ඔබ මේ සංවාදයට බැහැල තිබ්බේ මගේ පෝස්ට් එක කෝට් කරල නිසා මම හිතනව මේ ගැන මම කතා කළ යුතුයි කියලා. ඔබ අහන්නේ කන්ඩිෂන්ස් ගැන........මිත්‍රයා කන්ඩිෂන්ස් ඕන අපි මිනිස්සු නිසා. අපට සමාජයක් සහ සංස්කෘතියක් තියන නිසා. ඒක තේරුම් ගන්න.
ඔබ වගේ සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ පුද්ගලයෙක් මේ වගේ මතයක් දැරීම අතිශය භයානකයි. හේතු මෙන්න මේවා....
1.ගබ්සාවක් කළ යුතු නෑ කිසිම ආකාරයකින්. ඔබ කියන ආකාරයේ කායික හෝ මානසික ආබාධ සහිත වූවන් අපි රැක බලා ගත යුතුයි. ඒ සදහා වන සමාජ සංස්ථාවන් ස්ථාපන කළ යුතු වෙනවා. ඔබ කියන්නේ නාසි ජර්මනියේ හිට්ලර් කරපු නියෝගයකට සමාන එකක්. සියළු ආබාධ සහ ජාන ගත රෝග සහිත වූවන් ඝාතනය කරන්න හිට්ලර් අණ දුන්නා. ගබ්සාවට පක්ෂ ඔබේ මතවාදයේ ඊට වැඩි හොදක් නෑ......
2.හිතමු දූෂනයකට ලක්ව ගැබ් ගත්තා කියලා. ඒ දරුවා ඝාතනය කළ යුතුද? කොහෙවත් යන පාහරයෙකු ගේ පාහර ක්‍රියාවකට නූපන් දරුවෙකු ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද? ඒ වැනි දරුවන් උපදිනා තෙක් මව රැක බලා ගැනීමටත්, උපන් බිළිදා ගේ අනාගත අභිවෘද්ධිය සදහාත් වන යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඔබ දන්නවා ඇති දරුකමට හදා ගන්නට දරුවන් පතන කී දාහක් මේ ලොව තුළ සහ ලංකාව තුළ සිටිනවා ද කියා. ඇයි මේ දරුවන් එවන් කෙනෙකු ගේ අතට පත් කරන්නට අවශ්‍ය ක්‍රමවේදය අමතක කර ඝාතනය වෙනුවෙන් පෙනී සිටින්නේ???????
3.අවසාන කරුණ. මතක තබා ගන්න-ගබ්සාව නීති ගත කිරීම සදහා වළිකන ඊනියා කාන්තා සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් ගේ යටි පෙළ පර්මාර්ථය කුමක්ද කියා. ගබ්සාව නීති ගත කිරීමෙන් ඕනෑම ගැහැණියකට ඕනෑම අකාරයකින් තම දරු ගැබ විනාශ කොට ගත හැකියි. (සාමාන්‍ය පාරිභාෂික වචනයෙන් කියනවා නම් කැමති පරිදි අවලමේ ගොස් බඩක් හදා ගෙන එය විනාශ කර ගැනීම කර ගත හැකියි) පවුල් සංස්ථාව නමැති සමාජයේ මූලික ම ව්‍යුහය විනාශ කරන උපක්‍රමයක්,- එය පනින රිළවුන් ට ඉනිමං බැදීමක්. අපේ සමාජයේ මූලික ව්‍යුහය විනාශ කොට අක් මුල් නැති පරම්පරාවක් ජනිත කොට, ස්වකීය වෙළද අදහස් මුදුන් පත් කර ගැනීමේ කුමන්ත්‍රණයක් පවතින බව ඔබ නොදන්නවාට අප දන්නවා. මෙයත් එහි ම කොටසක්. අපේ කාන්තාව අවිචාරවත් කිරීම හරහා පවුල් පද්ධතිය විනාශ කිරීම මෙම "වල් බූරු නිදහස" දීමේ මුඛය පරමාර්ථයයි.ඔබ වගේ සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ පුද්ගලයෙක් මේ වගේ මතයක් දැරීම අතිශය භයානකයි යනුවෙන් පටන් ගැන්මේ දී ම මා කීවේ ඒ නිසායි.
නියමිත වූ සමාජමය කතිකාවතක් තුළින් පැණයට නියමිත විසදුම සොයන්නේ නැතිව, සුදුසු විකල්ප ක්‍රමවේද පිළිබද කිසිදු කථාවක් නොකොට, තරුණ ජනතාව ආරක්ෂිත වූ ලිංගික ක්‍රියාවලීන් සදහා යොමු කිරීමේ වැඩසටහන් හෝ ක්‍රියාවලීන් පිළිබද විශ්වාස නොකොට, තම දැණුම සහ අවබෝධය සමාජයේ නැණස පෑදීමට යොදවනවා වෙනුවට ඝාතනය ම පිළිතුර ලෙස දකින ඔබ වැන්නවුන්,වෛද්‍ය වෘත්තිකයන් හෝ සෞඛ්‍ය සේවකයන් වීම පිළිබද ව අහෝ මම මාගේ හිස ලැජ්ජාවෙන් සගවා ගනිමි!!!!