහතා පැමිණිල්ල වෙනුවෙන්ද පෙනී සිටියහ. කුරුවිට පොලිස්‌ස්‌ථානාධිපති ආර්. පී. සිරිවර්ධන මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක රාජපක්‍ෂ මහතා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.