එක හුස්මට පිඹ ගෙන ආපු බස් එක පෑලියගොඩ ගුවන් පාලම උද නතර උනේ තවත් යන්න පාරේ ඉඩ නැති නිසා.ජනේලේ ගාව වාඩි වෙලා හිටපු මම කැළණි ගග දිහා බැලුවේ හේතුවක් නැතුවමයි.ෂාහ්!!ගිනි බෝලයක් වගේ ගග පැත්තෙන් ඉර නැගගෙන එනවා.බස් එක තවත් ඉස්සරහට ගියා.නවලෝක පිට්ටනියට මෙහායින් මරුටි කාර් පුරවලා.නිල පාට...කහ පාට..රතු පාට..බලන්න ලස්සනයි.මම ලග හිටපු මනුස්සය දිහා බැලුව.මිනිහ බර කල්පනාවක.
"අර බලන්නකෝ කාර් ගොඩ!!" මම මිනිහට ඇහෙන්න කිවා.එත් මම මිනිහගෙන් බලාපොරොත්තු උන තරම් ප්රතිචාරයක් නම් ලැබුනේ නෑ.ඕනවට එපාවට ජනේලෙන් බලපු මේ මනුස්සය බොහොම අපුරු කතාවක් කිව්වා.
"ඔය කාර් ටික ඔක්කොම තව ටික දවසකින් පාරට වැටෙයි.එතකොට පරක්කු වෙන්නේ හැමදාම බස් එකේ ගාටන අපිටමයි."
මේ කතාවෙන් මම පුදුම වුනා.මිනිහ දිහා බලපුවම මම කරුණු ටිකක් ටක්කෙටම දැන ගත්ත.අතේ තිබුන ෆයිල් එක දෙපාර්තමේන්තුවක එකක්.ඒ කියන්නේ මිනිහ රාජ්ය සේවකයෙක් වෙන්න ඕන.අතේ මුද්දක් තිබුන බවට පැල්ලමක් තියෙනවා.එත් මුද්ද නැහැ.ටික දුරක් ගිය හැටියේම හොදටම නිදි කිරා වැටෙනවා.ඇහැරුන ගමන් කේන්තියෙන් වෙලාව බලනවා.මම මේ මනුස්සයාගේ ජීවිතේ ගැන මොහොතක් අනුමාන කළා.
හැමදාම උදේට කඩවත හන්දියෙන් බස් එකට නගිනවා ඇති.එතන ඉදන් එක සීරුවට ට්රැෆික් එක.හැමදාම වැඩට යනකොට රතු ඉර ගහලා...බොස් ගෙන් හොදටම බැනුම්.වැඩ ටික කවර් කරලා ඕෆ් වෙනකොට 5 විතර වෙනවා ඇති.ගෙදර යනකොට හොදටම රෑ වෙලා.දරු මල්ලෝ..බිරිඳ එක්ක සතුටින් ඉන්න ආස උනත් කොහෙද එකට වෙලාවක්.
පොඩියට හරි වාහනයක් ගන්න කියල හැමදාම බිරිදගෙන් කරච්චලේ.අතේ තිබ්බ මුද්දත් උකස් කරලා ළමයින්ට ඉගැන්නුවේ.කොහෙන්ද ඒවාට සල්ලි හොයන්නේ!! මරුටි කාර් වල ගාන අඩු වෙලා.ඔෆිස් එකේ හැමෝම කාර් පොඩ්ඩක් ගන්න ට්රයි එක.එත් බැංකුවේ තියෙන සොච්චමෙන් කොහොමද කාර් ගන්නේ.හැමදාම මේ කාර් ගොඩ දකින කොට මතක් වෙන්නෙම තවත් පරක්කු වෙලා රස්සාවට යන්න උනොත් මුළු ජීවිතේම පස්සට යන බව විතරයි.
මම මෙහෙම කල්පනා කර කර යන අතරේ බස් එක කොටුවට ආවා.
"කොටුව බහින්න..කොටුව බහින්න. ආයේ නවත්තන්නේ අනිත් පැත්තේ." කොන්දොස්තරගේ යකඩ හඳට ගැස්සිලා ඇහැරුණ මනුස්සය දඩි බිඩි ගාල බස් එකෙන් බැහැ ගත්ත.අතේ තිබුන බෑග් එකයි ෆයිල් එකයි උස්සගෙන 138 බස් එකක් පස්සේ දුවගෙන ගිය ම්නිහ මට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරලා නොපෙනී ගියා.
මේක මට සිද්ධ උන ඇත්ත කතාවක්.අපි හැමෝටම මේ වගේ කතා තියෙනවා.අපි ලගින් ඉන්න බොහොම දෙනෙකුට රසවත් කතා තියෙනවා.එකම දේ අපි ඒවා බෙදා හදා ගන්න අකමැතියි.හැබැයි එහෙම ඉදල හිටලා හරි හම්බෙන කතාවලින් ලෝකප්රකට නිර්මාණ රාශියක් බිහි කර ගන්න පුළුවන්.මම එළකිරි එකෙත් ඒ වගේ අපුරු කතා ගොන්නක් දැකල තියෙනවා.ඒ දේවල් බෙදා ගත්තු,ඒ අයගේ හිත හදපු හැමදෙනාටම ස්තුතියි.
![]()
![]()
හොද නම් රෙපක් දාල කොමෙන්ටුවකුත් දමා යන්න.
Lassana nirmanayak wagema awalassana eththak....






