මරුටි සහ බලාපොරොත්තු!!!

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එක හුස්මට පිඹ ගෙන ආපු බස් එක පෑලියගොඩ ගුවන් පාලම උද නතර උනේ තවත් යන්න පාරේ ඉඩ නැති නිසා.ජනේලේ ගාව වාඩි වෙලා හිටපු මම කැළණි ගග දිහා බැලුවේ හේතුවක් නැතුවමයි.ෂාහ්!!ගිනි බෝලයක් වගේ ගග පැත්තෙන් ඉර නැගගෙන එනවා.බස් එක තවත් ඉස්සරහට ගියා.නවලෝක පිට්ටනියට මෙහායින් මරුටි කාර් පුරවලා.නිල පාට...කහ පාට..රතු පාට..බලන්න ලස්සනයි.මම ලග හිටපු මනුස්සය දිහා බැලුව.මිනිහ බර කල්පනාවක.

    "අර බලන්නකෝ කාර් ගොඩ!!" මම මිනිහට ඇහෙන්න කිවා.එත් මම මිනිහගෙන් බලාපොරොත්තු උන තරම් ප්‍රතිචාරයක් නම් ලැබුනේ නෑ.ඕනවට එපාවට ජනේලෙන් බලපු මේ මනුස්සය බොහොම අපුරු කතාවක් කිව්වා.

    "ඔය කාර් ටික ඔක්කොම තව ටික දවසකින් පාරට වැටෙයි.එතකොට පරක්කු වෙන්නේ හැමදාම බස් එකේ ගාටන අපිටමයි."

    මේ කතාවෙන් මම පුදුම වුනා.මිනිහ දිහා බලපුවම මම කරුණු ටිකක් ටක්කෙටම දැන ගත්ත.අතේ තිබුන ෆයිල් එක දෙපාර්තමේන්තුවක එකක්.ඒ කියන්නේ මිනිහ රාජ්‍ය සේවකයෙක් වෙන්න ඕන.අතේ මුද්දක් තිබුන බවට පැල්ලමක් තියෙනවා.එත් මුද්ද නැහැ.ටික දුරක් ගිය හැටියේම හොදටම නිදි කිරා වැටෙනවා.ඇහැරුන ගමන් කේන්තියෙන් වෙලාව බලනවා.මම මේ මනුස්සයාගේ ජීවිතේ ගැන මොහොතක් අනුමාන කළා.

    හැමදාම උදේට කඩවත හන්දියෙන් බස් එකට නගිනවා ඇති.එතන ඉදන් එක සීරුවට ට්‍රැෆික් එක.හැමදාම වැඩට
    යනකොට රතු ඉර ගහලා...බොස් ගෙන් හොදටම බැනුම්.වැඩ ටික කවර් කරලා ඕෆ් වෙනකොට 5 විතර වෙනවා ඇති.ගෙදර යනකොට හොදටම රෑ වෙලා.දරු මල්ලෝ..බිරිඳ එක්ක සතුටින් ඉන්න ආස උනත් කොහෙද එකට වෙලාවක්.

    පොඩියට හරි වාහනයක් ගන්න කියල හැමදාම බිරිදගෙන් කරච්චලේ.අතේ තිබ්බ මුද්දත් උකස් කරලා ළමයින්ට ඉගැන්නුවේ.කොහෙන්ද ඒවාට සල්ලි හොයන්නේ!! මරුටි
    කාර් වල ගාන අඩු වෙලා.ඔෆිස් එකේ හැමෝම කාර් පොඩ්ඩක් ගන්න ට්‍රයි එක.එත් බැංකුවේ තියෙන සොච්චමෙන් කොහොමද කාර් ගන්නේ.හැමදාම මේ කාර් ගොඩ දකින කොට මතක් වෙන්නෙම තවත් පරක්කු වෙලා රස්සාවට යන්න උනොත් මුළු ජීවිතේම පස්සට යන බව විතරයි.
    මම මෙහෙම කල්පනා කර කර යන අතරේ බස් එක කොටුවට ආවා.

    "කොටුව බහින්න..කොටුව බහින්න. ආයේ
    නවත්තන්නේ අනිත් පැත්තේ." කොන්දොස්තරගේ යකඩ හඳට ගැස්සිලා ඇහැරුණ මනුස්සය දඩි බිඩි ගාල බස් එකෙන් බැහැ ගත්ත.අතේ තිබුන බෑග් එකයි ෆයිල් එකයි උස්සගෙන 138 බස් එකක් පස්සේ දුවගෙන ගිය ම්නිහ මට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරලා නොපෙනී ගියා.

    මේක මට සිද්ධ උන ඇත්ත කතාවක්.අපි හැමෝටම මේ වගේ කතා තියෙනවා.අපි ලගින් ඉන්න බොහොම දෙනෙකුට රසවත් කතා තියෙනවා.එකම දේ අපි ඒවා බෙදා හදා ගන්න අකමැතියි.හැබැයි එහෙම ඉදල හිටලා හරි හම්බෙන කතාවලින් ලෝකප්‍රකට නිර්මාණ රාශියක් බිහි කර ගන්න පුළුවන්.මම එළකිරි එකෙත් ඒ වගේ අපුරු කතා ගොන්නක් දැකල තියෙනවා.ඒ දේවල් බෙදා ගත්තු,ඒ අයගේ හිත හදපු හැමදෙනාටම ස්තුතියි.









    හොද නම් රෙපක් දාල කොමෙන්ටුවකුත් දමා යන්න.

    Lassana nirmanayak wagema awalassana eththak....
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    මේක බොහොම වැදගත් පැත්තකට යන බවක් පේනවා.රෙප් දීපු හැමෝටමත් කොමෙන්ට් කරපු හැමෝටමත් ස්තුත්යි!!!!
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    sulu job ekak karala........wadak naa machan......Rs 30K gaththath wadak naa......!!! Badala lamai 1-2 itiyoth sorima thamai.......!!

    Single inna kota owa therenna.......!!! marry kalama sorry . com......me & my wife brings home about 80K but still struggles in life......!

    if you don't have own house & you don't have an capital.....life is suck in CMB.....!!! what you earn is enough to live an month..not more then that...!!! everything is expensive.

    still single...you make me afraid maan...:lol::lol::lol:
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    ඇත්ත කතාව.:yes::yes:
    ඉස්සර අපේ ගමේ වාහනයක් තිබ්බේ ගමේම එක්කෙනෙක්ටයි. ඉතින් අපි හදිස්සියක් වුනාම ඒ වාහනේ තමයි වැඩ වලට ගන්නෙ.. අද වෙද්දි වාහනයක් නැති ගෙදරක් නැත්තෙම නැති ගානට.. සමහර පවුල් වල අයට එක්කෙනාට එක ගානේ වාහන 3,4.. එක වාහනේක යන්න පුලුවන් ගමන එක එක්කෙනා වෙන වෙනම තනි තනියෙන් යනවා (ලොකු කම පෙන්නන්න) හැබැයි ඔය හැම එකක්ම පාරෙ හිර වුනාම දුප්පත් අපි තමයි තැලෙන්නෙ.. මම නම් පුලු පුලුවන් වෙලාවට බයික් එකේ යද්දි පාරෙ ඉන්න කෙනෙක්ව බලල දාගෙන යන්න පුරුදු වෙලා තියෙනවා. සමහරැ රෑ 10,11 ටත් බස් එනකල් බස් හෝල්ට් එකේ ඉන්නවා. ඒ අයට කුලී වාහනයක යන්න තරම් වත්කමක් නැහැ.. ඒත් පයින් යන්නත් බැහැ දුරයි. ඒ වගේ වෙලාවට හරි අසරණයි. අපිත් ඔය කට්ට කෑවා..සමහර වෙලාවට තාමත් කනවා. ඒක නිසා කට්ටෙ රසේ දන්න නිසා පුලුවන් විදිහට පුලුවන් තරමින් හැමෝටම උදව් කරගෙන යහපත් විදිහට ඉන්නවා..
    කතාවට රෙප් +5 මගෙන්

    oya katta apith kanawa machang.yaana waahana ada thibila heta nathi wenna puluwan.eth manussa kama hamadaama thiyenawa.ekai watinne.a very good reply.respect
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    අපේම ආත්මාර්තකාමිබව හින්දා තමයි ඔය. දැං ඡන්දෙ දෙන්නෙ ඡන්ද අපේක්ෂකයා රටට මොකද්ද කරන්නෙ කියලා බලලා නෙමෙයි, තමන්ට උගෙන් මොකද්ද කරගන්න පුලුවං කියලා බලලා. ඡන්දෙ ඉල්ලන්නෙත් එහෙමයි. ඉතිං මේ තියන තත්වෙ ඇති වෙන එක පුදුමයක් නෙමෙයි.

    :yes::yes::yes::yes::yes:
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    අනේ බන් අද කාලෙ කාර් වල යනවට වඩා හොඳයි පරක්කු වෙලා හරි බස් එකේ යනවා, එහෙමත් නැත්තන් පාපැදියකින් යනවා, (එතකොට නම් ඉතින් සැහෙන උදෙන් වැඩට යන්න වෙනවා මොකද යන්නේ හිමින් නිසා, එත් සමහර බස් යන වේගෙත් එක්ක බලද්දී පාපැදියකින් යනවා ඉක්මන් කියල හිතෙන වෙලාවල් අනන්තවත්, පාපැදියකින් යන එන එක තමන්ගේ fitness එකටත් හොඳයි කියල තමයි මම හිතන්නේ.) මොනවා උනත් දිනෙන් දින ඉහල යන ඉන්ධන මිල දකින කොට මිනිස්සුන්ට පෞද්ගලික වාහන වල යෑම එපා වෙනවා. මරුටි තියන අයට උනත් ඒවා අරන් නඩත්තු කරන්න අමාරු වෙනවා. එවෙලෙට ඔය කොයි කව්රුත් කරන්නේ ආණ්ඩුවේ උදවියගේ අම්ම අප්පා මතක් කරන එකනේ. මෙව්වා ඉතින් සාමාන්‍ය දේවල් ......:lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    monawada kiyapan waraddagena thiyenne??? :P
    රජයේ දෙපාර්තුමෙන්තු වල වැඩ කරන අය 5 වෙනකං ඉන්නෙ නෑ. 4.30 වෙද්දි බස් එකට නැගලා ඉවරයි. :P

    බස් වල තරමක දුර යන කට්ටිය කොහොමත් රත්තං බඩු දාගෙන ඉන්නෙ නෑ. හොරකමටත් වඩා බස් එකේ වැටෙන්න පුලුවං හින්දා. විශේෂයෙන්ම නිදිකුම්බරයන් :P

    රජයේ දෙපාර්තුමෙන්තු වල රතුඉර පැන්නා කියලා බනින බොස්ලා ඉතාමත්ම අඩුයි. මොකද බොසා එන්නෙත් රතු ඉර පැන්නාට පස්සෙ :P

    වාහනයක් ගන්න පුලුවං තත්වයේ රජයේ සේවය කරන අයට මරුටි ගන්න ඕනෙ නෑ. permit හම්බෙන හින්දා ඊට වඩා හොඳ වාහන ගන්නෙ. :D