සැබෑ වූ සිහින ඇබැද්දිය ...

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සැබෑ වූ සිහින ඇබැද්දිය ...

    මට සෑහෙන මෑතකදි වෙච්චි දෙයක්..මම වැඩට යන්නෙත් ආයෙ ගෙදර බලා එන්නෙත් කොච්චියෙන්...(දැන් අහන්න එපා බස් එකේ යන්නෙම නැද්ද කියලා..කොළඹ සිට ගම රට බලා එන්නේ කෝච්චියෙන් කියන එකයි අදහස් කොලේ...)


    P1000606SrLankaTrainStation3.jpg


    ඉතින් උදේට යනකොට වගේ නෙමෙයි එනකොට මහන්සි වැඩි කමට නින්ද යනවා.ඉතින් මට ඕක මල වදයක් මොකෝ එක සිතින් නිදා ගන්නත් නැහැ. නිදා ගත්තොත්..රඹුක්කන ඉස්ටේසොමෙන් තමයි ගමන අහවර වෙන්නේ..ඉතින් මෙහෙම දුකෙන් මාසයක් විතර කට්ට කාගෙන ගිය මට ඔපිසියෙ ඉන්න තව ඩයල් එකක් සෙට් උනා.පොර ඉන්නේ අපේ ගමට එහා ගමේ. කොහොම හරි දුම්රියෙන් ගමන් කිරීමේ ප්‍රතිලාභ ඇතුලු දන්න ජාති (බස් එකේ වගේ නෙමෙයි නේ කෝච්චියේ ටිකට් ගන්න කියල වද කරන්නෙත් නැහැ නේ..) ඔක්කොම කියල මිනිහවත් කොච්ච්යෙන් යන වැඩේට කැමති කර ගත්තා.මිනිහා කොච්චියෙන් බහින්නේ මම බහින්න ඕන ඉස්ටේසමට කලින් එකෙන්.

    ඔන්න දැන් කෝච්චියෙන් තමයි ගමන මගේ වැඩේ කෝච්චියට ගොඩ උන වෙලාවෙම Seat එකක ඉඳගෙන හොඳට නිදා ගන්න එක.ඉතින් හැමදාම මිනිහා අදාල ඉස්ටේසොමෙන් බහින්න පොඩ්ඩකට කලියෙන් මාව නැගිට්ටනවා.ඔන්න එක දවසක් අර මනුස්සය කියපි ඊළඟ දවසෙ වැඩට එන්න වෙන්නෙ නැහැ ලයිසොම් එක ගන්න යනව කියලා.ඒ කියන්නෙ එදා හවස මට ඉස්ටෙසොමන් බැහැ ගන්න බැරි වෙනවා කියන එක...

    ඕන කෙහෙල් ගෙඩියක් වෙච්ච දෙන් කියලා ඊළඟ දවසෙ වැඩට ගියා කියමුකො ඔන්න දැන් වැඩත් අහවර වෙලා කොළඹ ඉස්ටේසොමටත් ආවා කියමුකෝ..
    දැන් නින්ද ගියොත් වෙන සන්තෑසිය මට එක පාරට මතක් වෙනවා..
    ඒ මතකය අස්සෙන් එක පාරටම ඇඩ්වටයිසින් පාරක් වැදුනා චුයින්-ගම් ගැන...
    මගේ මතකෙට ආවා චුයින්-ගම් හපන කොට නින්ද යන්නෙ නැහැ කියලා ඒ කාලේ කවුදෝ කියපු කතාවක් (කවුද ඕක කියපු එකා..)

    සල්ලි සල්ලි කියල බැලුවෙ නැහැ අතේ තිබුණ රු.10ම ගත්තා චුයින්-ගම්..කොහොම හරි ඒ ගානට ලැබුනේ චුයින්-ගම් 3යි.. ඔන්න දැන් කෝච්චිය ආවා මම සුද්දා වගේ, වටේ හිටිය උන් කෙල ගිලිද්දිම චුයින් ගම් වරකට එක බැගින් 3ම කටේ ඔබා ගත්තා.ඔබා ගත්ත වගේ නෙමෙයි හපේ දැන් එලියට විසි කොලන්නත් බෑ ....වැඩේ පොඩ්ඩ ගැස්සුනොත් සෑහෙන්න ටින් කිරි නා ගන්න වෙන නිසා.ගත්ත මෝඩ කමට විඳවපන් කියුවලු...

    කොච්චර ට්‍රයි කොලත් නින්දම යන්න එනවා.කොහොම හරි ඔතනින් එහා නම් මම දන්නේ නැහැ.(ඒ කියන්නෙ මම නිදි කියන එක)

    එකපාරටම ඔන්න මට පේනවා හීනයක් "රදනක දතක් දිවක් පසාරු කරගෙන යන අවාසනාවන්ත අවස්ථාවක් ඒ එක්කම හීනියට පසුතල සංගීතයක් විදියට අමරදේව මාස්ටර් ගේ ඉර (ඔන්න දැන් ලොකුවට ඉර මැවිලා පේනවා), හඳ (ඊළඟට හඳ) පායන ලෝකේ සින්දුවත් එක්කම සෑහෙන්න සැරට අකුණක් කෙ‍ටුවා වගේ දැනුනා.(සද්දෙටත් වඩා දිව හරහා විදුලි ධාරාවක් එකවර භූගත උනා වගේ නම් දැනුනා...)...අප්පා.. දිව හැපිලා...

    අර හපේ හප හප හිටිය නේ..කියල මතක් උනේ එතකොටයි.

    කොහොම හරි ඇස් වහන් හිටපු නිසා ඇස් තවත් තද කරගෙන..වේදනාව ඉවසා දරා ගත්තා..ඇස් ඇරල බලන්නත් මොකද්ද වගේ.කොහොම හරි එහෙම දෙයක් නොවුනා වගේ අඟවමින් හිතින් වේදනාව ඉවසමින් සේප් එකේ කොයි ඉස්ටේසමද පහුකොලේ කියල බලා ගත්තා..තවම රාගම..සෙක් විතරක් මම බහින ඉස්ටේසමට තව පැය බාගෙක දුර තියෙනවා....කොහොමත් මට ආයේ නින්ද ගියෙත් නැහැ...

    කොහොමත් මම ගෙදර ආපු ගමන් ඉස්සෙල්ලම බැලුවෙ දිවේ ඒ පැත්ත තියෙනවද කියලා..මට මතක ඇති කාලෙක නොවෙච්ච තරම් ඩැමේජ් එකක් මේ පාර නම් දිවට වෙලා තිබුනා..කවුද හිතුවෙ හීනේ හැබෑවක් වෙයි කියලා...:no::no::no::no::no: