කෙලි පැටික්කිට වෙච්ච හදිය...
කෙලි පැටික්කිට වෙච්ච හදිය...
අනේ දෙයියනේ පොඩි කෙලිපැටික්කි. මේ සමාජය මොන තරම් කුරිරුද? හැමදාම පෙරපාසල් ගෙනගිය මාමා මේ වගේ දෙයක් කරයි කියලා කවුද හිතුවේ. අම්මා විශ්වාසෙට ත්‍රිවිල් එකේ මාමාට ඇයි මේ කිසිදෙයක් නොතේරෙන දරුවව බාරදුන්නේ? ඒනිසා වුණේ කොයිතරම් ඛේදනීය දෙයක්ද?
තරුෂිකා කාගෙත් ඇහැට කණට පෙනෙන ලස්සන හුරතල් දූ පොඩිත්තෙක්, හරිම දඟයි. ඒත් හුරුබුහුටියි. කාගෙත් ආදරය දිනූ තරුෂිකා ඉගෙනීමටත් දක්ෂයි. නර්තනය සංගීතයටත් දක්ෂයි. ගීත ගායනා කරන්නත් උපන් හපන් තරුෂිකා වයසට වඩා හැදී වැඩී තිබුණා. තරුෂිකා පෙරපාසල් යන්නේ මේ වසරේ සිටයි. පෙරපාසල් යන්නේ ගෙවල් ළඟ ත්‍රිවිල් එකකින්. ත්රිවිලය පැදවූ ගාමිණී විවාහක දෙදරු පියෙක්. ඔහුගේ බිරිඳ විදේශ රැකියාවකට ගිහින් දැන් අවුරුද්දකටත් ළඟයි. ගාමිණී ත්‍රිවිල් රස්සාව කළ අතර දරුවන් කිහිප දෙනෙකු පෙරපාසල් හා පාසල්වලට ගෙනයාම සහ ගෙන ඒම කළේය. පාසල් ළමුන් උදේට පාසල් වෙත ගෙන යන ගාමිණී තරුෂිකා පෙරපාසලට ගෙන යන්නේ ඊට පසුවයි. තරුෂිකාගේ පැහිච්ච කතාත් හුරතල්කමත් නිසා හැමෝම වාගේම ගාමිණී ද ඇයට ආදරය කළේය.
තරුෂිකාගේ මවට ගාමිණී සමඟ තම දෑසවන් දියණිය පෙරපාසලට ඇරලවිම කිසිදු ගැටලුවක් නොවීය. තරුෂිකාට සීනිබෝල, ටොපි, චොක්ලට්, අයිස්ක්‍රීම් ගාමිණී ‘දිනපතාම’ අරගෙන දුන්නේ කිසිදු මසුරුකමක් නැතිවයි. මේ නිසා තරුෂිකා ද ගාමිණී මාමාට බෙහෙවින්ම ආදරය කළාය.
කිසිදු අයෙකු නොසිතූ විරූ ලෙස ඒ කාලකණ්නි දිනය හෝරාව එළැඹිණී. ගාමිණී එදින පදමට මත්වී සිටියේය. පෙරපාසල ඇරී තරුෂිකාව ත්‍රිවිලයට ගොඩකරගත් ගාමිණී තරුෂිකාගෙ ගෙදර යනු වෙනුවට පාළු ප්‍රදේශයකට ත්රිවිලය පැදවීය.
“කොහෙද මාමේ යන්නේ?”
“පොඩි වැඩක් තියනවා යමුකෝ”
“මට බයයි මාමේ”
“බය වෙන්න එපා. මම ඉන්නවනේ.”
“මාව ඔයා නොදන්න කෙනෙක්යැ”
තරුෂිකා දියණියට තනිකමක් බියක් දැනෙන්නට ඇති. ත්රිවිලය පාළු කැලෑවක් අසල නතර කළ ගාමිණී තරුෂිකාව වඩාගෙන කැළයට රිංගුවේය.
“අනේ මාමේ මට බයයි”
“හරි, හරි ඉන්නකෝ”
දෙයියනේ ඒ කාලකණ්නි මොහොත... තරුෂිකාගේ හඬ කාටවත් ඇහෙන්න නැතිව ඇති. ඇය කොපමණ අසරණ වෙන්න ඇද්ද? මල් පොහොට්ටුව පිපෙන්න හැදුවා විතරයි. පාපතරයාගේ බාහුවලට හොඳටෝම පොඩිපට්ටම් වී චප්ප වෙන්න ඇති. අනේ දෙයියනේ, රෝසපාට ගවුම ලෙයින් වැහිලා. ලේ පාර දෝරෙ ගලනවා. පාපතරයා අහිංසක මල මිලින කළා.
තරුෂිකාගේ අම්මා ඇඬුවට දෙඩුවට වැඩක් නැහැ. කාට ශාපකළත් වැඩක් නැහැ. මේ සමාජයට බැන්නට වැඩක් නැහැ. තමන්ගෙ ඇස් මායිමෙන් මොහොතකටවත් දරුවෙක් අනාරක්ෂිත නොකළයුතු මෙවන් යුගයක දරුවාගේ ජීවිතය විනාශ කිරීමට අවස්ථාව උදාකළ දුන්නේ ඇයයි. බොහෝ දෙනා තරුෂිකාගෙ අම්මගෙ නොසැලකිල්ල ගැන ඇයට දොස් නැගූහ. එහි වරදක් නැත. ඕනම වෙලාවක මෙවැනි වරදක් තම දියණිවරුන්ට සිදුවිය හැකිය යන සිතිවිල්ල සෑම මවකටම තිබිය යුතුය. අවශ්‍ය වන්නේ හදවත ගැහි ගැහී ඊට බියෙන් සිටීම පමණක් නොවේ. ඊට සුදුසු විකල්ප ක්‍රියාමාර්ග සොයා ගැනීමයි. තම දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට උපක්රමශීලීව හා කල්පනාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත්ය.
ගාමිණීගේ දෑතට මාංචු වැටී අද ඔහු සිපිරිගෙට ගොස් ඇත. ගාමිණීගේ දරුවන් දෙදෙනා අනාථ වී ඇත. තරුෂිකාගේ මව පිස්සියක් මෙන් කෑ මොර දෙයි. නමුත් සිදුවූ වරද නැවැත නිවැරැදි කිරීමට කිසිවෙකුට කිසිසේත් කිසිදෙයක් කළ නොහැක.
පරම්පරාවකින් පරම්පරාවකට සංස්කෘතිය පවරා දෙන්නේ මවයි. තම දරුවන් ඇතිදැඩි කර කවා පොවා ආදරය සෙනෙහස නොඅඩුව ලබාදීමෙන් පමණක් වත්මන් සමාජය තුළ දරුවන්ගේ අනාගතය බැබළවිය නොහැකිය. අනිවාර්යෙන්ම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සිතිය යුතුමය.
කොන්දේසි විරහිතව සියලු මව්වරුන්ට පියවරුන්ට අද එම වගකීම පැවැරී ඇත. එය තම දරුවන්ගේ ජීවිත ඒකාලෝක කිරීමට මෙන්ම සමස්ථ සමාජයේ පැවැත්ම වෙනුවෙන් ද හේතුවනු ඇත.
තරුෂිකාගේ මව දසමසක් කුසේ හොවා හදා වඩාගත් තම දෑසවන් දියණියගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වූවා නම් අදත් තරුෂිකා හුරතල් කඩිසර දක්ෂ පෙර පාසල් දියණියක්. ගාමිණී ද තම රැකියාව කරගෙන සිටීමට ඉඩතිබුණි. (නැවැත එවැනි ගොදුරු නොලැබුණොත්) ගාමිණීගේ දරුවෝ තම පියාගේ ආදරය ලබමින් සිටිනවා ඇත.
වඩා වැදගත් වන්නේ වරද සිදුවීමට අවස්ථාව ලබාදී පසුව පසුතැවීමත් වරද කළ අයට දඬුවම් ලබාදීමටත් වඩා එවැනි වරදක් කිසිදු මොහොතක සිදු නොවීමට වග බලා ගැනීමත් ය.
එහිදී මව්වරුන්ට වඩා වැඩි වගකීමක් පැවැරෙන බව ද නොකියාම බැරිය. ප්‍රායෝගික වූ යථාර්ථය එයයි. හෙට ලස්සන කරගැනීමට අද කැපකිරීම් කළයුතු බව සැම සිතට ගත යුතුයි.
ස්තුතිය
අනූෂා ගෝකුල ප්‍රනාන්දු