UNSUNG HERO of SRI LANKA R KARUNANANDA, 1964 OLYMPICS– Men's 10,000 metres
මලල ක්‍රීඩකයන් කී සැනින් ඔබේ මතකයට දිව එන්නේ කවුද? උසේන් බෝල්ට්, බෙන් ජොන්සන්, මේරියන් ජොන්සන්, සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න වැනි අපට හොදින් අසා පුරුදු නම් නිසැකයෙන්ම ඔබේ මතකයට නැගෙනු ඇත. නමුත් ඔබ ආර්. කරුණානන්ද පිලිබද අසා තිබේද? ඔහු 1964 ජපානයේ ටෝකියෝ නුවර පැවති 18 වන ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්(එවකට සිලෝන්) මීටර් 10000 පිරිමි ඉසව්ව සදහා සහභාගී විය.
තම රටට ඔලිම්පික් පදක්කමක් දිනාදීම සදහා ඔහු සිය උපරිමයෙන් උත්සාහ කලේය. නරඹන්නන් ගේ උසුලු විසුලු මැද තරගය පුරාම ඒ සදහා ඔහු ගත් වෙහෙස කැපී පෙනුනි.
අවසානයේ ඔහු සටන ජය ගත්තේය.
අවසානයේ ඔහු තරගය නිමා කලේය.
තරගය නරඹන්නන් තම ආසන වලින් නැගිට ඔහුට ආචාර කලේය.
1964 ඔලිම්පික් තරගාවලියේදී නරඹන්නන් ගෙන් එවැනි ප්‍රතිචාරයක් වෙන කිසිම ක්‍රීඩකයෙකුට ලැබුනේ නැත.
ක්‍රීඩාව දෙස වෙනත් කෝණයකින් බලන කෙනෙක් කරුණානන් දගේ උත්සාහය වෙනස් අයුරකින් දකිනු ඇත.මීටර් 10000 තරගය අවසානයට නිමා කල කරුණානන්ද ලැබූ ඉහල ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය ගැන විශ්මයට පත් වනු ඇත.
මේ 1964 වසරයි,ඒ කාලය වන විට මලල ක්‍රීඩකයන්ට අද මෙන් අනුග්‍රාහකයන්, මිල මුදල්,යාන වාහන, ත්‍යාග ආදිය ලැබුනේ නැත. මද සෙම්ප්‍රතිශ්‍යා ගතියකින් පෙලුනු කරුණානන් ද මීටර් 10000 තරගය සදහා සහභාගී වුනේ දුර්වල වූ ශරීර ශක්තියකින් යුතුවය. තරගය ප්‍රථමයෙන් නිමා කල ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් තරගය නිමා කරන විට කරුණානන්ද ඔහු හා එක පෙලට තරග කරමින් සිටියේය.
එයට හේතු වූයේ ඒ වන විටත් කරුණානන්ද වට හතරක් පසු පසින් අවසානයට තරග වදිමින් සිටීමයි. ප්‍රථම දෙවණ හා තෙවන තරග කරුවන් තරගය නිමා කල විට සෙසු බොහෝ ක්‍රීඩකයන් තරගයෙන් ඉවත් වූහ. කරුණානන්දටද ඕනෑම මොහොතක තරගයෙන් ඉවත් වීමේ හැකියාව තිබුනි. නමුත් ඔහු එසේ කලේ නැත,දිගටම ධාවනයේ යෙදුනි.
තරග නරඹන්නන් විශ්මයට පත් වුනි. ඔහු එක වටයක් නිමා කරන විට නරඹන්නන් ඔහුට උසුලු විසුලු කලේය. මුලු ක්‍රීඩාංගනය පුරා සරදම් සිනා හඩ පැතුරුනි. නමුත් කරුණානන්ද නිහඩව ධාවනයේ යෙදුනි.
දෙවණ වටය අවසන් කරන විට නරඹන්නන් නිහඩ විය.
තෙවන වටය අවසන් වන විට ඔහු වෙනුවෙන් ප්‍රීති ඝෝශා නැගුනි.
කරුණානන්ද තරගය නිමා කරන විට සියලුම නරඹන්නන් තම අසුන් වලින් නැගිට අචාර කල අතර තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කල ඔහු වෙනුවෙන් නරඹන්නන් ගේ දෙනෙත් කදුලින් තෙත් විය.
එම තරගය ජයග්‍රහනය කල ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් පසුව පැවසුවේ තරගයේ රන් පදක්කමට නියම සුදුස්සා කරුණානන්ද බවයි.
තරගය නිම වී දින ගණනක් ගත වූවත් කරුණානන්ද පිලිබද මහත් පැහැදීමකින් පසු වූ ජපන් ජනතාවගෙන් ඔහුට ත්‍යාග රාශියක් ලැබුනි. මිනිස් අධිෂ්‍ඨානයේ මහිමය ගැන පාසල් ළමුන්ට ඉගැන්වීම සදහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙල පොත් වලට ඇතුල් විය. නමුත් අද ශ්‍රී ලංකාවේ රණතුංග කරුණානන්ද ගැන දන්නා ළමුන්/වැඩිහිටියන් කී දෙනෙකු සිටීද? ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය තුල අද මෙම ශ්‍රේෂ්ඨ මලල ක්‍රීඩකයා ගැන සදහනක් නොමැත. එම තරගයේදී රට වෙනුවෙන් පදක්කමක් දිනා දීමට ඔහු දැරූ උත්සාහයට සහ ඔහු තුල පැවති ක්‍රීඩාශීලීත්වයට ආර්. කරුණානන් ද වැනි සැබෑ විරුවෙකුට අප ගරු කල යුතු අතර අප රටේ එතෙක් මෙතෙක් ඔහු තරම් ධෛර් යමත් අධිෂ්ඨානශීලී ක්‍රීඩකයෙක් බිහිව නැතුවාට සැක නැත.ජයග්‍රහන පමනක් බලාපොරොත්තුවෙන් තරග වැදී පරාජය හමුවේ වියරු වැටෙන අද ක්‍රීඩකයන්ට කරුණානන්දගේ කතාව සැබෑ ආදර්ශයක් වනු නොඅනුමානය(මෑතකදී අගනුවර පාසල් 2ක් අතර පැවති රගර් තරගයක් අවසානයේ පරාජිත පිලේ ක්‍රීඩකයන් ජයග්‍රහනය කල පිලේ ක්‍රීඩකයන්ට කල අමානුෂික පහරදීම සිහිපත් කිරීම වටී)

http://en.wikipedia.org/wiki/Athletics_at_the_1964_Summer_Olympics_–_Men's_10,000_metres

Last edited:

බොහොම ස්තුතියි!